නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Sunday, October 6, 2013

ජිම් එකේ බල්ලන් පූසන් සමග නිදාගන්නා අපට සිතාසි...


ඔවුහු පළමුව කළේ තෙල් බැම්ම කඩා බෝ පැළයක් සිටුවීමය. අනේ සාදු කියමින් බොහෝ අය ඉන් තුටු වූහ. තවත් නම් ඉතින් තෙල් බෙදන්න තෙල් බැම්මක් නැති නිසා ඉන් පසු පිනක් දහමක් කරගෙන ITN එකේ තෙලට අනූව නැටවෙන විශ්වවිද්‍යාලයක් බිහිවනු ඇත”යි සිතමින් ඔවුහූ බෝධිපූජා සංවිධානය කළහ. ඔවුන් එසේ පින් රැස් කරගන්නා අතරේ විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ නේවාසිකව සිටි සිසුන් එලියට ඇද දැමීමට වරම් ලබා ගත්තේය. නමුත් සිසුන්ට මතු වූයේ තම ජීවිත පිළිබද අවධානමකි. ඒ නිසා සිසුහු ඊට එකහෙලාම විරුද්ධ විය. මේ අතර කන්නන්ගර නේවාසිකාගාරයේ සිසුවියන් 1200 න් 400ක් ගෙනවිත් හිස් කරන ලද නේවාසිකාගාරයේ ගාල් කරවීය. ඉන් සිසුවියන් 800 කට නේවාසිකාගාර අහිමි විය. ඉතිරි 400ට ද ලැගුම් ගන්න සිදුවූයේ පිරිමි ළමන් සදහා සකස් කර වැසිකිලි, කැසිකිලි ආදී පහසුකම් තිබූ නේවාසිකාගාරයක ය. 

පින්කරන උතුමෝ මෙසේ සිසුන් සිසුවියන් පීඩාවට පත් කරද්දී ඊට එරෙහිවූ විට පාලක පින්වතුන් ලබා දුන්නේ සිසුන්ට පන්ති තහනම්, ශිෂ්‍ය භාවය අත්හිටුවීම් සහ නඩු හබ සමගින් පොලිස් තර්ජනය. මෙසේ කන්නන්ගරයට පැන්නූ සිසුන්ට එදා සිටම දිගින් දිගටම මැර ප‍්‍රහාරයන්ට ගොදුරු වන්නට සිදු විය. ගෙවුනු කාලය තුළ කන්නන්ගරයේ සිටි සිසුන් 400න් 200ක් පමණ අවස්ථා 20 කට වැඩි ප‍්‍රමාණයකදී ප‍්‍රහාරයන්ට ගොදුරු විය. නැවතත් ඔවුන් පීඩාවට පත් විය.


පසු ගිය 14 වනදා නේවාසිකාගාරයට එල්ල වූ මැර ප‍්‍රහාරය සමග සිසුන් විශ්වවිද්‍යාලට ආවේ ජීවිත ආරක්ෂාව සොයාගෙනය. ඒ ආරක්ෂාව ඉල්ලා ගෙන උපකුළපති ලගට ගියෝය. විශ්විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ගියෝය. අවසන ජනාධිපති මන්දිරයට ද ගියෝය. ඒවායින් ද ඔවුන් පීඩාවට පත් විය.

සිසුන් අවසනයේ දී පරිපාලනයෙන් ඉල්ලා සිටියේ නේවාසිකාගාරයක් සාදන තුරු දැනට වැඩ අංශයේ වාහන ගාල් කර තිබෙන ගොඩනැගිලි ඔවුන්ට ලබා දෙන ලෙස ය. නමුත් පින්වත් පාලකයන්ට සිසු ජීවිත වලට වඩා තමන්ගේ වාහන වටිනා බව පසක් කරමින් ඔවුන් ඒ ඉල්ලීම ද ප‍්‍රතික්ෂේප කළේය. සරසවියේ කටයුතු යතා පරිදි කරගෙන යාමටත් තම අධ්‍යාපනය අවම තත්ත්වයන් යටතේ ගෙනයාමටත් සිසුන් එම ඉල්ලීම කළේ ගැරඡ් කාමර තුළ සුර සැප හමු වන නිසා නොව,ඒ සියල්ලටම වඩා ජීවිත ආරක්ෂාව වටිනා නිසාය. 
පාලකයන් සිසුන්ට කියන්නේ පසුගිය ආචාර්ය අරගලයට සමගාමී පා ගමනේ අපෙන් උදුරාගත් ජානක,සිසිත සහෝදරවරුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අවුරද්දක් ඉක්මවීත් තවමත් උසාවියට ඉදිරිපත් කොට නැත. සිසුන්ට පහර දුන් සෑම විටම අඩුම තරමින් සිසුන් පැමිණිල්ලක් දැමීමට යාමට තරම්වත් විශ්වාසයක් නැති පොලිසි ආරක්ෂාව පිළිගන්නා ලෙසය. එය කියන්නේද බලහත්කාරයෙනි. එයින්ද පීඩාවට පත්වූයේ සිසුන්ය.
මේ සියල්ල අවසානයේ අද වන විට මහජනතාවට පීඩා කළා යැයි සිසුන් 21 දෙනෙකුටත් සිසුවියන් 2කටත් සිතාසි එවා ඇත. අපට ඇසීමට ඇත්තේ මේ ජනතාව කවුද යන්නය. ඉහත සෑම තැනකදීම පීඩාවට පත්වූයේ සිසුන්ය. එවිට ඔවුන් අයිති නොවන මහජනතාව කවුරුන්දැයි අප අසමු. 

මේවට ගමේ ගොඬේ භාෂාවෙන් කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියාය. පරිපාලනය,උපකුලපති,ඔහු පත් කරන ජනාධිපති,ඔවුන් මෙහෙයවන පොලිසිය,ඔවුන් ගේ ව්‍යාවස්ථාදායකය සාදන නීති මේ සියල්ල ඔවුන්ගේය. මේ සියල්ල එක්ව ගත් කළ රාජ්‍යයයි. ලෙනින් මෙය කීවේ රාජ්‍ය යනු පංති පීඩක උපකරණයක් බවයි. 
ඒ නිසා අපේ පීඩාව ඔවුන්ට අදාල නැත. අපේ පීඩාව දන්නේ අපම පමණි. ඒ නිසා සිසුන් බල්ලන් පූසන් හා නිදාගන්නා විට ඇති වන පීඩාව,තමන්ට සාධාරණයක් ඉල්ලා කිලෝමීටර් ගනන් පාගමන් යන්නට සිදුවීම ඔවුන්ට අදාල නැත. ඒ නිසා මේ පීඩාව දැනෙන අපේ අම්මලා තාත්තලා වෙත අපි මේ ගැන කියමු. ඒ සදහා පෙළගැසෙමු. නේවාසිකාගාර අර්බුදය විසදාගැනීමට, අධ්‍යාපනයේ නිදහස දිනා ගැනීමට අපි සැවොම එක්ව තවදුරටත් අධිෂ්ඨානශීලීව සටන් වදිමු. 
අපේ ජීවිත තඹ සතේකට වටින් නැති ඊට වඩා තමන්ගේ වාහන වටින පාලකයන්ට සාප කිරීම හැරෙන්නට අපට කළ හැක්කේ අසාධාරණයට එරෙහිව අපේ පංතිය වෙත යාම පමණි.

මහා ශිෂ්‍ය සංගමය - කැලණිය විශ්වවිද්‍යාලය

No comments:

Post a Comment