නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Monday, April 14, 2014

නිදහස් අධ්‍යාපනය රැක ගත යුත්තේ ඇයි?




නිදහස් අධ්‍යාපනය රැකගත යුත්තේ මන්ද යන්න සම්බන්ධව මෙරට තුළ හටගෙන ඇත්තා වූ සංවාදය මේ වන විට යම් ප්‍රමාණයකින් අධිපති දේශපාලන මතවාදය හමුවේ ගිලිහී යමින් පවතින බවක් පෙනී ගියද,නිදහස් අධ්‍යාපන පනත හඳුන්වාදුන් අවස්ථාවේ දී එහි පුරෝගාමියා වශයෙන් කටයුතු කළ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මැතිඳුන් මෙහි වටිනාකම සම්බන්ධයෙන් සිදුකරන ලද එක්තරා ප්‍රකාශයක් කැටිත්තක් වශයෙන් ගෙන මෙහිදී සඳහන් කිරීමට වටී. ඔහු පැවසූයේ ඈත හද්දා පිටිසර පොල්අතු පැලක ඉපිද දැනුමින් ලෝකය පුබුදු කරන්නට සංචිත සක්‍යතාවෙන් යුතු දුගී දුප්පත් දරුවනට ද ඒ සඳහා අවස්ථාව නිදහස් අධ්‍යාපනය මගින් උදාවන බවකි. මෙම අරමුණ කෙතරම් නම් මානුෂික හා සහනදායී දැයි සිතාබැලිය යුතුය.

Tuesday, April 1, 2014

ෆ්‍රෙඩ් හැම්ප්ටන්: ඌරකු නොව විප්ලවවාදියෙකු වීමට


සහෝදර සහෝදරියනි,

මම ඉපදුනේ සාමාන්‍ය මධ්‍යම පන්තියේ සමාජයක. ඒ නිසා තරමක හොඳ දේවල් මගෙ ජීවිතයේ මට ලැබුණා. නමුත් කෙමෙන් කෙමෙන් මම දැනගත්තා කුසට ආහාර ලැබෙන මිනිසුන්ට වඩා කුසගින්නේ ම ජීවත්වන මිනිස්සු මේ ලෝකයේ වැඩි බව. ඒ වගේම ශරීරයට අඳින්නට ඇඳුම් තියෙන මිනිසුන්ට වඩා ඇඳුම් කඩමාල්ලක් වත් නොමැති මිනිස්සු වැඩි බව. "මම" යනුවෙන් හැඳින්වෙන්නේ යාන්තමින් හෝ සැප විඳින කුඩා ජන කොට්ඨාශයෙන් එක් කෙනෙක් විතරයි. ඒ නිසා මම තීරණය කළා බහුතරයක් වූ අනෙකුත් මිනිසුන් කවදා හෝ නිදහස් වන තෙක් ඒ සඳහා ක්‍රියාකාරී වෙන්නට. ඒ අරගලය අත් නොහැර හිඳින්නට.

"විප්ලවය" කියන වචනය සමහරු පටලවා ගන්නවා. ගොඩක් අය හිතන්නේ විප්ලවය කියන්නේ නරක වචනයක් කියලා. විප්ලවය කියන්නේ ඔබගේ ශරීරය මතුපිට ඇති පැසවුණු තුවාලයක කැක්කුම් සුව කරගැනීම පිණිස ඒ මත තබන බෙහෙතක් වැනියි. අපි සියල්ලම ජීවත් වෙන්නේ රෝගී වුණු සමාජ පන්තියක. අපරාධකරුවන්, හොරුන්, මංකොල්ලකරුවන් හා දූෂකයින් බිහි කරණ සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. එවැනි සමාජයක් නීරෝගී නැහැ.

සමහර යථාවන් වෙත අපට මඟහැර යා නොහැකියි. සත්‍යය නම් බහුතරයක් දුප්පතුන් යන්නය. සත්‍යය නම් බහුතරය අයත් වන්නේ ඔබත් අයත් පීඩිත පංතියට බව යන්නය. මම කතා කරන්නේ සුදු ජාතික බහුතරය ගැන. මම කතා කරන්නේ කළු බහුතරය ගැන. ඒ වගේම දුඹුරු හෝ කහ පැහැ සම සහිත බහුතරය ගැන.

