නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Saturday, October 12, 2013

හීන ගොඩක් මං දැක්කා



හීන ගොඩක් මං දැක්කා
පාන තියන් මං රැක්කා
හීන වලට වුනි මක්කා
හීන ගොඩම මං වික්කා

නව ලිබරල් ඉරිද පොළට 
දුවගෙන විත් හිටල පෙළට
ඉවසන්නම බැරිම කලට
ගෙවපල්ලකො හීන වලට


සාවියකගෙ දෙතොලෙ පිණී
මීවිත මුව අගට ගනී
ජීවිතයෙම හීන පෙනී
භාවිතයෙන් ඉගෙනගනී

හීන නිසා පටලැවිල්ල
ගේනව මට කරකැවිල්ල
වාන උතුර යන යැවිල්ල
හීන ම පිරි දිවි තොටිල්ල

මොකටද හීනෙට කේවල්
එක එක ජාතියෙ දේවල්
දැක රන් තරු මා දාවල්
අකනිටාවෙ මුරකාවල්

කළු ත් අළු ත් සුදු එක්කා
සිලුත් බිඳින හැටි දැක්කා
ගලුත් මලුත් මට මක්කා
අලුත් හීනයක් දැක්කා

විමල් කැටපේආරච්චි

No comments:

Post a Comment