නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Tuesday, December 2, 2014

විශ‍්‍රාන්තිය ආක‍්‍රමණය කළ මිලිටරිය(හෙජමොනිය)

විශ‍්‍රාන්තිය ආක‍්‍රමණය කළ මිලිටරිය(හෙජමොනිය)


ආදරණීය සහෝදරයා සහෝදරිය,


පසුගිය බදාදා 2014/11/20 දින විශ‍්‍රාන්ති චාතූර්යා උත්කර්ශවත් ප‍්‍රසංගය ධර්මාලෝක ශාලාවේදී පැවැත්වුණා. අපේ සහෝදර සහෝදරියෝ නැටුම් ගැයුම් කළා. මහතැන්වලින් ආරාධනා ලැබූ ආබාධිත සොල්දාදුවන්ගේ නර්තනයකුත් ඔය අතර තිබුණා. (උසස් හමුදා නිළදාරීනුත් සම`ග හමුදාවේ පිරිස් ඇවිත් හිටිය මේක සංවිධානාත්මක යටි පූට්ටු ආරාධනයක්) ඒ වෙහෙස පිරුණු මුහුණු වේදිකාවට ඇවිත් නර්තනයක් ඉදිරිපත් කළා. ‘‘එක සෙල්දාදුවෙක් වේදිකාවේ ඇදගෙනත් වැටුණා. පේ‍්‍රකෂක සිය`ඵ දෙනා අත්පොලසන් දුන්නා.’’

Tuesday, October 28, 2014

සරුම වූ කලා කෙත ඇස් මානයේ වල් බිහිවී මියැදී සදහටම අහිමි වන්නට පෙර සිහිකැඳවීමක් කරගමු



සරුම වූ කලා කෙත ඇස් මානයේ වල් බිහිවී මියැදී සදහටම අහිමි වන්නට
පෙර සිහිකැඳවීමක් කරගමු
ආදරණීය අම්මේ තාත්තේ
සහෝදරයා සහෝදරිය


පරික්ෂාවට ලක් නොකරන ලද ජීවිතය යනු මනුෂ්‍යයකුට වඩා ජීවත් වීමට නොවටිිනා ජීවිතයකියි
යනුවෙන් සොක‍්‍රටීස් වරක් ප‍්‍රකාශ කළේය. ඇත්තෙන්ම මෙම ලිපිය කියවන ඔබව අප හට පරික්ෂා කිරීමට අවශ්‍යය. ඇත්තෙන්ම මෙම පරික්ෂාව විශේෂ එකක්, මොකද මේ පරික්ෂණය ඔබ ගැන ඔබම කරන පරීක්ෂණයක්. හරි අපි  පරීක්ෂණය පටන් ගන්නවා,

1 ඔබ ජීවත් වනවා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
2 ඔබ ආදරය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
3 අධ්‍යාපනය යනු කුමක්ද?
4 මිනිසා සමාජයක් ලෙස ජීවත් වන්නේ ඇයි?
5 ඔබ සිතන සිතුවිලි ඔබගේම පමණක්ද?

Sunday, October 12, 2014

පුන්චි හිලක් හොයාගනින් පැනලා යන්න



පුන්චි හිලක් හොයාගනින් පැනලා යන්න
මේක පට්ට 
දුවගෙන වරෙන්
හීන් නූලෙන් ගේම ගහලා 
පැනලා යන්ට
පරිස්සමින්..... උන් දකියි
ලාංකීය පුරවැසියා ලෙස උපත ලබා අනේක විද දුක්ඛ

Thursday, September 25, 2014

බිහිදොර ගැන යමක්


කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් පවත්වනු ලබන බිහිදොර අබියස කලා උළෙල මෙවර සංවිධානය වනුයේ 14 වන වරට වන අතර මෙවර මෙහි සුවිශේෂිත්වයන් කිහිපයකි. එනම් ඉතිහාසයේ නොවූ තරම් ලාංකීය භූමිබාගයේ වූ සියලුම පාසල් වල සහෝදර සහෝදරියන්ට මෙවර කලා උළෙලට සහභාගී වීමට අවස්ථාව උදාකර දී ඇති අතර සියලුම දමිළ සහෝදර සහෝදරියන්ටද අවස්ථාව සලසා තිබීම මෙහි වඩා සුවිශේෂීත්වයයි. කලාව පිළිබඳ වර්ථමානයේ සමාජය තුළ ඇති අයහපත් කතිකාවත මුදල් හෝ බලය හෝ ජාති කුල මල භේද නොසලකා වර්ගවාදය පිටු දකිමින් වඩා සෞන්දර්යාත්මක පරිදි සමාජයට මිනිසාට සේවය කරන්නාවූ කලාවක් බවට පත් කරලීමට බිහිදොර අබියස කලා ප‍්‍රසංගය සමත්කම් දක්වනු නොඅනුමානය. එය වර්තමාන ශිෂ්‍ය පරපුර ලෙසත් සුවහසක් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිය දිවි පිදු සොයුරන් සොයුරියන් වෙනුවෙන් කරනු ලබන අතිශය ගරු කිරීමක් ලෙසත් අපට උද්දාමයට පත්විය හැකි බව නොවලහා ප‍්‍රකාශ කළ හැකිය. ධනවාදය තුළ හෘද සාක්ෂිය විකුණා දමා කලාව සිය ආත්මාර්ථය උදෙසා විකුණන් කන මහා කලාකරුවන් ලෙස පෙනී සිටින හා  ධනවාදී රෙජීමයේ දේශපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් කලාව හසුරුවමින් සමාජයට වැරදි අර්ථකතනයක් ලබා දෙන්නවුන්ට මෙය බලවත් හිසරදයක් වන බවද නොරහසකි.

මිලට ගත් සියල්ල දිය වී යද්දිත්

ලගින් උන් හැම වෙන්වී යද්දිත්

හදෙහි වූ හැම බොඳවී යද්දිත්

ඉතිරි වූයේ කළ මතකයන් පමණකි

එහි ලැබූ තෘප්තිය පමණකි





මිනිසුන් ගැන හිතන්නට හුරු වූවන් පිරි සමාජයක් උදෙසා කැප වෙමු 

වැඩ කරමු

එකාවන්ව එකතු වෙමු

අරගල කරමු

ජය වේවා

සටන් පෙරමුණට ගිය නුඹ නැවත ආවේ නැත සොයුරනි



ඔබ අප අතරින් වෙන් වූවා නොව අප හදවත් තුළ සදාතනික විය

නිදහස් අධ්‍යාපනය සුරැුකීමේ අරගල බිමේදී 2011/09/27 දින මිනීමරු මහින්ද රාජපක්ෂ රෙජීමය
විසින් බිල්ලට ගත්  ශිෂ්‍ය නායකයන් වූ අප ආදරණීය සොයුරන් වන ජානක බණ්ඩාර ඒකනායක හා සිසිත ප‍්‍රියංකර සොයුරන් අනුස්මරණ වැඩසටහන 2014/09/23 දින කැලණිය විශ්වවිද්‍යලයීය ශිෂ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්විනි. මේ අවස්ථාව සඳහා විශ්වවිද්‍යල සිසුන් , ආචාර්‍යවරු, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳව්ම්කරු නජිත් ඉන්දික සාහෝදරයා හා සිසිත ප‍්‍රියන්කර සහෝදරයාගේ ආදරණීය මිත්තණිය නැන්දණිය හා සොහොයුරියකද සම්බන්ද විය.



















බිහිදොර අබියස කලා උළෙල


Friday, September 12, 2014

කැලණිය යළිත් සටන් බිම පෙරමුණු තනයි


කෙටි කාලීන නිහඩතාවක් පැවති කැලණි ශිෂ්‍ය ව්‍යාපාරය යළිත් සටන් බිමට පිවිසියහ. වර්ථමානය වන විට අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ පාලක අන්තනෝමතිකත්වයන් හේතුවෙන් උද්තගව ඇති අර්බුදයනට විසදුම් ලබා ගැනීමට පාලකයන් හා කොතෙකුත් උත්සහ දැරුවද සියලුම උත්සහයන් ව්‍යර්ථ වී ගිය හෙයින් යළිත් අරගල බිමට පිවිසීමට සිදුවිය.

Tuesday, September 2, 2014

ජපුර සරසවියේ විභාග අවුල් කිරීම

මේ වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ප්‍රථම සයමාසික පරීක්ෂනය පැවැත්වෙමින් පවතී. මෙම විභාග බොහොමයක විවිද ආකාරයේ ගැටළු බොහොමයක් ඇතිවීම හේතුවෙන් විභාගයට පෙනීසිටි සිසුන් බරපතල පීඩාවකට පත්ව ඇත.

2014.09.01 දින පෙ.ව.9.00ට පැවැත්වීමට නියමිතව තිබූ බුදුදහම හා මානසික සංවර්ධනය විශය(2140) සඳහා ශිෂ්‍යන් 80 දෙනෙකු පෙනී සිටීමට නියමිතව තිබුනි. එසේ වුවද පෙ.ව. 9.00 වන තෙක්ම විභාග ශාලාව තුල විභාග අංක යොදා විභාගය පැවැත්වීමට හැකි වන ආකාරයේ කිසිම සූදානමක් නොතිබුනි. එබැවින් විනඩි 30ක් ප්‍රමාද වී විභාගය ආරම්භ කරන ලදී. මෙහිදී සිදු වූ බරපතලම ඛේදවාචකය වූයේ සිසුන් 80ක් පෙනී සිටිමට නියමිතව තිබූ විභාගය සඳහා ප්‍රශ්නපත්‍ර ප්‍රමානවත්ව තිබුනේ 47 දෙනෙකුට පමණි. මෙම හේතුව නිසා ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියමින් සිටි සිසුන්ට පිළිතුරු ලිවීම නතර කර විභාග ශාලාවෙන් ඉවත්වීමට සිදුවිය.

Friday, August 29, 2014

බිහිදොර අබියස ප‍්‍රාසාංගික කලා උළෙල 2014

බිහිදොර අබියස ප‍්‍රාසාංගික කලා උළෙල 2014
කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් 14 වන වරටත් සංවිධානය කරනු ලබන බිහිදොර අබියස කලා උළෙල කැලණි සරසවියේදි පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් පවතී.
 කලාව මුදලට තීන්දු වූ යුගයක කලා කරුවන් මුදල් පසුපස හඹා යමින් තම කලා වටිනාකම් හෑල්ලූවකට ලක්කරගත් යුගයක ධනවාදයේ කුරිරුතම ගොදුරක් වූ සමාජයේ මිනිසුන් උදෙසා කලාව ප‍්‍රතිනිර්මාණය කරගැනීම උදෙසා මාවතක් විවිර කර දීමක් ලෙස බිහිදොර අබියස කලා උළෙල දැක්විය හැක. බිහිදොර අබියස උත්කර්ශයට නංවනුයේ සරසවි සිසුන්ගේ ශ‍්‍රමය තුලිනි. අසිමතව ශ‍්‍රමය හෙලමින් මෙම දැවැන්ත කලා මංගල්‍ය අවසන දැවැන්ත අද්දැකීම් සම්භාරයක් හා දැවැන්ත මානව සම්බන්ධතා ප‍්‍රමාණයක් ශිෂ්‍යන්ට ලැබෙන අතර ලංකාව පුරා වෙසෙන කලා හිතවාදීන් හා එකිනෙකා අතර සබඳතා ගොඩනංවමින් ඉහළ ගණයේ කලා කෘතියක් ලෙස කලා උළෙල එළිදැක්වෙනු ඇත. මේ වටා එකතු වී ජීවිතයේ දුර්ලභ ගණයේ අවස්ථාව හා එක්ව සමාජයට ශක්තිමත් පුද්ගලයෙකු ලෙස ප‍්‍රවිශ්ඨ වීමට මෙය අවස්ථාවක් කරගැනීම ඔබ අප සැමගේ වගකීමක් වනු ඇත.

Thursday, August 21, 2014

කැලණි සිසුහූ යළි සටනේ






කැලණිය විශ්වවිද්‍යාලය තුළ උද්ගතව ඇති අධ්‍යයන හා සුභසාධන ගැටලු හා සමස්ත අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ උද්ගතව ඇති අර්බුධකාරී තත්ත්වයනට එරෙහිව යළි සටන් බිමට පිවිසයහ. 08/20 ඊයේ දිනයේදී දහවල් විශ්වවිද්‍යාලය තුළ උද්ඝෝෂණය පැවැත්විනි. එහිදී මුලික වශයෙන් අවධානය යොමුකරන ලද කරුණු පහත
පරිදි වේ.



