සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මේ වන විට බරපතල අර්බුද රාශියක් පැන නැ`ගී ඇත. විිශ්්වවිද්‍යාල ආශ‍්‍රිතව පමණක් නොව අධ්‍යාපන ක්ෂේත‍්‍රයම දිනෙන් දින උග‍්‍රවන අර්බුදයකට පාලකයන් විසින් ලක් කර ඇත. එය අධ්‍යයන හා සුභසාදන යන දෙඅංශයෙහිම නිර්මාණය කර ඇත. අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ඵලදායිතාවය හීන වෙමින් පවතින අතර අධ්‍යාපනය තුළින් වඩා පුරවැසියකු බිහිවනු වෙනුවට පවත්නා අධ්‍යාපන ක‍්‍රමය තුලින් දැනුමින් පරිණත නොවූ, පරාධීන, පෞර්ෂය හීනකරගත් මන්්දබූද්ධික තත්ත්වයට පත්වූ පුද්ගලයකු පමණක් බිහිකරන තැනට පත්ව ඇත.
මානව නිදහස අහිමි කරමින් වාණිජකරණය වූ සමාජය තුළ සමාජ,
සංස්කෘතික, ආචාරධර්ම කෙලෙසමින් නරුමත්වයට පත්වූ ආත්මාර්ථකාමී පුද්ගලයකු
මෙම අධ්‍යාපන ක‍්‍රමය තුලිින් නිර්මාණය වෙමින් පවතී. එබැවින් මෙම අධ්‍යාපන ප‍්‍රතිපත්තිය, අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කළ යුතුව ඇත.
සංස්කෘතික, ආචාරධර්ම කෙලෙසමින් නරුමත්වයට පත්වූ ආත්මාර්ථකාමී පුද්ගලයකු
මෙම අධ්‍යාපන ක‍්‍රමය තුලිින් නිර්මාණය වෙමින් පවතී. එබැවින් මෙම අධ්‍යාපන ප‍්‍රතිපත්තිය, අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කළ යුතුව ඇත.
ස්ථර කිහිපයක සමාජ ක‍්‍රමයක් පවතින වර්තමාන නව ලිබරල්වාදී ආර්ථික ක‍්‍රමවේදය අනුගමනය කරන පාලකයන් විසින් අධිරාජ්‍යයන් හා ගැතිව සිටිමින් මු`ඵමහත් රටේම ජනතාවගේ ජීවිත බරපතළ අවධානමකට ලක්කර ඇත. වංචා දූෂණ සාපරාධී ක‍්‍රියාවන් දිනෙන් දිනම උග‍්‍ර වෙමින් පවතින අතර එය ලිබරල්වාදී ආර්ථිකය තුල වන අවශ්‍යතාව මෙන්ම ලක්ෂණයක්ද වේ. මිනිස් ජීවීත වලට බලපා ඇති මෙම අර්බුදය ඇති කිරීම අනෙක් අතට අධ්‍යාපනය ක්ෂේත‍්‍ර හරහාද ධනපති පාලකයින්ගේ උවමනාවන්ට අනුව සිදු කරමින් පවතින්නකි.
