නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Wednesday, October 2, 2013

මේ බැනරයේ ඔබේ අත්සන තැබිය යුත්තේ ඇයි?

kelaniya
මායාවරුන්ගේ ලෝකයක් තුළ මුදල් නැමති මායා යෂ්ටියෙන් කිසිවක්, කිසිම දෙයක්, කිසිම ගුණයක් අතනැහැර ඔබ සතුව ඇති සියලූදේ වෙළ`ද භාණ්ඩයන් බවට පත් වීගෙන යන කාලයක් අප පසු කරමින් සිටිමු. ඔබ කන්නේ මොනවද? අ`දින්නේ මොනවද? ඔබ සිතන්නේ කොහොමද? යන්න පවා තීරණය කරන්නේ ඔබ නොව මෙකී මුදල් නැමති මායා යෂ්ටිය ම`ගිනි. එය හිමිකරුවන් විසින් ඔවුන්ට රිසි පරිදි මුදල් නැමති මයා යෂ්ටිය හසුරුවන විට අප වෙළ`දපොල නැමති ඔවුන්ගේ වේදිකාව තුළ රූකඩ බවට පත් වෙමින් සිටී. 
මෙසේ මිනිසුන් රූකඩ බවට පත්කරමින් ඔවුන්ට සංවර්ධනය නැමති මැජික් පෙන්වමින් ඔවුන් මෙහෙයවන්නෝ පාලක පංතියයි. මිනිසුන්ට සිය රූකඩ ඉරණමෙන් මිදීමට අති එකම අවස්ථාව සෑදෙන්නේ අධ්‍යාපනය තුළිනි. නමුත් අද පාසලේ විශ්වවිද්‍යාලයේ ලබා දෙන්නේ එවන් අධ්‍යාපනයක් නොව කිසිදු හැ`ගීමක් දැනීමක් නැති වහල් රූකඩ බිහිකරණ අධ්‍යාපනයකි. ඒ නිසා කිසිදු ලෙසකින් අපට එය භාර ගත නොහැක. මක්නිසාද යත් අප මිනිසුන් බැවිනි. නිදහස් අධ්‍යාපනය යැයි අප මෙතුවක් කල් කතා කළේ යන්තමින් හෝ මේ සමාජය තුළ කොන්ද කෙලින් තබා ගෙන ජීවත් වීමට පීඩිතයාට ලැබුණු එකම අවස්ථාව ගැනයි.
නමුත් අද එය නාම මාත‍්‍රයක් පමණි. පාසලේ පළමු ශ්‍රේණියේ සිට උපාධිය දක්වාම උපාධිය ලබා ගෙන රුකියාවක් ලබා ගැනීම දක්වාම හැම විටම අධ්‍යාපනය තීරණය කරන්නේ දෙමාපියන්ගේ මුදල් හැකියාව ම`ගිනි. අධ්‍යාපන වෙළ`ද භාණ්ඩය ඔබට මිලදී ගත හැකි පමණට ඔබේ ජීවිතය තීරණය වේ. ඔබේ දරුවාගේ ජීවිතය තීරණය වේ. ඔබ හා ඔබේ දරුවාගේ රූකඩ ඉරණම තීරණය වේ.
ඔබට ඔවුන් සාදා ඇති අධිවේගී මාර්ග එදිනෙදා ගමන් බිමන් ස`දහා භාවිතා කිරීමට ඔබට මුදල් නැත. ඒ නිසා ඔබට අධිවේගී මාර්ගයේ යෑම විනෝද ගමනකි. අධ්‍යාපනයත් මෙවැනි අධිෙවිගී මාර්ග මෙන් ඊට ඇතුල් වන විට ඔබෙන් මුදල් අය කරයි නම් ඉදිරියේදී අධ්‍යාපනය ලැබීම යන්නද කලාතුරකින් ඔබ ලබන අත්දැකීමක් වනු ඇත. පාලක පංතිය පෞද්ගලික විශ්වවිද්‍යාල, අධ්‍යාපන වෙළ`ද කලාප ඇති කිරීමට ඔබේ කැමැත්තෙන්ම තෝරා ගත් පාර්ලිමේන්තු තුළ නීති සකසන්නේ ගැසට් පත‍්‍ර නිකුත් කරන්නේ ඔබේ දරුවාගේ අධ්‍යාපනය ඔබට විකිණීමටය. නමුත් ඔවුන් එය ඔබට විකුණන්නේ බදු මුදල් ලෙස ඔබ වෙළ`දපොලින් ගන්නා සෑම භාණ්ඩයකින්ම ඊට පෙර ඔබෙන් ඒ ස`දහා මුදල් අය කර ඇති තතු යටතේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ලෙස අප මතක ඇති කාලයේ සිට මේවා ගැන ඔබ දැනුවත් කර ඇත. අප වෙත ඒ වෙනුවෙන් පාලකයන් ලබා දුන්නේ පංති තහනම් කිරීම් මැර ප‍්‍රහාර එල්ල කිරීම්ය. අද වන විට අපට උන්හිටි තැන් අහිමි කර ඇත. විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ තිබූ අපේ නේවාසිකාගාර ඔවුන්ට මහත් හිසරදයක් විය. ඒ නිසා අද ඔවුන් අපව අනාරක්ෂිත නේවාසිගාර තුළ ගාල් කර ඇත. ඒ නිසා අද අපට ජීවිත ආරක්ෂාව පිළිබ`ද ගැට`එ ඇති වී ඇත. අප විශ්වවිද්‍යාලයේ පමණක් නොව ජයවර්ධනපුර රජරට සබරගමු ආදී විශ්වවිද්‍යාල වල සිසුන්ද විශාල පිරිසක් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙනී සිටි නිසා ඔවුන්ව පාලක මර්දනයට ගොදුරු වී ඇත. 
ඒ නිසා 
ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි
එකී මර්දනය නවතන ලෙසත්, නේවාසිකාගාර අර්බුදයන් වහා විස`දන ලෙසටත් ගැසට් දවටනයේ ඔතා ගෙනෙන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙසත් අධ්‍යාපනය විකිණීමට යෝජනා කර ඇති අධ්‍යාපන වෙළ`ද කලාප අහෝසි කරන ලෙසත් පාසල් තුළ මුදල් අයකිරීම් නවතන ලෙසත් බල කරමින් මෙම අත්සන් බැනරය මත ඔබේ අත්සන යොදා ඔබේ විරෝධතාව පළ කරන මෙන් ඉල්ලා සිටිමු.
ඉන් නොනාවතී, පවතින මායාකරී ධනවාදය තුළ රූකඩ බවට පත් කර ඇති මිනිසා යලි මිනිසුන් බවට පත් කරන විකල්ප අධ්‍යාපනයක් වෙනුවෙන් වඩා යහපත් සමාජයක් වෙනුවෙන් කරන අරගලයට සමාන්තරව නිදහස් ධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමේ අරගලයට එක්ව පෙළගැසෙමු.


No comments:

Post a Comment