01 කැලණිය විශ්වවිද්‍යාලය තුල බාහිර උපාධි ලේබලය යටතේ කලා උපාධිය හා කළමණාකරන උපාධිය විකිණිම වහා නවතනු

02 ශිෂ්‍ය නිදහස අහිමි කරමින් විශ්වවිද්‍යාලය තුළ සවි කර ඇති කැමරා පද්ධතිය වහ ඉවත් කරනු.

03 පොරොන්දු වූ පිරිමි නේවාසිකාගාරය කඩිනමින් ඉදිකරනු.

04 නේවාසිකාගාර ඉල්ලූ සිසුන්ට පැනවූ අත්හිටවූ පන්ති තහනම් වහා හකුළා ගනු.

05 සරසවිය තුළ පහසුකම් සඳහා මුදල් අයකිරීම වහා නවතනු.

06 12-1 කෑම පැය විවේක කාලය ලබා දෙනු.

07 80% පැමී්ණිම වර්තා කිරීමට පනවා ඇති නීතිය ඉවත්කරනු.

08සරසවිය තුළ ශිෂ්‍ය නිදහස තහවුරු කරනු.

09 අධ්‍යාපනයට මුදල් අය කිරීම වහා නවතනු.

ඉහත කරුණ මුල් කර ගනිමින් විරෝධතාව පැවැත් වූ අතර දිගින් දිගටම ප‍්‍රකාශ කර සිටිනුයේ සමාජීය අයිතියක් වූ අධ්‍යාපන අයිතිය මුදලට තීන්දු කිරිීමට කිස්සේත් ඉඩ ලබා දිය නොහැකි බවයි.


Thursday, August 14, 2014

කැලණියේ උපාධි විකුණයි

කැලණියේ උපාධි විකුණයි
කැලණිය විශ්වවිද්‍යාලයේ මේ වන විට සෑම අධ්‍යයන අංශයකම පාහේ උපාධි පාඨමාලා ඩිප්ලෝමා වශයෙන් කාලයක සිට අලෙවිකරමින් පවතී. එහි නවතම තත්ත්වය වනුයේ කලා උපාධිය රු ලක්ෂ 75කට බාහිර උපාධි ලේබලය යටතේ වෙළඳපලට ඉදිරිපත් කර ඇත. කොතරම් ඩිප්ලෝමා දෙනවාද උපාධි දෙනවාද යන්න නොව සමාජ අයිතියක් වූ අධ්‍යාපන අයිතිය විකිණිම අතිශයින්ම අයුක්තිසහගත වන අතර එහි දීර්ඝ කාලීන ප‍්‍රතිඵලය වනුයේ රටේ අහිංසක දුප්පත් ජනතාවට අධ්‍යාපන අවස්ථා අහිමි වී අධ්‍යාපනය ඇති පන්තියේ වරප‍්‍රසාදයක් වීමයි.අප පවසා සිටිනුයේ අධ්‍යාපන අවස්ථා පූලුල් කළ යුතුය එහෙත් එය මුදල් අයකරීමෙන් තොර විය යුතුය. නව විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතන ඇරඹිය යතු අතර රජය හරහා අධ්‍යාපනය ලබාදිය යුතු අතර කිසිදු මුදලක් අප නොකළ යුතුය.කැලණිය විශ්විද්‍යාලයේ වර්තමාන පරපුර වන අප මෙයට එරෙහිව පෙල ගැසිය යුතුය.අධ්‍යාපනයට මුදල් අය කිරීම නවතා අධ්‍යාපන අවස්ථා පුලුල් කර නිදහස් අධ්‍යාපනය සමාජයට උරුම කර දිය යුතුය. සටන් කොට අධ්‍යාපය අයිතිය අප වෙනුවෙන රැුක ගනිමු. පන්ති පාට ජාති බේද නොමැතිව පීඨ බේද නොමැතිව එක් වෙමු, පෙල ගැසෙමු සටන් කරමු



ජය වේවා...

පහත ඩිප්ලෝමා විකුණනු ලබයි

ආදී විද්‍යාර්ථීන්ගේ සංසදයේ නොපෙනෙන වේශය



ආදී විද්‍යාර්ථීන්ගේ සංසදය නම් වූ විශ්වවිද්‍යාලයේ සංගමය විසින් ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනී සිටින බව මවාපාමින් නේවාසිකාගාර ගැටලුව විසදීම සිය රාජකාරියක් කොටගෙන ඇත. නමුත් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනුයේ රටේ දක්ෂයන් බව නොසලකා කිසිත් නොතේරෙන අමනයන් යැයි සිතමින් ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත‍්‍රයක් ඇටවීමට අර අදින බව පැහැදිලිය.

Monday, April 14, 2014

නිදහස් අධ්‍යාපනය රැක ගත යුත්තේ ඇයි?




නිදහස් අධ්‍යාපනය රැකගත යුත්තේ මන්ද යන්න සම්බන්ධව මෙරට තුළ හටගෙන ඇත්තා වූ සංවාදය මේ වන විට යම් ප්‍රමාණයකින් අධිපති දේශපාලන මතවාදය හමුවේ ගිලිහී යමින් පවතින බවක් පෙනී ගියද,නිදහස් අධ්‍යාපන පනත හඳුන්වාදුන් අවස්ථාවේ දී එහි පුරෝගාමියා වශයෙන් කටයුතු කළ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මැතිඳුන් මෙහි වටිනාකම සම්බන්ධයෙන් සිදුකරන ලද එක්තරා ප්‍රකාශයක් කැටිත්තක් වශයෙන් ගෙන මෙහිදී සඳහන් කිරීමට වටී. ඔහු පැවසූයේ ඈත හද්දා පිටිසර පොල්අතු පැලක ඉපිද දැනුමින් ලෝකය පුබුදු කරන්නට සංචිත සක්‍යතාවෙන් යුතු දුගී දුප්පත් දරුවනට ද ඒ සඳහා අවස්ථාව නිදහස් අධ්‍යාපනය මගින් උදාවන බවකි. මෙම අරමුණ කෙතරම් නම් මානුෂික හා සහනදායී දැයි සිතාබැලිය යුතුය.

Tuesday, April 1, 2014

ෆ්‍රෙඩ් හැම්ප්ටන්: ඌරකු නොව විප්ලවවාදියෙකු වීමට


සහෝදර සහෝදරියනි,

මම ඉපදුනේ සාමාන්‍ය මධ්‍යම පන්තියේ සමාජයක. ඒ නිසා තරමක හොඳ දේවල් මගෙ ජීවිතයේ මට ලැබුණා. නමුත් කෙමෙන් කෙමෙන් මම දැනගත්තා කුසට ආහාර ලැබෙන මිනිසුන්ට වඩා කුසගින්නේ ම ජීවත්වන මිනිස්සු මේ ලෝකයේ වැඩි බව. ඒ වගේම ශරීරයට අඳින්නට ඇඳුම් තියෙන මිනිසුන්ට වඩා ඇඳුම් කඩමාල්ලක් වත් නොමැති මිනිස්සු වැඩි බව. "මම" යනුවෙන් හැඳින්වෙන්නේ යාන්තමින් හෝ සැප විඳින කුඩා ජන කොට්ඨාශයෙන් එක් කෙනෙක් විතරයි. ඒ නිසා මම තීරණය කළා බහුතරයක් වූ අනෙකුත් මිනිසුන් කවදා හෝ නිදහස් වන තෙක් ඒ සඳහා ක්‍රියාකාරී වෙන්නට. ඒ අරගලය අත් නොහැර හිඳින්නට.

"විප්ලවය" කියන වචනය සමහරු පටලවා ගන්නවා. ගොඩක් අය හිතන්නේ විප්ලවය කියන්නේ නරක වචනයක් කියලා. විප්ලවය කියන්නේ ඔබගේ ශරීරය මතුපිට ඇති පැසවුණු තුවාලයක කැක්කුම් සුව කරගැනීම පිණිස ඒ මත තබන බෙහෙතක් වැනියි. අපි සියල්ලම ජීවත් වෙන්නේ රෝගී වුණු සමාජ පන්තියක. අපරාධකරුවන්, හොරුන්, මංකොල්ලකරුවන් හා දූෂකයින් බිහි කරණ සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. එවැනි සමාජයක් නීරෝගී නැහැ.

සමහර යථාවන් වෙත අපට මඟහැර යා නොහැකියි. සත්‍යය නම් බහුතරයක් දුප්පතුන් යන්නය. සත්‍යය නම් බහුතරය අයත් වන්නේ ඔබත් අයත් පීඩිත පංතියට බව යන්නය. මම කතා කරන්නේ සුදු ජාතික බහුතරය ගැන. මම කතා කරන්නේ කළු බහුතරය ගැන. ඒ වගේම දුඹුරු හෝ කහ පැහැ සම සහිත බහුතරය ගැන.

සහෝදර සහෝදරියනි,

කතා කරනවාට වඩා වැඩියමක් අපට කරන්නට සිදුව තිබෙනවා.

ඇහුම්කන් දෙනවාට වඩා වැඩියමක් අපට කරන්නට සිදුව තිබෙනවා.

දැනුවත් වෙන ප්‍රමාණයට වඩා ට වඩා වැඩියමක් අපට කරන්නට සිදුව තිබෙනවා.

ඉතාමත්ම මහන්සියෙන් කැපවීමෙන් අපි ඒ සඳහා පුරුදුවීම ආරම්භ කළ යුතුයි. ඉතාමත්ම අමාරු වුවත් අපිට ඒ වෙනුවෙන් නිවෙස් වලින් එළියට බැස දුක් විඳින මිනිසුන් සමඟ එකට වැඩ කිරීමට පුරුදුවීම ආරම්භ කළයුතුයි.

අපිට ඉතා අසීරු වැඩ කොටසක් කරන්න ඉතිරි වී තිබෙනවා.


ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය යි. නිසි අධ්‍යාපනය නොලැබුණු විට මිනිසුන් ඕනෑම දෙයක් අනුමත කරාවි. දැනුවත් නොවුණු විට අද තියෙන "යටත් විජිතවාදය" වෙනුවට හෙට "නව යටත් විජිත වාදය" ඔබට ලැබේවි. අධ්‍යාපනයක් නැති විට ජනතාව දන්නෙ නැහැ මොනවද කරන්නේ ඇයි එහෙම කරන්නේ කියලා. ඔබට පුළුවන් වෙයි ජනතාව උද්වේගාත්මක ව්‍යාපාරයක් සඳහා එකතු කරගන්නට, ඒ මිනිස්සුන්ගේ දුප්පත් කම හින්දා එහෙම නැතිනම් ඒ මිනිස්සුන්ට මොනවා හරි ම දෙයක් උවමනා හින්දා.

අප පවසන්නේ මෙම අරගලයේ මූලික පදනම "පංතිය" බවයි. මාක්ස්, ලෙනින්, චේ ගුවේරා සහ මා ඕ සේතුං ඉතිහාසය පුරා පැවසුවේ, දැනුවත් කළේ සහ පුරුදු පුහුණු කළේ විප්ලවයේ පදනම පංති අරගලය යනුවෙන්. එක් පංතියක් පීඩිතයායි. අනෙක පීඩකයායි. එය විශ්වීය සත්‍යයයි.

සමහරවිට යමෙක් ඔබට පවසාවි ගින්දරත් එක්ක සටන් කිරීමට හොඳම අවිය ගින්දර බව. නමුත් අප ගින්දරත් එක්ක ගින්දර වලින් සටන් කරන්නෙ නෑ. ගින්දරත් එක්ක සටන් කිරිමට ඇති හොඳම අවිය වතුර. අපි ගින්දරට එරෙහිව සටන් කරන්නේ වතුරෙන්. අපි ජාතිවාදය ත් එක්ක සටන් කරන්නෙ එක්සත් කමින්. අපි සුදු ධනේශ්වරය ට එරෙහිව සටන් කරන්නට කළු ධනේශ්වරය යොදා ගන්නෙ නැහැ.

අපි ධනේශ්වරය සමඟ සටන් කරන්නේ සමාජවාදය සමඟින්.

සමාජවාදය යනු ජනතාවයි.

ඔබ සමාජවාදය ට බිය වන්නේ නම් ඔබ බිය වන්නේ ඔබටමයි.

ඔබ තේරුම් ගත යුතුයි සමාජවාදය අවශ්‍ය නම් ජනතාව යමක් කැප කළ යුතුබව. ඔබ අරගලය සඳහා අභියෝග කරන්නේ නම් ඔබ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ද එයින්ම අභියෝග කරනවා.

