නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Tuesday, November 26, 2013

මහාපොළ / ශිෂ්‍යාධාර සටන ජපුරෙන් ඇරබේ

  මහපොළ හා ශිෂ්‍යාධාර මුදල රු.5000ක් දක්වා වැඩි කර ගැනීමේ සටන අද දින(26) ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආරම්භ විය. එහිදී මහාපොළ හා ශිෂ්‍යාධාර මුදල රු.5000 දක්වා වැඩි කරනු යන ඉල්ලිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්  උද්ඝෝශණය ක්‍රියාතමක විය. 

2005 වසරේ සිට මේ වන තෙක් මහාපොළ හෝ ශිෂ්‍යාධාර මුදල් කිසිදු මුදලකින් වැඩි කර නොමැති අතර මෙම වසරට උසස් අධ්‍යාපනය සදහා අයවැයෙන් වෙන් කල මුදලද ගිය වසරට සාපේක්ශව රු. මිලියන 2269කින් කප්පාදු කර ඇත.2005 වසට සාපෙක්ශව මහාපොළ හා ශිෂ්‍යාධාර මුදල් මේ වන විට රු.5000ක් පමණ විය යුතු අතර මෙවර අයවැයෙන්ද කිසිදු මුදලක් වැඩි කර නොමැත. 

Monday, November 25, 2013

මෙවර අයවැය අධ්‍යාපනය කප්පාදු කරයි

මෙවර අය වැය සම්බන්ධව විවිධ කතා බහ ඇති වී ඇත. සමස්ථ අයවැයම අර්බුධයක් බව ඒ අතර ඇතමෙක් පවසා ඇත. සෞක්‍ය, අධ්‍යාපනය, ආර්ථිකය මෙවර අයවැයෙන් වැඩි වශයෙන් අර්බුධයට ලක්ව ඇත. උසස් අධ්‍යාපනය නගා සිටුවීමට වෙනුවට මෙවර අය - වැය මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපනය කප්පාදු කිරීම‍ට පියවර ගෙන ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. වර්ෂ 2013දී රුපියල් මිලියන 12413ක් වූ ප්‍රාග්ධන වියදම මෙවර අය-වැය මගින් රුපියල් මිලියන 10144 දක්වා එනම් මිලියන 2269කින් කප්පාදු කර ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසීය.

ඇත්තටම අධ්‍යාපනය විකුණනවාද? - සංජීව චෝදනා කරයි

පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම අරභයා මේ මොහොත වන විට නැවතත් සංවාදයක්‌ ගොඩනැගී ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මේ පිළිබඳව දැඩි විරෝධතාවක නියෑළෙන අතර, උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම තුළින් රටට ආයෝජනයන් ගලා එනවා සේම, මෙරට රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ සංවර්ධනයක්‌ - නවෝදයක්‌ ද ඇතිවිය හැකි බවය. මේ එස්‌. බී. දිසානායක අමාත්‍යවරයා හා ඊට එරෙහිව විරෝධතා සංවිධානය කරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර අතර ඇතිවූ සංවාදයයි.

ප්‍රශ්නය - පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුව මොහොතේ රජය ශිෂ්‍යයන්ට ලබාදුන් නිවාඩුවට ඔබ වෙනත් අර්ථකථනයක්‌ සපයනවා. අපි එතැනින් පටන් ගමු.

ඇත්තටම අධ්‍යාපනය විකුණනවාද? - එස්‌ බී පැහැදිලි කරයි

පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම අරභයා මේ මොහොත වන විට නැවතත් සංවාදයක්‌ ගොඩනැගී ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මේ පිළිබඳව දැඩි විරෝධතාවක නියෑළෙන අතර, උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම තුළින් රටට ආයෝජනයන් ගලා එනවා සේම, මෙරට රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ සංවර්ධනයක්‌ - නවෝදයක්‌ ද ඇතිවිය හැකි බවය. මේ එස්‌. බී. දිසානායක අමාත්‍යවරයා හා ඊට එරෙහිව විරෝධතා සංවිධානය කරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර අතර ඇතිවූ සංවාදයයි.

Friday, October 18, 2013

----කොලොම්පූර්---------

colombo





















කැලැත්තෙන හිතුවිලි මතින්
තාර හැලිලා ජීවිතේ
ගෙන්දගම් පොලොවේ අගුලු ලෑ
සොයනවා අපි මාවතේ........

බතක අරුමැසිලවතුර හොදි මත
ජීවිතේ සේ පාවෙලා යති.....
කුසෙහි ගිනි මිස
නිසි පිරිය නෑති
එහෙත් අල සේ ඔහේ ගිලගති....

Sunday, October 13, 2013

ඇණ තිබේ තොග පිටින්

iusf











(සෞදියේ දී ඇණ ගසා පීඩාවට ලක් කළ ලාංකේය ස්ත්‍රියකි)
-මේ ඒ ඇසුරින් ලියවුණු කවියක් නොවේ. වෙළඳ දැන්වීමකි.

සෞදියේ නැත්නම්
ඇනවුම් කරන්න
සවුදිය පුරමින්
අපි ගැසු ඇණ තිබේ
තොග පිටින්

මෙතෙක් පැවති සියලුම සමාජවල ඉතිහාසය පංති අරගලවල ඉතිහාසය වේ-"කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය"

communist party propaganda
"කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය"

'ධනපතියෝ සහ නිර්නයෝ' මෙතෙක් පැවති සියලුම සමාජවල ඉතිහාසය පංති අරගලවල ඉතිහාසය වේ.

