නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Wednesday, February 26, 2014

පාලකයිනි, නේවාසිකාගාර අර්බුදය විසඳනු...!

නේවාසිකාගාර අර්බුදය කැලණියෙ අපට අලුත් දෙයක් නෙමෙයි, නමුත් මෙවර කැලණියෙ නේවාසිකාගාර අර්බුදයට තියෙන්නෙ අලුත් මුහුණුවරක් සෑම අවස්තාවකම ශිෂ්‍ය මර්දනය සඳහා පේ වෙලා ඉන්න අපේ පරිපාලනය නැවතත් වැඩ වරද්දා ගත් තැනක්, මෙවර කැලණි සරසවියේ අපට නේවාසිකාගාර ලබාදෙන්න පරිපාලණය ක්‍රියා කරල තියෙන්නේ කුමන පදනමක ඉදලද කියන එක ප්‍රශ්ණයක්, ඔවුන් කියන විදියට මෙවර නේවාසිකාගාර ලබාදෙන්න පදනම ලෙස තෝරගෙන තියෙන්නෙ වාර්ෂික ආදායම. වාර්ෂික ආදායම රැපියල් 45000 ටඅඩු පවුල් වල දරැවන් සදහා මෙවර නේවාසිකාගාර ලබාදීමට ඔවුන් කටයුතු කරල තිබුණ. නමුත් ප්‍රශ්නය ඒක නෙමෙයි මෙම වර්ග කීරීම තුලින් සරසවියට 100km වඩා දුර ඉන්න  අපේ සහෝදරියො විශාල පිරිසකට නේවාසිකාගාර අහිමි වීම. ඒ කියන්නේ අපේ සහෝදරියෝ තමතමන්ගේ දේශන අවසන් වෙලා ත්‍රිකුණාමලයට,මොණරාගලට ආදී වූ තම නිවෙස් වලට යන්න ඕන කියන එකද කියල අපි විශ්වවිද්‍යාල පරිපාලණයෙන් අහපු වෙලාවෙ ඔවුන් ලග අපේ ප්‍රශ්නෙට විසදුමක් නෑකියල අපිට තේරැනා. එම නිසා අපි 2014/02/26 අපේ අයිතීන් දිනා ගන්න මෙන්න මේවිදිහට වීදි බැස්ස.

ගනිව් නැණසිපත් විදන්නට පියාපත්.............


හැමදාම වගේ අලුත් දවසක අරම්බය අරගන එදත්  හිරැකුමාරය කැලණි කනදට උඩින් පෑයුව අපට මතකයි එදා 2014/02/17 කැලණි සරසවි කුමරිය තවත් අලුත් සහෝදර සහෝදරියන් පිරිසක් තම පහසට ගන්න බලාගෙන සිටි මොහොතක්  වෙනද වගේම මහාශිෂ්‍ය සංගමයේ මගපෙන්වීම ඔස්සෙ කැලණි සරසවියේ ජේෂ්ඨ සහෝදරත්වය ඔවුන්ගෙ දාඩිය කදුලු වගුරවල විශාල වශයෙන් මහන්සි වෙලා අලුත් සහෝදරත්වය පිලිගන්න ලොකු තොරණක් ගැහුව, කැවුම් කිරිබත් දීල නවකයන්ට සංග්‍රහ කරා, සමරැඵලක දීල ඔවුන් පිලිගත්ත මේ එදා ඔවුන් හෙලූ දහඩිය කදුලු වල ප්‍රතිඵලයි.




Thursday, February 6, 2014

කන්‍යාවිය කඩතුරාව කඩුව නීතිය


නිදහස් අධ්‍යාපනය රැකීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට පත‍්‍රිකා බෙදූ රජරට සිසුන්ට පංති තහනම් මැර ප‍්‍රහාර වලින් ගැලවී ආරක්ෂාව තහවුරු කරගත හැකි නේවාසිකාගාර ඉල්ලූ‍ කැළණි සරසවි සිසුන්ට මහජනතාව පීඩාවට පත් කළා යැයි පවසමින් නඩු කැඳවලාගගග බීමට වතුර උගුරත් අහිමි වීම නිසා අරගල කල රතුපස්වල ජනතාවට හමුදාවෙන් මරණීය දණ්ඩණය එල්ල වුණා

හොස්ටල්ල මහපොළ පාඨමාලා කප්පාදුව වගේ අත්‍යාවශ්‍ය ප‍්‍රශ්න වලට අපි උත්තර හොයන්න ගියහම  හිතාගන්නවත් බැරි මායාකාරී විදිහකට අපිව නීතිය ඉදිරියේ චූදිතයො වෙනව ඇත්තටම ඒක නම් මාරයි කන්‍යාවියක් තරම් පිරිසිදු නීතිය? නීතිය තරම් පිරිසිදු කන්‍යාවිය? ඇත්තටම ඒ දෙක නම් පුදුම සහගත විදිහට සමානයි මොකද නඩුත් බඩුත් හාමුදුරුවන්ගෙ වෙච්ච ධනපති නීතිය සංකේතවත් කරන්න මේ තරම් සුදුසු සංකේතයක් තවත් නෑ ධනය මූලික වූ සහ පදනම වුණු ධනවාදී තරදියේ සමබරතාවයෙන් පිරිසිදු කන්‍යාවියගේ අපක්ෂපාතීත්වයෙන් කිරා මැන බැලෙන නීතියේ සාධාරණත්වය අප වෙත උදා කර දී ඇති වාසනාව කෙතරම් මිහිරිද?කෙතරම් ආශ්චර්යජනකද?