දඹුල්ල පැල්වැහැර උද්ඝෝෂණය කළ ගොවීන් මර්දනය කිරීම නවතනු!
Sunday, March 1, 2015 by inter university student federation
පැල්වැහැර ප්‍රදේශයේ පිහිටා තිබූ රජයේ බීජ ගොවිපළ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ සමාගමකට විකුණා දැමීමට කටයුතු කරන ලදි. එම කි‍්‍රයාවලියේදී එහි සේවය කළ ගොවීන් හා සේවකයන්ගේ රැුකියා බරපතල අනතුරකට හෙළන ලදි. මෙය පාලකයන් ක්‍රියාත්මක කරමින් සිටින ‘‘නව ලිබරල් ධනවාදී’’ ආර්ථික ප්‍රතිපත්තියේම කොටසකි.
එහි සේවකයින් මෙම ක්‍රියාවලියට දිගින් දිගටම එරෙහි වූ අතර, පසුගිය පෙබරවාරි 26 වනදාට (මීට දින තුනකට ඉහතදී) මීට විරුද්ධව දඹුල්ල නගරයේදී ගොවි උද්ඝෝෂණයක් ක්‍රියාත්මක විය. එහි මූලික ඉල්ලීම් වූයේ බීජ ගොවිපළ සමාගම් වලින් මුදවා රජයට පවරා ගැනීම, බීජ ගොවිපළ ආරක්ෂා කිරීම හා සේවකයින්ගේ රැුකියා අයිතිය සුරක්ෂිත කිරීමයි. නමුත් මෛතී‍්‍ර-රනිල් ආණ්ඩුවත් මෙම ඉල්ලීම් වලට කන් දෙනවා වෙනුවට උද්ඝෝෂණය මෙහෙය වූ ගොවි නායකයින් 11 දෙනෙක් පොලිසිය යොදවා අත්අඩංගුවට ගන්නා ලදි. මේ වන විට ඔවුන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තබාගෙන සිටී.
අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්ම ඉතිරිවී ඇති අනෙකුත් සමාජ අයිතීන් සමාගම් වලට විකුණා දමමින්, මෙම ආණ්ඩුවද ක්‍රියාත්මක කරන්නේ රාජපක්ෂලා කි‍්‍රයාත්මක කළ නව ලිබරල් ආර්ථික ප්රතිපත්තියම බව මෙමගින් පැහැදිලි වේ. එමෙන්ම ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන බවට හ`ඩ නගමින් බලයට පැමිණි මෛත්‍රි-රනිල් ආණ්ඩුවේ මෙම මර්දනකාරී පියවර අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු. එමෙන්ම අරගල කරන ගොවීන්ට අපගේ සහෝදරත්වය සහ සහයෝගය ප්‍රකාශ කර සිටිමු. ඉල්ලීම් දිනා ගැනීමට අඛණ්ඩව අරගල කරන ලෙසත්, ඒ සඳහා අනෙකුත් පීඩිත කොටස් සමග එකතු වන ලෙසත් අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.
No comments:
Post a Comment