ඔබ අරගලය සඳහා අභියෝග නොකරන්නේ නම් ඔබ ජයග්‍රහණය සඳහා ද සුදුස්සෙක් නොවේ.

ද්‍රෝහී වෙමින් පාරවල් දිගේ උඩට පහළට යන ප්‍රතිගාමී ඌරන් සමඟ අපගේ ගනුදෙනුවක් නැහැ. අප සිදුකරන්නේ සංවිධානගත වීම හා විප්ලවවාදී දේශපාලන බලය සඳහා අපේ ජීවිත කැප කිරීමයි. පවතින දේශපාලන ව්‍යුහයට එරෙහිව සටන් වැදීම සඳහා අවශ්‍ය විශේෂිත දෑ සඳහා පුරුදු පුහුණු වීමයි. අපි ම ඒ සඳහා සන්නද්ධ වීමයි. ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවය සමඟින් අපි ප්‍රතිගාමී ඌරන් සමඟ සටන් වදිමු. එය යි සිදු විය යුත්තේ. කම්කරු පන්තිය වෙත බලය හිමි වීම අනිවාර්යක්. එය අයිති විය යුත්තේ ජනතාවටයි.

සහෝදර සහෝදරියනි,

මම මට පැවරී ඇති වගකීම ඉටුකිරීමට සූදානම්.

මම හිතනවා මගේ මරණය සිදුවන්න ඕනේ හදිසි රිය අනතුරකින් නොවෙයි කියලා.

මම හිතනවා මගේ මරණය සිදු වන්න ඔනේ පය ලිස්සා ඇද වැටීමකින් නොවේ කියලා.

මම විශ්වාස කරන්නෙ නෑ මම ඉපදුනේ හෘදයාබාධයකින් මිය යන්නට කියලා.

එහෙමත් නැත්තම් මම විශ්වාස කරන්නෙ නෑ මම ඉපදුනේ පෙනහළු පිළිකාවකින් මැරෙන්නට කියලා.

ඔබ හිතනවා නම් ඔබ මැරනේන තරුණ වැඩියි. ඔබට තව කාලයක් ජීවත් වෙන්න අවශ්‍යයි කියලා, එහෙම නම් සහෝදර සහෝදරියනි ඔබ දැනටමත් මරණයට පත් වී අවසානයි.

මම විශ්වාස කරනවා මට පැවරී ඇති කාර්යය සිදු කිරීමට මට හැකියාවක් තියෙනවා කියා.

මම විශ්වාස කරනවා කම්කරු පන්තියට වඩා හොඳ ජීවිතයක් ලබා දීමට මගේ ජීවිතය පරිත්‍යාග කිරීමට හැකි යැයි කියා.

මම විශ්වාස කරනවා ජාත්‍යන්තර කම්කරු අරගලයේ විප්ලවවාදීයෙක් හැටියට මට මරණයට පත් වන්නට හැකි යයි කියා.

ඔබ සියළු දෙනාම අවසානයේ එයත් සමග ජීවත් වේවි.

එම අරගලය එලඹෙන්නට නියමිතයි.

ඔබට නිදහස වෙනුවෙන් සටන් වදින්නෙක් සිරගත කළ හැක. එහෙත් නිදහස සිර ගත කළ නොහැක. ඔබට විප්ලවාදියෙක් මරා දැමිය හැක. එහෙත් ඔබට කිසිම දිනක විප්ලවය මරා දැමිය නොහැක.



ෆ්‍රෙඩ් හැම්ප්ටන්

‍ෆ්‍රෙඩ් හැම්ප්ටන් යනු "බ්ලැක් පෑන්ත(ර්)" පක්ෂයේ ඇමෙරිකාවේ ඉලිනෝයි(ස්) ශාඛාවේ උප සභාපතිවරයායි. කළු ජාතීන්ගේ නිදහස, නිර්ධන පංති විප්ලවය හා සමාජවාදය වෙනුවෙන් සටන් වැදුණු සටන් සගයෙකි. ඔහු සතු වූ ජීව ගුණය හා කළු ජාතීන්ගේ පීබිදීමට බිය වූ රිචඩ් නික්සන් රජයේ බලපෑම මත මෙම තරුණ රැඩිකල් විප්ලවවාදීයා ව 1969 දී ඇමෙරිකාණු රාජ්‍ය රහස් පරීක්ෂක බියුරෝව (FBI) මෙහෙයවීමෙන් නිදි යහනේදී ම වෙඩි තබා මරා දමද්දී වසය 21 සම්පූර්ණ වූවා පමණකි. ඉහතින් සඳහන් වන්නේ ‍ෆ්‍රෙඩ් හැම්ප්ටන් විසින් පැවැත්වූ කතා කිහිපයක සාරාංශයෙන් සැකසූවක ලූප්හෝල්ස් [loopholes] අනුවාදයකි. 

