Sunday, October 13, 2013
ඇණ තිබේ තොග පිටින්
(සෞදියේ දී ඇණ ගසා පීඩාවට ලක් කළ ලාංකේය ස්ත්‍රියකි)
-මේ ඒ ඇසුරින් ලියවුණු කවියක් නොවේ. වෙළඳ දැන්වීමකි.
සෞදියේ නැත්නම්
ඇනවුම් කරන්න
සවුදිය පුරමින්
අපි ගැසු ඇණ තිබේ
තොග පිටින්
කල්වාරි කන්ද මුදුනේ
දෙවියන්ගේ පුතු පවා
සිදුරු කළ
මෙහි තිබේ ඇණ
නොනැමෙන
යළි උත්ථානය ...?
පව්කාර කතාවක් එය
වෙන ඇණ කොම්පැනියක
සම්, මස්, නහර විද
ඇට සිදුරු කර
ඇට තුළට වැද
යළි උත්ථානයට ඉඩ නො දෙන
ඇණ
අපේ අළුත් ම අළුත් ඇඩ්'ඩෙක
ඔළුවට පරාල ඇණ
ඇස් දෙකට අඟල් දෙක - කඳ මහත
නියපොතු අස්සෙන්
විදිය හැකි ය සීරුවට
ටින්ටස්
දන්නවද ත්‍රීමා...?
අවැසි නම්
සැපයිය හැකි ය
පුහුණු කළ ඇණ ගසන්නන් වුව
නොමිලේ ම
89 ටත් කලින් සිට පුරුදු කළ
ඇණ
ගහගන්න
තැන් නැත්තං
ඔළුත් එවන්නං
දෙගුණයක් ඇසුත්
විසිගුණයක් නියපොතු සමඟ
සැළකිය යුතු යි
වැදගත් ම දේ
මේ ඔළුවලට ම බව
තනා ඇත්තේ
මේ ඇණ
ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න
Labels:
articles
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment