නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Tuesday, March 31, 2015

යහපාලන ආණ්ඩුවෙන් අන්තරේ පා ගමනට ම්ලේච්ච ප්‍රහාරයක් එල්ල කරයි.

යහපාලන ආණ්ඩුවෙන් අන්තරේ පා ගමනට ම්ලේච්ච ප්‍රහාරයක් එල්ල කරයි.


අද දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් පාසල් තුල මුදල් අය කිරීම නීතිගත කල නව චක්‍රලේඛය අහෝසි කරගන්නා ලෙසත්, මාලඹේ,කොතලාවල ඇතුළු සියලු උපාධි කඩ අහෝසිකරගන්නා ලෙසත්, විවෘත විශ්වවිද්‍යාලයේ සිසු ගැටළු විසදන ලෙසත් ඇතුලු ඉල්ලිම් 14ක් මුල් කරගනිමින් දැවැන්ත පා ගමනක් පැවැත්වූහ. මෙම පා ගමන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කර ජනාධිපති මන්දිර දෙසට ගමන් කරන අවස්ථාවේදී කොල්ලුපිටිය මංසන්දිය අසලදී සිසුන්ට පොලිසිය විසින් ජල ප්‍රහාර, කදුළු ගෑස් හා බැටන්පොලු පහරද එල්ල කලේය. මෙම පහරදීම විනඩි 30කට ආසන්න කාලය පැවතුනි. පහරදීමෙන් අනතුරුව සිසුන් 5 දෙනෙකු අත් අඩංගුවට ගත් අතර ඔහුන්ට අමානුශික ලෙස පහර දී තිබේ. අත් අඩංගුවට ගත් සිසුන් වහා නිදහස් කරන ලෙස බල කරමින් සිසුන් විරෝධතාවක නිරතවෙමින් කොල්ලූපිටිය මන්සංදියේ මහවැසි නොතකා රැදී සිටි අතර අවසානයේ අත් අඩංගුවට ගත් සිසුන් නිදහස් කරන ලදී. යහපාලන ආණ්ඩුවේ මෙම පහරදීමෙන් තුවාළ ලැබූ සිසුන් 8 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර තිබේ.

විරෝධතා පාගමනේ සිසු ඉල්ලිම්

1)පාසල් තුළ මුදල් අය කිරිම නීතිගත කරන නව චක‍්‍රලේඛය අහෝසි කරනු!
2)මාලඹේ, කොතලාවල ඇතුළු සියලූ උපාධි කඩ අහෝසි කරනු!
3)අඛණ්ඩ සත්‍යග‍්‍රහය දින 100 ඉක්මවයි. විවෘත විශ්වවිද්‍යාලයේ සියලූ සිසු ගැටළු විසදනු!
4)මෛත‍්‍රී-රනිල් ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුලන, මර්දන නීති දීර්ඝ කරන වැඩපිළිවෙලට එරෙහිවෙමු!
5)අධ්‍යාපනය විකිණීමේ නව සැලසුම යෝජිත ශිෂ්‍ය ණය ක‍්‍රමය හකුලා ගනු!
6)බිබිලේ නම විකුණමින්, රෝගීන් සූරාකන, සමාගම් තරකරණ ඖෂධ පනත හකුලා ගනු!
7)සිසුන් බලහත්කාරයෙන් දේශන ශාලාවලට ගාල් කිරීම නවතනු! අධ්‍යාපනයේ නිදහස ලබාදෙනු!
8)දෙනවා කිව්ව 6%ත් නෑ. අයවැයෙන් අධ්‍යාපනයට සත පහක්වත් වැඩි කරලත් නෑ. අධ්‍යාපනයට ප‍්‍රතිපාදන ඉහල දමනු!
9)ශිෂ්‍ය කප්පාදුව වහා නවතනු!
භික්ෂු බඳවාගැනීම් ඉහල දමනු!
10)ජානක - සිසිත ඝාතනය හෙළිදරව් කරනු!
11)ත‍්‍රස්ථ විමර්ශන අංශය මඟින් පැහැරගෙන ගොස් දින 200ක් තිස්සේ රදවාගෙන සිටින සෙන්දිල් කුමාර් සුදර්ශන් සහෝදරයා නිදහස් කරනු!
12)යාපනය, නැගෙනහිර සරසවි තුළ සිදුකරන මිලිටරි මැදිහත්වීම් නවතනු!
13)උසස් තාක්ෂණ ආයතන තුළ පාඨමාලා මුදලට විකිණීම නවතනු! HNDA පාඨමාලාවට හිමිව තිබු උපාධි සමානතාවය නැවත බලාත්මක කරනු!
14)දිනාගත් මහපොළ වැඩිකිරීම මෛත‍්‍රි-රනිල් ආණ්ඩුව කොල්ලකයි. මහපොළ හා ශිෂ්‍යාධාර වාරික වහා ඉහල දමනු!