ලිබරල් ප‍්‍රතිසංස්කරණ තුළ අධිරාජ්‍ය ගැති න්‍යාය පත‍්‍රයට අනුව සුභසාදන භාණ්ඩ තිබිය නොහැක. එබැවින් දැනට යම්තාක් දුරට හෝ පවතින නිදහස් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයන් කර ලාභ ලබාගත හැකි ක්ෂේත‍්‍රයක් බවට පත්කිරීම පාලක අවශ්‍යතාව වේ. එසේම අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීම සඳහා නිදහස් අධ්‍යාපනය අර්බුදයට ලක් කළ යුතුය. ඒ සඳහා රාජ්‍ය විසින් අවශ්‍ය ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් පවතී. අධ්‍යාපන ප‍්‍රතිපාදන කප්පාදුව, පාඨමාලා කප්පාදුව , ආයතන තුළ පාඨමාලා විෂය ක්ෂේත‍්‍ර කප්පාදුව, රාජ්‍ය ආයතන තුළ අධ්‍යාපනය පීඩාවක් බවට පෙරලීම, මුදල් අයකිරීම, පාඨමාලා විකිණීම, ටියුෂන් සඳහා වරප‍්‍රසාද ලබා දීම, පෞද්ගලික අධ්‍යාපන ආයතන ඇරඹීම, ඒවා රජයේ ලියාපදිංචි කිරීම ආදිය සිදුකරන ගමන් ඒවාට එරෙහි වන ශිෂ්‍ය ව්‍යාපාරය වැනි සංවිධාන වලට දැඩි මර්දනයක්ද දියත්කර ඇත. ඉහත දැක් වූ අධ්‍යාපන අර්බුදයට වර්තමානයේ මුහුණ දෙන පරම්පරාව අප වන්නෙමු. අනාගතයේදී මෙම අර්බුදය දැඩිවන අතර නව ලිබරල්/ ලාභය මත පදනම් වූ ආර්ථිකය තුළ අධ්‍යාපන ක්ෂේත‍්‍ර වල්මත් වීම නිසා අප ජීවිත අනාගතයේ ශූන්‍ය තත්ත්වයට පත්වන බව සක්සුදක් සේ පැහැදිලිය.
දශක ගණනාවක් පුරා නිදහස් අධ්‍යාපනය පාලකයන් විසින් අර්බුදයට ලක්කරන සෑම අවස්ථාවකම ශිෂ්‍ය ව්‍යාපාරය මූලිකත්වය ගෙන අතීත විරුවන් දිවි පරිත්‍යාගයෙන් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගත් අතර අපම වර්ථමානයේදී මේ තාක් දුරට හෝ නිදහස් අධ්‍යාපනය භුක්ති විඳීමට අවස්ථාව රැුකදුනි. වර්ථමානයේ එය ආරක්ෂා කරගත යුතු අනාගත පරම්පරාවට වගකිව යුතු පරම්පරාව අප නොවේද?
එබැවින් බෙදී නොසිට තනි තනිව පිළිතුරු සෙවිය නොහැකි ආර්ථික ක‍්‍රමය තුළ සියල්ලෝම එක්ව නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් යටත් කළයුතු තිරණාත්මක මොහොත එළඹ ඇත. තව දුරටත් නිදිවර්ජිතව හෘද සාක්ෂිය විනාශ නොකොට නියම මිනිසුන් ලෙසින් අත්වැල් බැඳ සටන් කිරීමට අප පෙල ගැසිය යුතුය.
ඉදින් හෙට අරුණෝදය උදාවන විට නිදහස් අධ්‍යාපනයේ මල`ගම සිදුවී තිබිය නොහැකියයි කාට කිව හැකිද? එසේනම් අප අද සිටම එක්විය යුතුය. අද සිටම අරගලයට ජීවය ලබා දිය යුතුය. අප සැමගේ කුඩා දායකත්වය වුවද සියල්ල එක්වූ කල මහා බලවේගයකි. එම බලවේගය ඉදිරියේ ධනපති පාලකයන්ට දන නැවීමට සිදුවනු ඇත.
එක් වෙමු මු`ඵ මහත් සමාජයටම අර්බුදය පවසා සමාජය බලගන්වමු, සටනට පෙල ගස්වමු. අප හදවත් තුළ කැකෑරෙන රුධිරය සැබෑ වුවමනාවන් වෙනුවෙන් වගුරවමු. අප සම`ගම සිටින අප වන් දුක් විඳින උන් හා වෛරයෙන් නොසිට අප අයිතිවාසිකම් උදුරාගත් උන්ට එරෙහිව පෙල ගැසෙමු.
නිදහස් අධ්‍යාපන අයිකිය ආරක්ෂාකර ගැනීමට සමාජය අවධි කරවමු, සමාජයට නායකත්වය ලබා දෙමු, එකා පිට එකා සිරගත කළද, එකා පිට එකා මැරී වැටුණද, මරා දැමුවද නිදහස් අධ්‍යාපනයේ මල`ගම සිදුකල නොහැකි බව පාලකයනට නැවත පසක් කොට දෙමු.
No comments:
Post a Comment