නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Monday, March 24, 2014

විප්ලවය


කිසිවක් නොපෙනෙන ඇතැමෙකු
පවසයි අන්ධයින් යයි අප
එද ඔබ උගැන්වූයේ අපට
උදා වන කාලයෙන් කාලයට
දකින්නට ඇවැසි බව එහි පැහැය.

කිසිවක් නෑසෙන ඇතමෙකු
පවසයි බිහිරුන් යයි අප
එද ඔබ උගැන්වූයේ අපට
මිනිස්කමේ මුදු බවින් නැගෙන
ජවය පිරි හඬට
සියල් දෙසට
යොමන්න ට ඇවැසි බව දෙසවන .

බියගුල්ලෝ කියති බියගුල්ලන් යැයි අපට
එද, මුහුණ දෙමු අපි ඔබ සමග
සියළු සෙවණැලි වලට
විපරිණාමය කරවමු උහු සතු මුහුණු
අපරාධකරුවෝ කියති අපරාධකරුවන් යයි අපට
එද ඔබ සමග පැතුමක් ද ගෙන නැගෙමු
තබමු තිත
අපරාධයට,
ගණිකාචාරයට
සහ කුසගින්නට.

නෙත් ද,
හඬ ද,
දෙසවන් ද,
ආත්මයද,
තබමි
මිනිසත් බවේ හදවතට.

වර්ගවාදීහු කියති මානව විරෝධීන් යැයි අපට
එද ඔබ සමග හෙළා දමනෙමු ද්වේෂය
එහි සර්ව භෞමික සොහොනට
එකිනෙකා වැළඳ සැනහෙන නගර තුල.

උහු කියති බොහෝ දේ තව තව
කුමක් කීවෙද අමතකය ඒවා උසුරුවන්නන්ටම
ඒවා මුග්ධය ඔවුන් ලෙසටම
ඒ නැගෙන හෙට දින
මුනුපුරු - මිනිපිරියන් උන්ගේම
ප්‍රීතියෙන් කුල්මත්ව
පෙම් කරනු ඇත ඔබට
කියනු ඇත උහු
ආකස්මික වූ
ඔබේ නාමය :
'
විප්ලවය'



Otto René Castillo | ඔටෝ රෙනෙ කැස්ටිලෝ "Revolution"කවියේ පරිවර්තනය

No comments:

Post a Comment