නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Tuesday, March 4, 2014

අරගල බිමේ නොනැවතී ඉදිරියට

                     
2010 වර්ෂෙය්දි කැලණිය විශ්වවිද්‍යාලයිය පරිපාලනය  විසින් සිදුකරනු ලැබු අත්තනෝමතික බහුභූත නේවාසිකාගාර මාරුව නිසා එයින් පරිපාලනය බලාපොරොත්තු වු පරිදිම හට ගැනුනු නේවාසිකාගාර අර්බුදය (2012/2013) මෙම අධ්‍යන වර්ෂය වන විට බරපතල  ප්‍රතිවිපාක අැතිකර අැත. පරිපාලනය මේ සම්බන්ධ ව අවධානය යොමු නොකරනුයේ එය ඔවුන්ගේ ද අවශ්‍යතාවය වන බැවිනි. මේ වන විට උද්ගතව අැති තත්ත්වය අතිශය බරපතලය. සහා්ෙදරියන් 500ට පමණ අධික ප්‍රමාණයකට නේවාසිකාගාර අහිමි ව මහමගට අැද වැටී අැති අතර ඒනිසා අධ්‍යයන කටයුත ද කරගෙන යාමට නොහැකිව අැත.
                       මේ බව විශ්වවිද්‍යාල පරිපාලනයේ අවධානය යොමු කළ ද ඔවුන් සුපුරුදු පරිදි ම මුනිවත රැක්කහ. ඒබැවින් ඉල්ලීම් දිනා ගැනීමට  බල කරමින් සංකේත උද්ගෝෂණයක පසුගිය 2014-02-26 දින අප නිරත වූ අතර එයට පරිපාලනය පිළිතුරක් ලබා නොදීම හේතුවෙන් නැවත අප අරගල බිමට පිවිසියෙමු . 2014-03-03 දින එනම් අද දින කැලණි සරසවි අර්බුදය පිළිබදව අප මහජනතාවට පැවසිම සදහා සරසවිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවීමු. නේවාසිකාගාර පහසුකම් ලබා දෙනතුරු නේවාසිකාගාර පහසුකම් අහිමි වු සහෝදර ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මධ්‍යස්ථාන අාපනශාලාව තාවකාලික කාන්තා නේවාසිකාගාරය ලෙස භාවිතා කරන අතර අද දින සිට නේවාසිකාගාර අර්බුදය විසෙදන තුරු ඒහි සිටිමින් ඉදිරිෙය්දි විශාල ක්‍රියාමාර්ගවලට යාමට සැලසුම් කොට අැත.

අපගේ ප්‍රධාන ඉල්ලිම්

පාලකයිනි

  • සැලසුම් සහගත ලෙස නිර්මාණය කළ නේවාසික අර්බුදය වහා විසදනු
  • සියලුම සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දෙනු
  • කාන්තා නේවාසිකාගාර වල  නිදහස තහවුරු කරනු


No comments:

Post a Comment