Monday, March 24, 2014

විප්ලවය


කිසිවක් නොපෙනෙන ඇතැමෙකු
පවසයි අන්ධයින් යයි අප
එද ඔබ උගැන්වූයේ අපට
උදා වන කාලයෙන් කාලයට
දකින්නට ඇවැසි බව එහි පැහැය.

කිසිවක් නෑසෙන ඇතමෙකු
පවසයි බිහිරුන් යයි අප
එද ඔබ උගැන්වූයේ අපට
මිනිස්කමේ මුදු බවින් නැගෙන
ජවය පිරි හඬට
සියල් දෙසට
යොමන්න ට ඇවැසි බව දෙසවන .

බියගුල්ලෝ කියති බියගුල්ලන් යැයි අපට
එද, මුහුණ දෙමු අපි ඔබ සමග
සියළු සෙවණැලි වලට
විපරිණාමය කරවමු උහු සතු මුහුණු
අපරාධකරුවෝ කියති අපරාධකරුවන් යයි අපට
එද ඔබ සමග පැතුමක් ද ගෙන නැගෙමු
තබමු තිත
අපරාධයට,
ගණිකාචාරයට
සහ කුසගින්නට.

නෙත් ද,
හඬ ද,
දෙසවන් ද,
ආත්මයද,
තබමි
මිනිසත් බවේ හදවතට.

වර්ගවාදීහු කියති මානව විරෝධීන් යැයි අපට
එද ඔබ සමග හෙළා දමනෙමු ද්වේෂය
එහි සර්ව භෞමික සොහොනට
එකිනෙකා වැළඳ සැනහෙන නගර තුල.

උහු කියති බොහෝ දේ තව තව
කුමක් කීවෙද අමතකය ඒවා උසුරුවන්නන්ටම
ඒවා මුග්ධය ඔවුන් ලෙසටම
ඒ නැගෙන හෙට දින
මුනුපුරු - මිනිපිරියන් උන්ගේම
ප්‍රීතියෙන් කුල්මත්ව
පෙම් කරනු ඇත ඔබට
කියනු ඇත උහු
ආකස්මික වූ
ඔබේ නාමය :
'
විප්ලවය'



Otto René Castillo | ඔටෝ රෙනෙ කැස්ටිලෝ "Revolution"කවියේ පරිවර්තනය

අාදරනීය දුයිෂෙන්..........

බොහෝ කලක සිට
බලා සිටිමි මම - ඔබ එනතුරු
තණබිම කෙළවර අයිලය වූ
වෙල්යායේ ඉම මා උපන් ගමේ...

ලෙනින් මිය ගිය දා අඳුරු වූ
ඔබේ මුහුණ දකින්නට..
අල්තීනායි රැකවරණ සෙවු
ඔබේ උරහිස දකින්නට..
අයිලයේ පාසල තැනු
ඔබේ අත් සිඹින්නට..
ගඟ මතින් ළපැටියන් එතෙර කළ
ඔබෙ දෙපා වඳින්නට..

වසන්තය ගෙවී යයි සෙමින්
ගිම්හානයත් ළඟයි දැන්
කඳු මුඳුන මත ගසෙහි
කුරුලු කූඩුව සැළෙයි..
හමන මඳ සුළඟට පවා

කනිටු විදුහලත් වැසුණා - පසුගිය වාරයේ
අන්තිමට ළමයි තුන්දෙනයි සිටියේ!
ඉතින්!
කවදාවත් නෑවිත් මගේ ගමට
ඔබ,
නතර වේවි ද!
නගරයේ ජාත්‍යන්තර පාසලේ...


උපුටාගැනීම boondi