සහෝදර සහෝදරියනි,

කතා කරනවාට වඩා වැඩියමක් අපට කරන්නට සිදුව තිබෙනවා.

ඇහුම්කන් දෙනවාට වඩා වැඩියමක් අපට කරන්නට සිදුව තිබෙනවා.

දැනුවත් වෙන ප්‍රමාණයට වඩා ට වඩා වැඩියමක් අපට කරන්නට සිදුව තිබෙනවා.

ඉතාමත්ම මහන්සියෙන් කැපවීමෙන් අපි ඒ සඳහා පුරුදුවීම ආරම්භ කළ යුතුයි. ඉතාමත්ම අමාරු වුවත් අපිට ඒ වෙනුවෙන් නිවෙස් වලින් එළියට බැස දුක් විඳින මිනිසුන් සමඟ එකට වැඩ කිරීමට පුරුදුවීම ආරම්භ කළයුතුයි.

අපිට ඉතා අසීරු වැඩ කොටසක් කරන්න ඉතිරි වී තිබෙනවා.


ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය යි. නිසි අධ්‍යාපනය නොලැබුණු විට මිනිසුන් ඕනෑම දෙයක් අනුමත කරාවි. දැනුවත් නොවුණු විට අද තියෙන "යටත් විජිතවාදය" වෙනුවට හෙට "නව යටත් විජිත වාදය" ඔබට ලැබේවි. අධ්‍යාපනයක් නැති විට ජනතාව දන්නෙ නැහැ මොනවද කරන්නේ ඇයි එහෙම කරන්නේ කියලා. ඔබට පුළුවන් වෙයි ජනතාව උද්වේගාත්මක ව්‍යාපාරයක් සඳහා එකතු කරගන්නට, ඒ මිනිස්සුන්ගේ දුප්පත් කම හින්දා එහෙම නැතිනම් ඒ මිනිස්සුන්ට මොනවා හරි ම දෙයක් උවමනා හින්දා.

අප පවසන්නේ මෙම අරගලයේ මූලික පදනම "පංතිය" බවයි. මාක්ස්, ලෙනින්, චේ ගුවේරා සහ මා ඕ සේතුං ඉතිහාසය පුරා පැවසුවේ, දැනුවත් කළේ සහ පුරුදු පුහුණු කළේ විප්ලවයේ පදනම පංති අරගලය යනුවෙන්. එක් පංතියක් පීඩිතයායි. අනෙක පීඩකයායි. එය විශ්වීය සත්‍යයයි.

සමහරවිට යමෙක් ඔබට පවසාවි ගින්දරත් එක්ක සටන් කිරීමට හොඳම අවිය ගින්දර බව. නමුත් අප ගින්දරත් එක්ක ගින්දර වලින් සටන් කරන්නෙ නෑ. ගින්දරත් එක්ක සටන් කිරිමට ඇති හොඳම අවිය වතුර. අපි ගින්දරට එරෙහිව සටන් කරන්නේ වතුරෙන්. අපි ජාතිවාදය ත් එක්ක සටන් කරන්නෙ එක්සත් කමින්. අපි සුදු ධනේශ්වරය ට එරෙහිව සටන් කරන්නට කළු ධනේශ්වරය යොදා ගන්නෙ නැහැ.

අපි ධනේශ්වරය සමඟ සටන් කරන්නේ සමාජවාදය සමඟින්.

සමාජවාදය යනු ජනතාවයි.

ඔබ සමාජවාදය ට බිය වන්නේ නම් ඔබ බිය වන්නේ ඔබටමයි.

ඔබ තේරුම් ගත යුතුයි සමාජවාදය අවශ්‍ය නම් ජනතාව යමක් කැප කළ යුතුබව. ඔබ අරගලය සඳහා අභියෝග කරන්නේ නම් ඔබ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ද එයින්ම අභියෝග කරනවා.

ඔබ අරගලය සඳහා අභියෝග නොකරන්නේ නම් ඔබ ජයග්‍රහණය සඳහා ද සුදුස්සෙක් නොවේ.