නිදහස් මිනිසා සහ වහලාද, කුලීනයා සහ පොදුජනයාද, රදලයා සහ ප්‍රවේණි දාසයාද, ශ්‍රේණි හිමියා සහ ජ්‍යෙෂ්ඨ ආධුනිකයා ද පැහැදිලිව කීවහොත් පීඩකයා(පාලකයා) සහ පීඩිතයා(පාලකයාගේ පාලනයට යටත් වන්නා) එකිනෙකට විරුද්ධ නියත ලෙස නැගී සිට,වරෙක සැඟවුණා වූ ද, වරෙක විවෘත වූ ද සටනක්,එක්කො මුළුමහත් සමාජයම විප්ලවවාදී ලෙස ප්‍රතිනිර්මාණය කිරීමෙන් අවසන් වූ,නැතිනම් සටන්කරන පංතීන්ගේ පොදු විනාශයෙන් අවසන් වූ සටනක් නොකඩවාම කරගෙන ගියහ.

ඒ අපූරු වූ සුවඳේ කතාන්දරය


senkottan


















"ඉගෙනගනිං මගේ පුතේ, හරි දේ ඉගෙනගනිං. අකුරුත් එක්ක ම ගහ-කොළ, සතා-සිව්පාවා, අවුව-වැස්ස.... ආන්න ඒවත් ඉගෙනගනිං. මිනිහෙක් වෙයං උඹේ ආතා වාගේ. මනුස්සකම කියන උතුම් ගුණාංග උඹට පොත්-පත්වලින් හම්බ නූනොත්, එදාට උඹේ 'ආතා' කියන ඒ අහිංසක මිනිහව මතකෙට ගනිං"

සෙංකොට්ටං
ඒ අපූරු වූ සුවඳේ කතාන්දරය
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Saturday, October 12, 2013

චිදම්බරම් පිල්ලේගේ පිළිතුර













අපේ ම දේශයේදී

වහළුන් වන්නට නොහැකිය අපට

නිදා වැටෙමින්…

තවත් භීතියෙන් නොසැලෙමු

නිවට වූවොත්

මේ මිහිමඩල මත

අයුක්තිය තවත් වැඩෙනු ඇත

මවිබිමට අපි දිවිය කැපකරමු

සතුටින්….

හීන ගොඩක් මං දැක්කා



හීන ගොඩක් මං දැක්කා
පාන තියන් මං රැක්කා
හීන වලට වුනි මක්කා
හීන ගොඩම මං වික්කා

නව ලිබරල් ඉරිද පොළට 
දුවගෙන විත් හිටල පෙළට
ඉවසන්නම බැරිම කලට
ගෙවපල්ලකො හීන වලට

Friday, October 11, 2013

මිනීමරුවනි !














නිවට නොපනත් වහල්කම් තුළ
සිය දහස් වර
මැරි මැරී උපදින්නට
අපට වුවමනා නැත
ද්‍රෝහියනි,
තොපට එරෙහිව
උදාර මවුබිම වෙනුවෙන්
නිදහස
යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන්
රණබිමට වැද
දිවි පිදීමට ලැබීමත්
අපට වරප්‍රසාදයකි
මරණය ඒකාන්ත වූ දේශයේ
අළුගෝසුවනි
තොපේ කුණු ජීවිතවල
අවසාන රාත්‍රිය නිදන්නට
දැන් ඉතින් සැරසියව්!

චන්ද්‍රකුමාර වික්‍රමරත්න

Wednesday, October 9, 2013

නේවාසිකාගාර නොදීමට එරෙහිව මහපොලොවේ නිදාගැනීම...


කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර අරගලය මේ වන විට මසකට ආසන්න වෙමින් පවතී. සිසුන් තවමත් මේ පිළිබද පාලකයන්ට විවිධ ආකරයෙන් සිය විරෝධය පළකරමින් සිටී. මෙහි දැක්වෙන්නේ 2013-10-09 වන දින රාත‍්‍රියේ. උසාවි නියෝගය අනූව මෙතෙක් ඔවුන් රුදී සිටි ශිෂ්‍ය මධ්‍යස්ථානයෙන් (ජිම් ආපනශාලාවෙන් ඉවත්ව කැලණිය විශ්වවිද්‍යාලයයේ තෙල් බැම්මේ රාත‍්‍රිය පහන් කළ ආකාරයයි. බිහිරන්ට ඇහෙන්නට විශාල ශබ්දයක්  ඕනෑ කර තිබේ. යනුවෙන් ඇති සුප‍්‍රසිද්ධ ප‍්‍රකාශනය අනූව කියවෙන පරිදි මෙකී බිහිරි පාලකයන්ට කුමන ආකාරයෙන් කීවද ඔවුන්ගේ මේ සදහා එකම ප‍්‍රතිචාරය මර්දනය පමණි. විශ්වවිද්‍යාලයේ වැඩ අංශයේ වාහන අංගනය නේවාසිකාගාරයක් ලබා දෙන තුරු සිසුන්ට රැදී සිටීම සදහා සිසුන් අවසන් වශයෙන් ඉල්ලූවත් පාලකයන්ට තම වාහන සිසු ජීවිත වලට වඩා වටිනා බව පසක් කරමින් එයට විරුද්ධ විය.

ඡායාරූප නැරබීයිමට


ඉතිං අපි බඳිනවා....













කේක් එක රෙජිෆෝම්ල, ටජ්මහල සුන්දර ය
කාරෙකට පහළොවයි බෙන්ස් ඊටත් වැඩි ය
සුජාතා නංගිගෙනි මල්කළඹ දොළහකට
සාරියට තිස් පහයි, වර්ක් එක නම් වෙනම

ප්ලේට් ගාණෙං එහා ෂේප් නැති හෝටලයෙ,
ලාබ වෙල්කම් ඩ්‍රින්ක් සමග සෙටිබැක් නොමිලෙ
පෝරුව දල අෂ්ඨක ද, බෙර ද, ජය මංගලම්,
නැවුම් මල් සැරසිලි ද 'පැක්කේජ්' ය ගිනි ගණං

Sunday, October 6, 2013

ජිම් එකේ බල්ලන් පූසන් සමග නිදාගන්නා අපට සිතාසි...


