නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Friday, October 18, 2013

----කොලොම්පූර්---------

colombo





















කැලැත්තෙන හිතුවිලි මතින්
තාර හැලිලා ජීවිතේ
ගෙන්දගම් පොලොවේ අගුලු ලෑ
සොයනවා අපි මාවතේ........

බතක අරුමැසිලවතුර හොදි මත
ජීවිතේ සේ පාවෙලා යති.....
කුසෙහි ගිනි මිස
නිසි පිරිය නෑති
එහෙත් අල සේ ඔහේ ගිලගති....


නේක රූ සපු, වෙස් මුහුණු ඈති
ගුවන් පාලම් උඩින් ඇවිදිති
පාර අයිනෙන් ඇපල් ගෙඩි ගෙන
සොපින් උර වල දමාගෙන යති.....

බඩ බසින්නට ජොගින් කරනා
උනුන් මග තොට බුම්මගෙන යති
දෙපා වාරුව නැති මිනිස් රූ
ප්‍රශ්න පත්තර ලෙසේ ඇවිදිති...............

බෙහෙත් විෂ කොට සෑදූ බොයිලර්
කුකුලු පෑටවුන් විගස ලොකු වෙති
මසම මිස හිත කිසි තෙතක් නෑති
ඇගම සොලවා ඔහේ ඈවිදිති......

ලක්ෂ ගණනක්-විස්සෙ මිලකට
කූඩු වල කොටු කරන් විකුණති
අහස් මාලිග-ඉලක්කන් වල
ප්ලෑන් ඇදගෙන-ටිකට් සූරති........
කැළණි ගග හසරැලි නගන්නැති
පෙම් උයන් තෙර පෙම්වතුන් නැති..
ගාලු මුවදොර සුසුම් පවුරකි
සරුන්ගල් ඉකිගසා හිනැහෙති....

ගැටබෙ සුවදේ මතක අහුරින්
කාණු පල්ලෙ කුණු වසා ගමි..
පොලොස් රස හිත යටින් දාලා
පිට්ස බඩියෙන් දෙවුලොවට යති
පින්න වැපිරූ තණ තලාවක්
සිතා උස් පාවහන් පළඳති
ගො එකේ අපි අමරපුරයේ
අරුම විදිනෙමු බලන් ඒ සකි...
-----අනුජ කහදව ආරච්චි-----

No comments:

Post a Comment