නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Saturday, October 12, 2013

චිදම්බරම් පිල්ලේගේ පිළිතුර













අපේ ම දේශයේදී

වහළුන් වන්නට නොහැකිය අපට

නිදා වැටෙමින්…

තවත් භීතියෙන් නොසැලෙමු

නිවට වූවොත්

මේ මිහිමඩල මත

අයුක්තිය තවත් වැඩෙනු ඇත

මවිබිමට අපි දිවිය කැපකරමු

සතුටින්….




සදහට ම මිය යා යුතුද අපි

තව තවත්

අපටම දුක කියමින්?

නැතිනම්

මේ සුන්දර දිවිය

අවදානමට නොහෙළිය යුතුද

නැවත නිදහසේ උපදින්නට?

මරණය තෙක්…

නිදහසට ආදරය කිරීමත්

පාපයක්ද?

අපේ දුක අවසන්කිරීමත්

පාපයක්ද?

එහි වෛරයක් ඇතිද

අප උගෙන ඇති එකම මාවත සමගියයි

සැන්දෑව දවස ගැන හොදින් දැන සිටී

අපි තවත් විස්මයට පත් නොවෙමු

බෙදී වෙන් වී නොයන්නෙමු

ඔබේ කෲරත්වයෙන්

අපේ අරමුණ

නොසැළෙයි

මගේ මස පෙතිගැසූ විට

අප කෙරෙහි ඔබගෙ භීතිය

අවසන් වේද?

පළිගැනීමේ ආශාව

සංසිදෙනු ඇතිද?

ඔබේ උවමනාව

ඉටු වේද?

මා සිරුර දැවී ගියද

හදවත උණුවන්නේ නැත.

මන්ද… එහි තිබේ අතෘප්තව

මගේ ජීවන පැතුම, නිදහස


සුබ‍්‍රමනියා භාරතී කවියා විසින් රචිත ‘චිදම්බරම් පිල්ලේගේ පිළිතුර’ නමැති කවියේ පරිවර්තනයකි.

No comments:

Post a Comment