ඔවුහු පළමුව කළේ තෙල් බැම්ම කඩා බෝ පැළයක් සිටුවීමය. අනේ සාදු කියමින් බොහෝ අය ඉන් තුටු වූහ. තවත් නම් ඉතින් තෙල් බෙදන්න තෙල් බැම්මක් නැති නිසා ඉන් පසු පිනක් දහමක් කරගෙන ITN එකේ තෙලට අනූව නැටවෙන විශ්වවිද්‍යාලයක් බිහිවනු ඇත”යි සිතමින් ඔවුහූ බෝධිපූජා සංවිධානය කළහ. ඔවුන් එසේ පින් රැස් කරගන්නා අතරේ විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ නේවාසිකව සිටි සිසුන් එලියට ඇද දැමීමට වරම් ලබා ගත්තේය. නමුත් සිසුන්ට මතු වූයේ තම ජීවිත පිළිබද අවධානමකි. ඒ නිසා සිසුහු ඊට එකහෙලාම විරුද්ධ විය. මේ අතර කන්නන්ගර නේවාසිකාගාරයේ සිසුවියන් 1200 න් 400ක් ගෙනවිත් හිස් කරන ලද නේවාසිකාගාරයේ ගාල් කරවීය. ඉන් සිසුවියන් 800 කට නේවාසිකාගාර අහිමි විය. ඉතිරි 400ට ද ලැගුම් ගන්න සිදුවූයේ පිරිමි ළමන් සදහා සකස් කර වැසිකිලි, කැසිකිලි ආදී පහසුකම් තිබූ නේවාසිකාගාරයක ය. 

පින්කරන උතුමෝ මෙසේ සිසුන් සිසුවියන් පීඩාවට පත් කරද්දී ඊට එරෙහිවූ විට පාලක පින්වතුන් ලබා දුන්නේ සිසුන්ට පන්ති තහනම්, ශිෂ්‍ය භාවය අත්හිටුවීම් සහ නඩු හබ සමගින් පොලිස් තර්ජනය. මෙසේ කන්නන්ගරයට පැන්නූ සිසුන්ට එදා සිටම දිගින් දිගටම මැර ප‍්‍රහාරයන්ට ගොදුරු වන්නට සිදු විය. ගෙවුනු කාලය තුළ කන්නන්ගරයේ සිටි සිසුන් 400න් 200ක් පමණ අවස්ථා 20 කට වැඩි ප‍්‍රමාණයකදී ප‍්‍රහාරයන්ට ගොදුරු විය. නැවතත් ඔවුන් පීඩාවට පත් විය.

Saturday, October 5, 2013

මගේ රත්තරන්, කියා ඔබට කවුරුන් හෝ කවදා හෝ වරක් හෝ අමතා ඇති............

මගේ රත්තරන්, කියා ඔබට කවුරුන් හෝ කවදා හෝ වරක් හෝ අමතා ඇති. කවුරු නමුත් එසේ ඔබව ඇමතු අය අනිවාර්යයෙන්ම ඔබේ ආදරණීයතම සමීපතමයන් බවට නම් කිසඳු සැකයක් නැත.
”මේ ඉන්නේ රත්තරන් පවුලක්, හැබැයි එහෙම කිව්වේ වෙන මොනවත් හින්දා නෙවෙයි, තාත්තා හැමෝටම............ එකෙන් රත්තරන් බඩු ගත්තා. වැඩ කුලී නැති නිසා ගාණත් අඩුයි”
මේ දිනවල රූපවාහිනියේ විකාශනය වන වෙළඳ දැන්වීමකි. ඔබේ ”රත්තරන් පවුල”, ”රත්තරන් බඩු” වලට සමාන කරපු හැටි පැහැදිලියි නේද? මේ එ වගේ තවත් උදාහරණයක්,

මේ කතාව අම්මෙක් හා දුවක් අතර දුරකථන සංවාදයක, දුවට රැකියාවේ විවේකය නැති නිසා අම්මා බලන්න එන්න විදිහක් නෑ. අම්මා දුවගෙන් අහනවා එතකොට නැන්දගේ ණය ගෙවන්නේ කොහොමද කියලා, දුව කියනවා ඒකටනේ ‘ඊසි කෑෂ්’ තියෙන්නේ කියලා. අම්මාගෙයි දුවගෙයි සම්බන්ධය අතරට ‘ඊසි කෑෂ්’ දීලා දුවගෙන් වැඩිපුර වැඩ ගන්න ධනවාදය ගහපු ගැටේ කොහොමද? එම දැන්වීමේ අවසානයේ අම්මා කියන්නේ ”ඊසි කෑෂ් නිසා දැන් මට මගේ දුව ළඟින් ඉන්නවා වගේ දැනෙනවා” කියාය. මෙතැනදී අම්මාට දුව දැකගන්න තිබූ මානුෂීය අවශ්‍යතාව කිසිම හිරිකිතයක් නැතිව ඊසි කෑෂ් වලින් වසා දමයි.