Saturday, March 21, 2015

අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණය කළ ඉන්දියානු සිසුන්ටත් දරුණු පොලිස් ප‍්‍රහාර...

අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණය කළ ඉන්දියානු සිසුන්ටත් දරුණු පොලිස් ප‍්‍රහාර...

Thursday, March 19, 2015 iusf
උසස් අධ්‍යාපනය තුල කෙරෙන ශිෂ්‍ය කප්පදුව නවතනු!
භික්ෂු බඳවාගැනීම් ඉහළ දමනු!
ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේම මේ වන විට ශිෂ්‍ය කප්පදුව හා භික්ෂු කප්පදුව සිදුවෙමින් පවති. සරසවි තුල පාථමාලා මුදලට විකිනණීම නිසාවෙන්, නිදහස් ප්‍රවේශයෙන් සරසවියට පැමිණෙන භික්ෂූන්ද කප්පදු කොට තිබේ. භික්ෂූන් බඳවා ගන්නා තෙක් සත්‍යග්‍රහය ඉදිරියට...

Sunday, March 15, 2015

poster



80% ප්‍රතිපත්තියට එරෙහි රුහුණ විශ්වවිද්‍යාලයීය සිසුන් අඛන්ඩ සත්‍යග්‍රහයක

80% ප්‍රතිපත්තියට එරෙහි රුහුණ විශ්වවිද්‍යාලයීය සිසුන් අඛන්ඩ සත්‍යග්‍රහයක

Thursday, February 26, 2015

ශිෂ්‍ය භික්ෂු කප්පාදුවට එරෙහි පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් විරෝධතාවක්

ශිෂ්‍ය භික්ෂු කප්පාදුවට එරෙහි පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් විරෝධතාවක්

Thursday, February 26, 2015

දඹුල්ල පැල්වැහැර උද්ඝෝෂණය කළ ගොවීන් මර්දනය කිරීම නවතනු!

දඹුල්ල පැල්වැහැර උද්ඝෝෂණය කළ ගොවීන් මර්දනය කිරීම නවතනු!

Sunday, March 1, 2015 by inter university student federation

අයදුම් කල සියළු සිසුන්ට නේවාසික පහසුකම් ලබා දෙනු! ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

අයදුම් කල සියළු සිසුන්ට නේවාසික පහසුකම් ලබා දෙනු!

Tuesday, March 3, 2015 by  inter university student federation

Monday, March 2, 2015

මරණයට ඉඩ හරිනවද? ජීවන හුස්ම පිඹිනවද?



සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මේ වන විට බරපතල අර්බුද රාශියක් පැන නැ`ගී ඇත. විිශ්්වවිද්‍යාල ආශ‍්‍රිතව පමණක් නොව අධ්‍යාපන ක්ෂේත‍්‍රයම දිනෙන් දින උග‍්‍රවන අර්බුදයකට පාලකයන් විසින් ලක් කර ඇත. එය අධ්‍යයන හා සුභසාදන යන දෙඅංශයෙහිම නිර්මාණය කර ඇත. අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ඵලදායිතාවය හීන වෙමින් පවතින අතර අධ්‍යාපනය තුළින් වඩා පුරවැසියකු බිහිවනු වෙනුවට පවත්නා අධ්‍යාපන ක‍්‍රමය තුලින් දැනුමින් පරිණත නොවූ, පරාධීන, පෞර්ෂය හීනකරගත් මන්්දබූද්ධික තත්ත්වයට පත්වූ පුද්ගලයකු පමණක් බිහිකරන තැනට පත්ව ඇත.

මානව නිදහස අහිමි කරමින් වාණිජකරණය වූ සමාජය තුළ සමාජ,