ද්‍රෝහී වෙමින් පාරවල් දිගේ උඩට පහළට යන ප්‍රතිගාමී ඌරන් සමඟ අපගේ ගනුදෙනුවක් නැහැ. අප සිදුකරන්නේ සංවිධානගත වීම හා විප්ලවවාදී දේශපාලන බලය සඳහා අපේ ජීවිත කැප කිරීමයි. පවතින දේශපාලන ව්‍යුහයට එරෙහිව සටන් වැදීම සඳහා අවශ්‍ය විශේෂිත දෑ සඳහා පුරුදු පුහුණු වීමයි. අපි ම ඒ සඳහා සන්නද්ධ වීමයි. ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවය සමඟින් අපි ප්‍රතිගාමී ඌරන් සමඟ සටන් වදිමු. එය යි සිදු විය යුත්තේ. කම්කරු පන්තිය වෙත බලය හිමි වීම අනිවාර්යක්. එය අයිති විය යුත්තේ ජනතාවටයි.

සහෝදර සහෝදරියනි,

මම මට පැවරී ඇති වගකීම ඉටුකිරීමට සූදානම්.

මම හිතනවා මගේ මරණය සිදුවන්න ඕනේ හදිසි රිය අනතුරකින් නොවෙයි කියලා.

මම හිතනවා මගේ මරණය සිදු වන්න ඔනේ පය ලිස්සා ඇද වැටීමකින් නොවේ කියලා.

මම විශ්වාස කරන්නෙ නෑ මම ඉපදුනේ හෘදයාබාධයකින් මිය යන්නට කියලා.

එහෙමත් නැත්තම් මම විශ්වාස කරන්නෙ නෑ මම ඉපදුනේ පෙනහළු පිළිකාවකින් මැරෙන්නට කියලා.

ඔබ හිතනවා නම් ඔබ මැරනේන තරුණ වැඩියි. ඔබට තව කාලයක් ජීවත් වෙන්න අවශ්‍යයි කියලා, එහෙම නම් සහෝදර සහෝදරියනි ඔබ දැනටමත් මරණයට පත් වී අවසානයි.

මම විශ්වාස කරනවා මට පැවරී ඇති කාර්යය සිදු කිරීමට මට හැකියාවක් තියෙනවා කියා.

මම විශ්වාස කරනවා කම්කරු පන්තියට වඩා හොඳ ජීවිතයක් ලබා දීමට මගේ ජීවිතය පරිත්‍යාග කිරීමට හැකි යැයි කියා.

මම විශ්වාස කරනවා ජාත්‍යන්තර කම්කරු අරගලයේ විප්ලවවාදීයෙක් හැටියට මට මරණයට පත් වන්නට හැකි යයි කියා.

ඔබ සියළු දෙනාම අවසානයේ එයත් සමග ජීවත් වේවි.

එම අරගලය එලඹෙන්නට නියමිතයි.

ඔබට නිදහස වෙනුවෙන් සටන් වදින්නෙක් සිරගත කළ හැක. එහෙත් නිදහස සිර ගත කළ නොහැක. ඔබට විප්ලවාදියෙක් මරා දැමිය හැක. එහෙත් ඔබට කිසිම දිනක විප්ලවය මරා දැමිය නොහැක.



ෆ්‍රෙඩ් හැම්ප්ටන්

‍ෆ්‍රෙඩ් හැම්ප්ටන් යනු "බ්ලැක් පෑන්ත(ර්)" පක්ෂයේ ඇමෙරිකාවේ ඉලිනෝයි(ස්) ශාඛාවේ උප සභාපතිවරයායි. කළු ජාතීන්ගේ නිදහස, නිර්ධන පංති විප්ලවය හා සමාජවාදය වෙනුවෙන් සටන් වැදුණු සටන් සගයෙකි. ඔහු සතු වූ ජීව ගුණය හා කළු ජාතීන්ගේ පීබිදීමට බිය වූ රිචඩ් නික්සන් රජයේ බලපෑම මත මෙම තරුණ රැඩිකල් විප්ලවවාදීයා ව 1969 දී ඇමෙරිකාණු රාජ්‍ය රහස් පරීක්ෂක බියුරෝව (FBI) මෙහෙයවීමෙන් නිදි යහනේදී ම වෙඩි තබා මරා දමද්දී වසය 21 සම්පූර්ණ වූවා පමණකි. ඉහතින් සඳහන් වන්නේ ‍ෆ්‍රෙඩ් හැම්ප්ටන් විසින් පැවැත්වූ කතා කිහිපයක සාරාංශයෙන් සැකසූවක ලූප්හෝල්ස් [loopholes] අනුවාදයකි.