Friday, October 4, 2013

කැලණි සිසුන් අරලියගහ මන්දිරය දක්වා පා ගමනේ....

kelaniya university students protest
පසුගිය 14 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලයේ කන්නන්ගර පිරිමි නේවාසිකාගාරයට කළ මැර පහරදීමත් සමග ආරම්භ කළ නේවාසිකාගාර අර්බුදය විසදන ලෙස බලකරන අරගලයට දෙසතියක් ගතවීත් නිෂ්චිත විසදුම් හමුවී නැත. ඊට විරෝධය පලකරමින් හා යෝජිත අධ්‍යාපන වෙළද කලාප වලට හා පෞද්ගලික විශ්වවිද්‍යාල ගැසට් පත‍්‍රය අහෝසි කරන ලෙස බලකරමින් හා සිසු මර්දනයට එරෙහිව කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ දැවැන්ත පාගමන කොළඹ කොටුව ලෝටස් වටරවුම දක්වා ගමන් ලදී. ජනාධිපති අතිරේක ලේකම්  වරියක් සමග මාධ්‍ය ආවරණ සහිතව  සාකච්ඡුා ලබාදීමට පොරොන්දු වූ නමුත් එම ස්ථානයට ගිය පසු මාධ්‍ය ආවරණ රහිතව සාකච්ඡුාවට පැමිනෙන ලෙස දැනුම් දෙන ලදී. සිසුන් රැුවටීමත් ,මාධ්‍ය ආවරණ රහිතව සාකච්ඡුාවට යාම ඵල රහිත වීමත් නිසා සාකච්ඡුාව ප‍්‍රතික්‍ෂේප කරන ලදී. මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කිංස්ලි ගුණරත්න සහෝදරයා අවධාරණය කලේ නේවාසිකාගාර අර්බුදය වහා විසදන තුරු සහ අධ්‍යාපන පෞද්ගලීකරණය නවතන තුරු මෙම අරගලය අඛණ්ඩව ක‍්‍රියාත්මක බවයි.


ඡායාරූප නැරබීමට

Wednesday, October 2, 2013

නිදහස් අධ්‍යාපනය යනු ඉබේ පහළවූවක්ද?

අධ්‍යාපනය මිනිසාට කිසිඳු භේදයකින් තොරව ලබා ගැනීමට අයිතියක් ඇත. නමුත් අධ්‍යාපනය ලෝකයේ මුල පටන්ම නිදහසේ ලබා නොදුනි. එය එක් කුලයකට ජාතියකට නැතහොත් පංතියකට එසේ නැතිනම් සමහර අවස්ථාවලදී පිරිමින්ට පමණක් සීමා විණි. නමුත් අධ්‍යාපනය කිසිඳු භේදයකින් තොරව සියලූම මිනිසාට හිමි වන අයිතිවාසිකමක් ලෙස මුල් වරට සිය දර්ශනය තුලින් කාල් මාක්ස් ඉදිරිපත් කරනු ලැබීය.

‘‘ධනේෂ්වර පංතිය කම්කරුවාගේ පැවැත්ම ගැන සැළකිල්ලක් දක්වන්නේ කම්කරුවා ඔවුන්ට අත්‍යාවශ්‍ය නිසාම පමණක් නම්, ඔවුන් කම්කරුවාට අධ්‍යාපනය ලබා දෙන්නේ ද ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලන ප‍්‍රමාණයට පමණක් වීම පුදුමයට කාරණයක් නොවන්නේය.’’(මාක්ස් - එංගල්ස් එකතු කළ කෘති, වොඑම 2, පිටුව 323)

මාක්ස්ගේ මෙකී ප‍්‍රකාශයේ සත්‍යතාව අද අපට වඩා තහවුරු වේ. අද ලංකාවේ පාලකයෝ අධ්‍යාපනය යැයි සිතා සිටින්නේ ඉංග‍්‍රීසි ටිකක් දැනගැනීම, පරිඝණක ටිකක් දැන ගැනීම වැනි සීමිත අධ්‍යාපනයකි. නමුත් අධ්‍යාපනය යනු එවැනි පටු දෙයක් නොව මානව සංවර්ධනය හා බැාදුනු කි‍්‍රයාවලියකි.

ෆ්‍රෙඞ්රික් එංගල්ස් විසින්් මෙම අදහස තව දුරටත් සංවර්ධනය කොට පූර්ණ දර්ශනයක් බවට පත් කෙරිණි.

මේ බැනරයේ ඔබේ අත්සන තැබිය යුත්තේ ඇයි?

kelaniya
මායාවරුන්ගේ ලෝකයක් තුළ මුදල් නැමති මායා යෂ්ටියෙන් කිසිවක්, කිසිම දෙයක්, කිසිම ගුණයක් අතනැහැර ඔබ සතුව ඇති සියලූදේ වෙළ`ද භාණ්ඩයන් බවට පත් වීගෙන යන කාලයක් අප පසු කරමින් සිටිමු. ඔබ කන්නේ මොනවද? අ`දින්නේ මොනවද? ඔබ සිතන්නේ කොහොමද? යන්න පවා තීරණය කරන්නේ ඔබ නොව මෙකී මුදල් නැමති මායා යෂ්ටිය ම`ගිනි. එය හිමිකරුවන් විසින් ඔවුන්ට රිසි පරිදි මුදල් නැමති මයා යෂ්ටිය හසුරුවන විට අප වෙළ`දපොල නැමති ඔවුන්ගේ වේදිකාව තුළ රූකඩ බවට පත් වෙමින් සිටී. 
මෙසේ මිනිසුන් රූකඩ බවට පත්කරමින් ඔවුන්ට සංවර්ධනය නැමති මැජික් පෙන්වමින් ඔවුන් මෙහෙයවන්නෝ පාලක පංතියයි. මිනිසුන්ට සිය රූකඩ ඉරණමෙන් මිදීමට අති එකම අවස්ථාව සෑදෙන්නේ අධ්‍යාපනය තුළිනි. නමුත් අද පාසලේ විශ්වවිද්‍යාලයේ ලබා දෙන්නේ එවන් අධ්‍යාපනයක් නොව කිසිදු හැ`ගීමක් දැනීමක් නැති වහල් රූකඩ බිහිකරණ අධ්‍යාපනයකි. ඒ නිසා කිසිදු ලෙසකින් අපට එය භාර ගත නොහැක. මක්නිසාද යත් අප මිනිසුන් බැවිනි. නිදහස් අධ්‍යාපනය යැයි අප මෙතුවක් කල් කතා කළේ යන්තමින් හෝ මේ සමාජය තුළ කොන්ද කෙලින් තබා ගෙන ජීවත් වීමට පීඩිතයාට ලැබුණු එකම අවස්ථාව ගැනයි.

