නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Saturday, October 5, 2013

මගේ රත්තරන්, කියා ඔබට කවුරුන් හෝ කවදා හෝ වරක් හෝ අමතා ඇති............

මගේ රත්තරන්, කියා ඔබට කවුරුන් හෝ කවදා හෝ වරක් හෝ අමතා ඇති. කවුරු නමුත් එසේ ඔබව ඇමතු අය අනිවාර්යයෙන්ම ඔබේ ආදරණීයතම සමීපතමයන් බවට නම් කිසඳු සැකයක් නැත.
”මේ ඉන්නේ රත්තරන් පවුලක්, හැබැයි එහෙම කිව්වේ වෙන මොනවත් හින්දා නෙවෙයි, තාත්තා හැමෝටම............ එකෙන් රත්තරන් බඩු ගත්තා. වැඩ කුලී නැති නිසා ගාණත් අඩුයි”
මේ දිනවල රූපවාහිනියේ විකාශනය වන වෙළඳ දැන්වීමකි. ඔබේ ”රත්තරන් පවුල”, ”රත්තරන් බඩු” වලට සමාන කරපු හැටි පැහැදිලියි නේද? මේ එ වගේ තවත් උදාහරණයක්,

මේ කතාව අම්මෙක් හා දුවක් අතර දුරකථන සංවාදයක, දුවට රැකියාවේ විවේකය නැති නිසා අම්මා බලන්න එන්න විදිහක් නෑ. අම්මා දුවගෙන් අහනවා එතකොට නැන්දගේ ණය ගෙවන්නේ කොහොමද කියලා, දුව කියනවා ඒකටනේ ‘ඊසි කෑෂ්’ තියෙන්නේ කියලා. අම්මාගෙයි දුවගෙයි සම්බන්ධය අතරට ‘ඊසි කෑෂ්’ දීලා දුවගෙන් වැඩිපුර වැඩ ගන්න ධනවාදය ගහපු ගැටේ කොහොමද? එම දැන්වීමේ අවසානයේ අම්මා කියන්නේ ”ඊසි කෑෂ් නිසා දැන් මට මගේ දුව ළඟින් ඉන්නවා වගේ දැනෙනවා” කියාය. මෙතැනදී අම්මාට දුව දැකගන්න තිබූ මානුෂීය අවශ්‍යතාව කිසිම හිරිකිතයක් නැතිව ඊසි කෑෂ් වලින් වසා දමයි.

තව කතාවක්, ඒකේ තියෙන්නේ රිය අනතුරකින් තමාගේ පියා අහිමි වූ දියණියක් විසින් ලියන ඉතා සංවේදී රචනයක්. එම දැන්වීම, අවසානයේ මෙහෙම කියනවා.”දැනෙන්න ලියන්න........ පෑන් ගන්න” ඒ තාත්තගේ ආදරයේ අස්සට පෑනක් රිංගපු හැටි. නැත්නම් තාත්තගේ ආදරෙත් එක්ක ධනවාදය පෑන් විකුණපු හැටි.

 ඔබට සමහර විට මේ දේවල් දැක්කම මේ විදිහට මේවා ගැන සිතෙන්න නැතිව ඇති. ඒ නිසා මේවා හා මෙවැනි තත්ත්වයන් ගැන න්‍යායක් ගොඩනඟපු කාල් මාක්ස් හා එංගල්ස් ”කොමියුන්ස්ට් ප‍්‍රකාශනයේ” දී මේ ගැන කී අනාවැකිත් මේ සමඟම කියවමු. ධනවාදය, ”මිනිසකු මිනිසකු අතර නග්න ස්වාර්ථකාමයද නිර්දය ‘මුදල් ගෙවීමද’ හැර අන් කිසිඳු සබ`ඳතාවක් ඉතිරි නොකලේය”. ඒ නිසා ඔබටද හොරෙන් ඔබේ සෑම දෙයටම ධනවාදය මිලක් නියම කර ඇත.
නමුත් මෙය අපට එකවර වැටහෙන්නේ නැත. ඒ ඇයි? අප රූපවාහිනිය නරඹන විට රූපවාහිනී තිරය මත දර්ශනය වන දෙය ඒ අයුරින්ම විශ්වාස කිරීමට අප පෙළඹෙයි. ඒ එම රූප පෙල සකස් කර පෙන්වනු ලබන්නක් බව අප නොදැන නොවේ. නමුත් ටික වෙලාවක් යන විට අපට ඒ බැව් අමතක වී යයි. ඒ නිසා එය සත්‍යයම බව විශ්වාස කිරීමට පෙළඹේ.

වෙනත් උදාහරණයක් ගතහොත්, ඔබ මැජික් සන්දර්ශනයක් බලන්න ගියා යැයි සිතමු. එසේ ගොස් ඔබ අදාළ ශාලාවේ අසුන් මත වාඩිවන විටම ඔබ නරඹන්නට ආවේ මැජික් සන්දර්ශනයක්ය යන අදහස ඔබ තුළ ඇත. නමුත් සන්දර්ශනය ආරම්භ වනවාත් සමඟම ඔබ එය අමතක කරයි, නැතිනම් ඔබට එය අමතක වී යයි. එතැන් සිට වේදිකාව මත සිදුවන සියලු දේ ඔබට විශ්මයජනක සත්‍යයන්ය. ඔබ ඒවා දැකීමෙන් මුසපත් වේ.
ඔබ ඉහත වෙළඳ දැන්වීම නරඹන විටත්, මැජික් සන්දර්ශනය නරඹන විටත්, සමාජයේ එදිනෙදා කටයුතු කරද්දීත් හැසිරෙන්නේ මේ ආකාරයෙනි. අවසානයේ සිදු වන එකම දෙය වන්නේ ඔබ ද නොදැනී ඔබගේ සියලු දේ ප‍්‍රාග්ධනය මගින් ගිල ගැනීමයි. මෙය සැබැවින්ම මායාවකි. ඒ නිසා මේ ලෝකය තව දුරටත් මිනිසුන්ගේ ලෝකයක් නොව මායාවරුන්ගේ ලෝකයකි. එකී මායා ලෝකයේ පැවැත්ම සෑදුනේ, ධනවාදය විසින් එහි තිබූ මනුෂ්‍යත්වය නැමැති මායා බඳුන බිඳ ඇති බැවිනි. මායා බඳුනේ තිබූ ජීව මුතු හෙවත් මිනිස් ජීවිත සී සී කඩ ගොස් ඇත. ඒ නිසා නැවත මායා බඳුන තැනීමට නම් මෙම ජීව මුතු එකතු කළ යුතුය. ධනවාදයට අභියෝග එල්ල කළ හැක්කේ එසේය.

විප්ලවවාදී ශිෂ්‍ය සංගමය- ගිනිසිළුව 2013සැප්තැම්බර් කලාපය 

2 comments: