නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Sunday, October 13, 2013

මෙතෙක් පැවති සියලුම සමාජවල ඉතිහාසය පංති අරගලවල ඉතිහාසය වේ-"කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය"

communist party propaganda
"කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය"

'ධනපතියෝ සහ නිර්නයෝ' මෙතෙක් පැවති සියලුම සමාජවල ඉතිහාසය පංති අරගලවල ඉතිහාසය වේ.

නිදහස් මිනිසා සහ වහලාද, කුලීනයා සහ පොදුජනයාද, රදලයා සහ ප්‍රවේණි දාසයාද, ශ්‍රේණි හිමියා සහ ජ්‍යෙෂ්ඨ ආධුනිකයා ද පැහැදිලිව කීවහොත් පීඩකයා(පාලකයා) සහ පීඩිතයා(පාලකයාගේ පාලනයට යටත් වන්නා) එකිනෙකට විරුද්ධ නියත ලෙස නැගී සිට,වරෙක සැඟවුණා වූ ද, වරෙක විවෘත වූ ද සටනක්,එක්කො මුළුමහත් සමාජයම විප්ලවවාදී ලෙස ප්‍රතිනිර්මාණය කිරීමෙන් අවසන් වූ,නැතිනම් සටන්කරන පංතීන්ගේ පොදු විනාශයෙන් අවසන් වූ සටනක් නොකඩවාම කරගෙන ගියහ.


'ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම්, එය පංති ප්‍රතීඝතය සරළ කිරීමය:සමස්තයක් වශයෙන් සමාජය වැඩි වැඩියෙන් එකිනෙකට සතුරු මහා කඳවුරු දෙකකට,එකිනෙකාට එරෙහිව මුහුණට මුහුණ ලා සිටින මහා පංතීන් දෙකකට ඌනණය වී ඇත.ඒ ධනපති සහ නිර්ධන පංතිය වශයෙනි.'

"ධනපති පංතිය ආධිපත්‍ය ලැබූ හැම තැනකම, සියලු රදලවාදීල පීතෘ මූලික, පරමාදර්ශී(චාම් ගැමි ජීවිත) සබඳකම් විනාශ කළේය. "ස්වභාවික ස්වාමිවරුන්ට" මිනිසා බැඳ තිබුණු අනේක වධ රදළවාදී බන්ධනයන් අනුකම්පා විරහිතව සිඳ බිඳ දැමූ ධනපති පංතිය,‘ මිනිහකු සහ මිනිහකු අතර නග්න ස්වරථකාමය(අවස්ථාවා දී බව) හැර,  "මුදල් ගෙවීම හැර" වෙනත් කිසිදු සබඳකමක් ඉතිරි නො කළේය. ආගමික භක්තියද, ධීර වීර උනන්දුවද, අවරසිකවාදී අනුරක්තවාදයද අරභයා වූ ස්වර්ගමය ආනන්දයන් ආත්මාර්ථකමී ගණන් බැලීම නමැති අයිස් වතුරෙහි ගිල්වා දමන ලදී. එය පෞද්ගලික අගය හුවමාරු වටිනාකම බවට පෙරලන ලදී.එමෙන්ම සංඛ්‍යා විරහිත, උදුරාගත නොහැකි, වර සහිත නිදහස් අයිතීන් වෙනුවට හෘද සාක්ෂියට කොහෙත්ම එකඟ නොවන එකම නිදහස වන වෙළඳාම් කිරීමේ නිදහස පිහිටුවාලීය.වචනයකින් කියතොත්, ආගමික සහ දේශපාලනික මායාවන්ගෙන් වසා තිබුණු සූරාකෑම වෙනුවට එය විවෘත ලැජ්ජා විරහත, ඍජු කෲර සූරකෑම ආදේශ කළේය"

No comments:

Post a Comment