Monday, September 30, 2013

නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.............


      


මේ දිනවල ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ ඇති වී ඇති අර්බුද සම්බන්ධව ඔබ කවුරුත් දන්නවා ඇති. මේ සම්බන්ධව නොයෙක් පාර්ශවයන් නොයෙක් අදහස් මතවාදයන් පළ කරමින් සිටී. මාධ්‍ය, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල පාලන අධිකාරීන්, දේශපාලන මතධාරීන් ආදී බොහෝ දෙනෙකු  සැබෑ කාරණා යටපත් කර අදහස් දක්වන බව පෙනී යයි. බොහෝ කරුණු විකෘති කර විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ගැන පවා වැරදි රූපයක් මවා තලා පොඩිකර දමා රටේ නිදහස් අධ්‍යාපන අයිතියත් අධ්‍යාපනයේ නිදහසත් රැකගැනීම ලෙයින් ජීවිතයෙන් කැපවීම් කරන ශිෂ්‍ය ප‍්‍රජාවම යටපත් කරන්නට පාලකයන් උත්සහ දරමින් සිටී. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් සැබෑ අර්බුදය නොදන්නා ආදරණීය දෙමව්පියන්ට  සහෝදර සහෝදරියන්ට මෙන්ම සමස්ත සමාජයටම ද නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට ක‍්‍රියාකරන සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පිළිබදව වැරදි වැටහීමක් ලබා දී ඇත. එ ඔබේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ,නිදහස් අධ්‍යාපනය ,රටේ දැවෙන ප‍්‍රශ්න, මහජනතාවට එරෙහි වන අයුරින් ගෙන එනු ලබන පනත් වලට විරුද්ධ වීම , මහජනතාව දැනුවත් කිරීම ආදිය නිසාය. එළඹ තිබෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දැඩිව මර්දනය කරන  කාල වකවානුවකි.

Tuesday, September 17, 2013

සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු

විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය. පා ගමන සඳහා සිසුන් 2000කට අධික පිරිසක් සම්බන්ද වී තිබුනි . පා ගමනට ආරම්භයේ සිටම පොලිස් බදා කිරීම් පැමිනි අතර පොලිස් නිධාරීන් 200 කට අධික පිරිසක් හා කැරලි මර්දන බටයන්ද ජල ප්‍රහාරක රථද යොදවා තිබු අතර පාගමන අවලංගු කරන ලෙස පොලිසිය විසින් මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන තිබුනි.

Wednesday, September 11, 2013

උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය

 පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. ඔහුන් වැඩි දුරටත් කියා සිටියේ හකුලා ගත් පෞද්ගලික විශ්වවිද්‍යාල පනතේ තිබු අරමුනු වලට නීත්‍යානුකූල බාවයක් ලබා දෙමින් ගෙන ආ මෙම අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගන්නා තුරු අකණ්ඩ සටනක නිරත වෙන බවයි.

ගැසට් දවටනයේ ඔතා ගෙනා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගනු-කැලණිය මහා ශිෂ්‍ය සංගමය

ගැසට් දවටනයේ ඔතා ගෙනා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්න ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් අද දින දහවල් විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුනි.

ශිෂ්‍ය ව්‍යාපාරයේ විරෝධය මත හකුලා ගත් පෞද්ගලික විශ්වවිද්‍යාල පනත නැවත වටයකින් අතී විශේෂ ගැසට් පත්‍රයක් හරහා ගෙනවිත් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට නෛකික රාමුවක් ලබා දීමට ආණ්ඩුව උත්සහා දරමින් සිටි. ආණ්ඩුවේ අධ්‍යාපනය සඳහා වූ ප්‍රතිපතිය කඩිනමින් ක්‍රියාත්මක කරමින් දේපල හිමි පන්තියට අධයාපනය වරප්‍රසාදයක් කර අධ්‍යාපනයේ වගකීමෙන් රජය නිදහස් වීමට හැකි සෑම උත්සහයක්ම ගනිමින් සි

Monday, September 9, 2013

අධ්‍යාපන වෙළඳ කලාප පිහිටුවීමට රජයේ සූදානමක්

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වරයා මේ ගැන මාධ්‍යට වාර්තා කර තිබුනේ මෙසේය.

”මෙම නිදහස් අධ්‍යාපන කළාප ඉදිරි අයවැයේ යෝජනාවක් ලෙස ඇතුළත් කිරීමට අපි සලකා බලනවා. මෙහිදී, පුද්ගලික ආයෝජකයෙකුට මෙවැනි නිදහස් අධ්‍යාපන කළාපයක් පිහිටුවීමට අක්කර 100 ක පමණ ඉඩමක් රජයෙන් ලබාදීමටයි සැලසුම් කර තිබෙන්නේ. එම ආයෝජකයාට පුළුවන් එම කළාපයට විදේශීය විශ්ව විද්‍යාල ගෙන්වා ගැනීම, පුද්ගලික අංශය සම්බන්ධ කරගනිමින් නේවාසිකාර, ක‍්‍රීඩා පිටි වැනි පහසුකම් දියුණු කිරීම එහි කරන්න.”

එක්ව මිනී මරා තනි තනිව බේරීම...

