නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Wednesday, October 9, 2013

ඉතිං අපි බඳිනවා....













කේක් එක රෙජිෆෝම්ල, ටජ්මහල සුන්දර ය
කාරෙකට පහළොවයි බෙන්ස් ඊටත් වැඩි ය
සුජාතා නංගිගෙනි මල්කළඹ දොළහකට
සාරියට තිස් පහයි, වර්ක් එක නම් වෙනම

ප්ලේට් ගාණෙං එහා ෂේප් නැති හෝටලයෙ,
ලාබ වෙල්කම් ඩ්‍රින්ක් සමග සෙටිබැක් නොමිලෙ
පෝරුව දල අෂ්ඨක ද, බෙර ද, ජය මංගලම්,
නැවුම් මල් සැරසිලි ද 'පැක්කේජ්' ය ගිනි ගණං


දෙවැනි මල්ලී ගාණෙ 'ඩී. ජේ.' ත් ලාබෙට ය
මහමෙරක වට්ටමකි 'ස්ටෝරි බුක්' එකට
යාළුවෝ අර අයිනෙ, බෝතලුත් ඒ පැත්තෙ
පොඩි මාම බිව්වමයි කට පරිස්සම් නැත්තෙ

මධු සඳින් පෙරාගත් විතක් සේ පින්සාර
මධුසමය දෙදිනකට හතලිහත් පැනලා ය
හීතලේ පණ ගැහෙන උණුහුමක් පැතුවාට
නුවරඑළියට වඩා කිතුල්ගල මිල අඩු ය

සයිකලේ විකුණුවෙත් ආභරණ හින්දා ය
මිම්මටම තැනූවත් මුදුව තරමක් ලොකු ය
සියට දහයකි පොලිය ජස්ටින්ගෙ සල්ලිවල
ආපදා ණය ගත්තෙ මාස තුනකට පෙර ය

ඉතිං අපි බඳිනවා, නො කීවැයි නො කියන්න
සෙනේබර හිතවතුනි, නො වැරදී පැමිණෙන්න
'ඇන්විලොප්' අවැසි නම්, අයියගෙන් ඉල්ලන්න
ස්තූති පත්‍රිකා එක ගාණෙ ගෙනියන්න


සෞම්‍ය සඳරුවන් ලියනගේ
උපුටා ගැනීම - බූන්දි වෙබ් පිටුවෙන්
http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=3720#BM3720

No comments:

Post a Comment