කාගේ හෝ උවමනාවකට මිනියක් මැරීමට plan කරන සමුහයක් හිතන ආකාරය හිතන්න. ඔවුහු තමන් කිරීමට සැරසෙන්නේ අපරාධයක් බව දනිති. එම අපරාධය එළිවුවහොත් තමනට දැඩි අවාසි සිදුවිය හැකි බව දනිති. සමාජයෙන් කොන් වීමට සිදුවන බව දනිති. හිරේ විලංගුවේ වැටීමට සිදුවන බව දනිති. නමුත් කෙසේ හෝ මිනිය මරා ඒ පිළිබඳව රහසක් සේ තබා ගැනීමට හැකිවුවහොත් එම අවාසීන්ට වඩා ලැබෙන දැඩි වාසි පිලිබඳ සිහින මවමින් ඔවුන් තම ගොදුර කරා ඇදෙති. ඇතිවිය හැකි අවාසි සහගත තත්වයන් පිළිබඳවත් එම තත්වයන්හිදී කටයුතු කලයුතු ආකාරය පිළිබඳවත් ඔවුන් එක්ව සාකච්චා කරති. එසේ සාකච්චා කර ඇතිවිය හැකි සෑම ගැටළුවකටම පිළිතුරු සුදානම් කර ගනිති. ඔවුන් සියළු දෙනාගේ ගැලවීම තීරණය වන්නේ සියලුම දෙනාගේම ක්‍රියාකාරිත්වය මත බව දන්නා ඔවුන් සියල්ල රහසක් සේ තබා ගැනීමට එකඟ වෙමින් මිනිය මැරීමට තීරණය කරති. ඒ එම මිනීමරුවන් විසින් පොදුවේ මිනී මැරීමේ තීරණයට එළඹෙන ආකාරයි.

Thursday, August 22, 2013

උපාධිධාරීන්ට දුන් පත්වීම් ලිපි බලහත්කාරයෙන් එකතු කරලා

පසුගිය බදාදා (14) උපාධිධාරීන්ට දුන් පත්වීම් ලිපි ඊයේ නැවත බලහත්කාරයෙන් ලබා ගෙන ඇතැයි උපාධිධාරී මධ්‍යස්ථානය චෝදනා කරයි. මාතර, දෙවුන්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කරන ලද උපාධිධාරීන්ට දුන් පත්වීම් ලිපි මෙසේ නැවත ලබා ගෙන තිබේ.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් උපාධිධාරී මධ්‍යස්ථානය මෙසේ පවසයි.

"වසර 7ක් තිස්සේ උපාධිධාරීන්ට රැකියා නොදුන් ආණ්ඩුව 2012 පෙබරවාරී මස කිසිදු විධිමත් වැඩපිළිවෙළකින් තොරව රැකියා ලබාදුනි. මේ පිළිබද අප දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළද ඇතැම් අය පැවසුසේ කෙසේ හෝ රැකියා දුන්නා වැනි අදහසකි. නමුත් රැකියා ලද උපාධිධාරීන්ට සිදු වූයේ කබලෙන් ලිපට වැටීමකි. මාස 6න් ස්ථිර කරන බවට පොරොන්දු වී බදවාගත් අතර අදට මාස 18ක් ගතවී ඇතත් ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලැබී නැත. තවමත් බහුතරයකගේ මාසික චේතනය රැපියල් 10000ක් වැනි සොච්චමකි.

Monday, August 5, 2013

රතුපස්වල ජනතා උද්ඝෝශණයට එල්ල කල ම්ලේච්ච හමුදා ප්‍රහාරයට එරෙහිව පේරාදෙණිය සිසුන් උද්ඝෝශණයක

රතුපස් වල ජනතා උද්ඝෝෂණයට රජයේ හමුදාව විසින් එල්ල කල මිලේච්ච ප්‍රහාරයට එරෙහිව විරෝධතාවක් අද දින ගලහ හන්දියේදී පේරාදෙණිය සරසවි සිසුන් සන්විධානය කර තිබුනි.

පිරිසිදු පානීය ජලයේ හිම්කම වෙනුවෙන් සටන් කල ජනතාවට එම අයිතිය ලබා දෙනවා වෙනුවට වෙඩි තබා මිනිස් ජීවිත බිලි ගනුමින්, පීඩිත ජනයාගේ සියළු අයිතිවසිකම් වලට පයින් ගසා මහා පරිමාණ සමාගමක ලාබය අරක්ෂා කරමින් ගෙනගිය ආණ්ඩුවේ කෘර ප්‍රතිපත්තිය තරයේ හෙලා දකිමින් සිසුන් විරොධතාවයේ නිරත විය

Sunday, August 4, 2013

සබරේ සිසුන් 17දෙනාත් අධිකරණය හමුවට

UNIVERSITY OF SABARAGAMUWA
UNIVERSITY OF SABARAGAMUWA
සබරගමුව විශ්වවිද්‍යාලයීය පරිපාලන අංශවලට එරෙහිව අධිකරණය ඉදිරියට යාමට ශිෂ්‍යභාවය අහෝසි කිරීමේ දඬුවමට ලක්‌වූ සිසුහු දාහත් දෙනා තීරණය කර ඇතැයි ඔවූහු පවසති.

විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට බැණවැදීමේ සිද්ධියක්‌ පාදක කර ගනිමින් සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කළ බව පරිපාලන අංශ ප්‍රකාශ කළ ද එම සිද්ධිය වන අවස්‌ථාවේ කටුනායක ගුවන්තොටුපළේ සිටි සිසුවකු සේම අසනීප වී නිවෙස්‌වල සිටි සිසුන් කිහිපදෙනකුද දඬුවමට ලක්‌වී ඇතැයිද එයින්ම මෙම චෝදනාව මුසාවක් බව ඔප්පුවන්නේ යැයිද එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු පැවසීය.

විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ශිෂ්‍යභාවය මෙලෙස අහෝසි කර ඇතැයිද මෙම ක්‍රියාවලිය ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවක්‌ මත එස්. බී. දිසානායක ඇමතිවරයාගේ උපදෙස් මත සිදුවන්නක්‌ යැයි ද පවසන සිසුහු මීට මාස දෙකකට පමණ පෙර ශිෂ්‍යභාවය අත්හිටුවන ලද සිසුන් සම්බන්ධ විනය පරීක්‍ෂණ පවා ආරම්භ කිරීමටත් පරිපාලන අංශ කටයුතු කර නැතැයිද සඳහන් කරති.

sorce :- iusfsl.org

Friday, August 2, 2013

කැළණි සරසවි සිසුන් රතුපස්වල ජනතා උද්ඝෝෂණයට එල්ල වූ ම්ලෙච්ච හමුදා ප්‍රහරයට එරෙහිව විදී බසී

kelaniya
kelaniya


රතුපස්වල ජනතා උද්ඝෝශණයට එල්ල කල ම්ලෙච්ච හමුදා ප්‍රහාරයට එරෙහිව කැළණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය විසින් විරෝධතාවක් සංවිධාය කර තිබුනි.

පිරිසිදු පානීය ජලය ලබා දෙන මෙන් ඉල්ලා සිටි අසරණ ජනතාවට රාජ්‍ය අරක්ෂක අංශ ම්ලේච්ච ලෙස වෙඩි තබා ජිවිත බිලිගෙන, මහා පරිමාණ ලාබ ලබන සමාගමක ලාබ ලැබීමේ අයිතිය තහවුරු කිරීමට එරෙහිව සිසුන් තම විරෝධය පල කර සිටියේය.

Monday, July 29, 2013

ශිෂ්‍ය මර්දනයට එරෙහිව පෙළ ගැසෙන්න - දුමින්ද නාගමුව

අධ්‍යාපනය වෙළඳභාණ්ඩයක් බවට පත් කිරීමට විරුද්ධව ශිෂ්‍යයින් ගෙන යන අරගලය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන් පැරදවීමට සියලු දෙනා එක් විය යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
කැලනිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහර දීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධ බවට උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා මෙසේ පැවසීය.
‘‘ශිෂ්‍යයින්ගේ අරගලයේ ප‍්‍රධාන තේමාවක් වෙලා තිබෙන්නේ, ආණ්ඩුව නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණ යටතේ ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරන අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ, එහෙමත් නැත්නම් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කිරීමයි. එම විරෝධය වළක්වන්නයි ආණ්ඩුව ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්නේ.
මේ වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 11දෙනකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබෙනවා. වෛද්‍ය පීඨ සිසුන් 23දෙනකුගේ පන්ති තහනම් කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 23දෙනකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කර තිබෙනවා. මේ ආකාරයට සෑම විශ්වවිද්‍යාලයකම ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්ගේ එක්කෝ ශිෂ්‍යභාවය අහෝසි කර තිබෙනවා, එහෙමත් නැත්නම් පන්ති තහනම් කර තිබෙනවා. මේ මර්දනය දියත් වන්නේ ශිෂ්‍ය ක‍්‍රියාකාරකම් මර්දනය කිරීම ඉලක්ක කර ගෙන.
පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහර දීමත් මෙම මර්දනයේම කොටසක් විදියටයි අපි දකින්නේ. මේ පහර දීමට ආයුධ සන්නද්ධ පිරිසක් සහභාගි වුණා කියලා දැන් තොරතුරු ලැබිලා තිබෙනවා. මේ පහර දීම කළේ ආණ්ඩුවේ අනුදැනුම මත නොවේ නම්, මේ වන විටත් පරීක්ෂණ කරලා, වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කර හමාරයි. කැලණිය සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් එවැනි පරීක්ෂණයක් සිදු නොවීමෙන් පෙනෙන්නේ ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට හෝ ඔවුන් නීතිය හමුවට කැඳවීමට ආණ්ඩුවට වුවමනාවක් නැති බවයි. එහෙමත් නැත්නම් ආණ්ඩුවට අවශ්‍ය ඒ මැරයින් ආරක්ෂා කිරීම බවයි.
ශිෂ්‍යයින්ගේ හා ආචාර්යවරුන්ගේ විරෝධතා නිසා ලංකාවේ අධ්‍යාපනයේ තිබෙන අර්බුදය පිළිබඳව සමාජ සංවාදයක් ගොඩනැඟෙමින් තිබෙනවා. ආණ්ඩුවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ ඒ සංවාදය කෙරෙහි වන සමාජ අවධානය වෙනතකට යොමු කරන්න. ඒ සඳහා තමයි ආණ්ඩුව මෙවැනි සිදුවීම්වල වගකීම විවිධ දේශපාලන පක්ෂ පිට පටවන්න උත්සාහ කරන්නේ.
අධ්‍යාපන පෞද්ගලීකරණය ඇතුළු අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිප්තියට එරෙහිව ශිෂ්‍යයින් ගෙන යන අරගලයේ අරමුණ යුක්තිසහගතයි, සාධාරණයි කියා අපි පිළිගන්නවා. ඒ වගේම ශිෂ්‍ය මර්දනයට එරෙහිවත් අපි පෙනී ඉන්නවා. ශිෂ්‍ය ව්‍යාපාරය මේ අරගලය කරන්නේ ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නිසා මේ අරගලය ආරක්ෂා කරන්න කියා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම අපි ශිෂ්‍ය ව්‍යාපාරයෙනුත් ඉල්ලා සිටින්නේ, අධ්‍යාපන අර්බුදය කියන්නේ නව ලිබරල් ධනවාදයේ එක් ප‍්‍රකශනයක්, අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ගෙන යන අරගලය නව ලිබරල් ධනවාදයට එරෙහි අරගලයක් දක්වා පුළුල් කරන්න. වැඩ කරන ජනතාවට ශිෂ්‍ය අරගලය වෙනුවෙනුත්, ශිෂ්‍යයින්ට වැඩ කරන ජනතාවගේ අරගලය වෙනුවෙනුත් පෙනී ඉන්න පුළුවන් එවිටයි.
වියුක්ත සටන් පාඨ සමගින් කරන සටන් රාජ්‍ය මර්දනය ඉදිරියේ අර්බුදයට යන්න පුළුවන්. පවතින දේශපාලන තත්වය විග‍්‍රහ කර ගෙන සටන් පාඨ පුළුල් කර ගනිමින් පුළුල් සමාජ බලවේගයක් සමග අරගලය පෙරට ගන්න කියා අපි ශිෂ්‍ය ව්‍යාපාරයෙනුත් ඉල්ලා සිටිනවා.’’

Thursday, June 6, 2013

සබරගමුවට එල්ල කල මිලේඡ්ච් ප්‍රහාරයට එරෙහිව රජරට සිසු වීදී බසී



ආණ්ඩුවේ නිල ප්‍රතිපත්තිය වී ඇති අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ ව්‍යාපෘතියේදී ඊට එරෙහිව නිදහස් අධ්‍යාපන අයිතිය සඳහා සටන් වදිමින් සිටින බලවේග මර්දනය කිරීමේ ක්‍රියාවලියේ එක පියවරක් ලෙස සබරගමු සරසවියේ මහා ශිෂ්‍ය සංගමය හා පීඨ ශිෂ්‍ය සංගම් තහනම් කරනු ලැබීය. තවද මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා ඇතුලු ශිෂ්‍ය නියෝජිතයින් 5 දෙනෙකු අත්තනෝමතික පන්ති තනමකට ලක් කරන ලදී. එම අසාධාරණයට එරෙහිව අඛණ්ඩ අරගලයක යෙදෙන සබරගමු සරසවි සහෝදරත්වය මේ වන විට අධ්‍යාපන බලධාරීන් ඇතුළු ආණ්ඩුව විසින් ම්ලේච්ඡ ලෙස මර්දනය කරමින් සිටී. එම මර්දනය නවතා ඔවුන්ගේ ගැටළු විසඳන ලෙස ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණයක් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය මිහින්තලා පරිශ්‍රය ඉදිරිපිටදී අද (04) පැවැත්විණ.රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සංවිධානයෙන් පවතී මෙම උද්ඝෝෂණයට පීඨ 4 ක සිසුන් 1500 කට අධික පිරිසක් එක්ව සිටියහ....

Saturday, June 1, 2013

සබරගමුවේ සිසුන්ට කදුළුගෑස් බැටන් පොලු ප්‍රහාර


සබරගමුව සරසවියේ සිසුන් අද දින කොලඹ- බදුල්ල   ප්‍රධාන මාර්ගයේ පඹහින්න මන්සන්දියේ අරාම්භ කල උපවාසයට පොලීසිය හා ගුවන් හමුදා සෙබළු එක්ව බැටන් පොලු හා කදුළුගෑස් ප්‍රහාරක් එල්ල කර තිබේ.

සබරගමුව සරසවියේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීට ශිෂ්‍ය සංගම් 5 තහනම් කිරීමත් සිසු නායකයින් 4 දෙනෙකුට පැන වූ අසාධාරණ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිසුන් අඛණ්ඩව සටන් කල අතර අද උදෑසන සිසුන් 1000ක පමණ පිරිසක් පඹහින්න මන්සන්දියේ මාරාන්තික උපවාසයක් ආරම්භ කලේය. මෙම උපවසයට පොලිසිය හා ගුවන් හමුදා බටයන් එක්ව කදුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කර සිසුන් 5දෙනෙක් අතඩන්ගුවට ගෙන තිබේ.

Thursday, May 16, 2013

සිසු නායකයට එල්ල කළ මැර තර්ජන වලට එරෙහිව පේරාදෙණිය සිසුන් වීදී බස

පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමේ සභාපති ජනක නිලංග මදුෂාන් සහෝදරයාට එල්ල කල මැර තර්ජනයට විරෝධය පාමින් 15දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විරෝධතාවක් ක්‍රියාත්මක විය.

  මෙහිදී සිසුන්  කියා සිටියේ ආණ්ඩුවේ නිල සුනකයන් විසින් සිදුකරන සිසු නායකයන් පැහැරගඇනීම්, බියවැද්දීම් හා සිසු මර්දනය වහා අවසන් කරන ලෙසය.

වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වූ අධ්‍යාපනය වෙළඳ භාන්ඩයක් කිරීම, අධ්‍යාපනය දේපල හිමි පන්තියට උරුම කර දීම, අධ්‍යාපනයේ වගකීමෙන් රජය නිදහස් වීම හා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම වෙනුවෙන් ඔහුන් ගෙන යන වැඩ පිලිවෙලට ඇති ප්‍රධාන බාධාව ශිෂ්‍ය ව්‍යාපාරය බැවින් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීම ආණ්ඩුව ගෙන යන මෙවැනි ප්‍රචාතන්ත්‍ර විරෝධී ක්‍රියා වලින් ශිෂ්‍ය ව්‍යාපරය මර්දනය කල නොහැකි බවත් ජිවිත දහාස් ගනනක් කැප කර ආරක්ෂා කල නිධහස් අධ්‍යාපන අයිතිය සුරකීමට ඔහුන් නොපසුබට වන බවත් සිසුන් වැඩිදුරතත් කියා සිටියේය.