නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Friday, February 20, 2015

ආදරණිය දෙමව්පියන්ට කෙරෙන ආමන්ත‍්‍රණය



දරුවන්ගේ අනාගතය සොරකම් කිරීමට එරෙහි වෙමු.
තමාගේ ලෝකය දුවා දරුවන් කරගත් මව්වරුනි පියවරුනි,

පොතපත දුවට පුතාට උරුම කරදෙමින් වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දී ප‍්‍රීතිමත් ජීවිතයක් තම දුවා දරුවන්ට අත්පත්කර දීම ඔබගේ එකම අභිලාශය බව අප දනිමු. කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය එහෙම නැත්නම් සරසවියේ ජේෂ්ඨ ශිෂ්‍යයන් ලෙස අපට ඔබ හමුවේ සරසවියේ යථාර්තය ගෙනහැර තැබීමේ වගකීම අප උරමතට ගෙන මෙලෙස ඔබව ආමන්ත‍්‍රණය කිරීමට සිතුවෙමු. 

මුලින්ම ඔබේ දරුවාටම මුල් වරට මුහුණ දීමට සිදුවු අර්බුදයෙන් අපි පටන් ගන්නම්, 

කලා විෂයන් සඳහා මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යාපීඨ සඳහා සිසුන් 1200ක පමණ පිරිසක් සමාන්‍යයෙන් බඳවා ගනී. එහිදී සිසුන්ට කැමති විෂයක් තෝරාගැනීමේ නිදහස තිබුණ අතර විෂයන් තොරාගැනීමට ශිෂ්‍ය කැමැත්ත සලකා බැලීම පමණක් සිදු විය. එහෙත් මෙවර සාමාන්‍ය
ප‍්‍රවේශය යටතේ සිසුන් 1200ම බඳවා ගත් අතර සිසුන් පීඨ දෙකට බෙදාහැරීමට ඔවුන්ට ක‍්‍රමවේදයක් නොමැති විය. මෙම පාලකයන්ගේ දුර්වලතාවය ශිෂ්‍යයන්ගේ ජීවිත අනතුරට දැමීමට සමත්ව ඇත. මානව ශාස්ත‍්‍ර පීඨයට ශිෂයන් 500ක් ද සමාජීය විද්‍යාපීඨයට 700 ක් ද වෙන්කළයුතුව තිබේ. මෙහිදි ශිෂ්‍යයන්ගේ කෑමැත්ත නොසලකා පාලකයන් ප‍්‍රශ්නයෙව් පැනයාම සදහා උසස් පෙළ හැදෑරූ විෂයන්
සලකා බලන අතර ඉසඞ් අගයද සැලකිල්ලට ගෙන විෂයන් සඳහා සිසුන් තෝරාගැනීම සිදුකරයි. ඉසෙඞ් අගය නිර්ණය කරනු ලබන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රවේශයේදීය. සිසුන්ගේ කැමැත්ත කුමක් උවත් ඉහත නිර්ණායක අනුව තීන්දු වන විෂයන් පරිපාලනයට අවැසි පරිදි තෝරා ගැනීමට සිසුන්ට සිදුවී ඇත. සමහර ශිෂ්‍යයන්ට තමන් අකමැති විෂයන් තොරාගැනීමට බලහාත්කාරීව තර්ජනය කරමින් තිබේ. මෙය ශිෂ්‍යයන්ට සිදුවූ බරපතළb අසාධාරණයක් මෙන්ම කිසිදු විශ්වවිද්‍යාලයක අධ්‍යාපන ආයනයක සිදු නොවිය යුත්තක්. ශිෂ්‍යා කැමති විෂය හැදෑරීම මිසක පාලකයා තීන්දු කරන විෂය තෝරා ගැනීමට සිදුවීම යනු හාස්‍ය උපදවන කි‍්‍රයාවකි. පාලක අන්තනෝමතිකත්වයන්ට එරෙහිවිය යුතුය.

අප දෙමව්පියන්ද ඔබ මෙන්ම මහත් වූ බලාපොරොත්තු ගොන්නක් එක්ක අප හට සරසවි වරම් උරුමකර දෙන්නට ඔවුන්ගේ ජීවිතයේ සියල්ලක්ම වාගේ කැපකරලා අපමණ දුක් වින්දා. අපත් දෙමව්පිය හීන මල්ඵල ගන්වන්නටත් අපට ප‍්‍රීතිමත් ජීවිතයක් උරුම කරගන්න මහත් වූ බලාපොරොත්තු තියාගෙන ආවේ හරියට අද ඔබේ දුව පුතා ඇවිත් ඉන්නවා වගේම තමයි. ඒත් අප දෙමව්පියන්ගෙත් අපගේත් බලාපොරොත්තු වලට කණකොකා හැඩුවේ කෙසේද? එසේම ඔබටත් ඔබ දරුවන්ටත් එය අත්විදීමට සිදුවනවා. ඒක අපිට අකමැත්තෙන් උණත් පිළිගන්න වෙනවා.

මොකද?

ඔබ දන්නවා අපි කුඩා කාලයේ ඉඳන්ම පෙර පාසල් අධ්‍යාපනයේ පටන් උසස් පෙළ දක්වාම ලොකු තර`ගයක් යටතේ අපමණ දුක් ඉවසමින් ඉතා වෙහෙසකර ලෙස අධ්‍යාපනය ලැබූ බව. ඒ වෙහෙස අපි දැරුවේ දරන්නට සිදු උනේ ළමා කාලය නව යොවුන් කාලය ඒ කාලයේ සොඳුරු හැ`ගීම් සියල්ලම යටපත් කරලා දාලා. අඩුවෙන් සෙල්ලම් කළා, අඩුවෙන් සමාජය එක්ක ගණුදෙනු කළා, ඒ විතරක් නෙවේ අපේ අම්මා තාත්තා එක්ක තිබුණෙත් මහා දුරස්ථ සම්බන්දයක්, අපේ ජීවිත වල සතුට ඒ විදිහට කැප කළේ අනාගතය ගැන හිතලා. පොතපත කට පාඩම් කළේ ටියුෂන් මාස්ටර්ලගේ වැල්බයිලා අහගෙන. තරුණ වයසෙදි ආදරය කරන එක යා`ඵවන් ඇසුරු කරන එක පවා තහනම් උණේ අනාගතය ගැන තිබ්බ බය නිසා. ගැහැණු පිරිමි විදහට පවා අපි මහා දුරස් වෙලා සමාජ බැඳීම් මානව බැඳීම් වලින් ඈත්වෙලා ජීවත් උනේ. ඒ හැමදේම කැපකරාට අද වෙලා
 තියෙන්නේ ඒ ජීවිතෙත් නෑ අනාගතෙත් නෑ වගේ දෙයක්. අපි හිතුවේ සරසවියෙදි ඒ අහිමි උණු සමාජ ජීවිතේ, නිදහස, කැමති විදහට කැමති විෂයක් ඉගෙනගන්න ලෝකය ගැන ඉගෙනගන්න ලැබෙයි කියලා. ඔබත් එහෙම හිතන්න ඇති.

ඒත් අපට අද ලැබිලා තියන ජීවිතය පාසල් ජීවිතේටත් වඩා කටුකයි.




ඔබ දන්නවා ආදරණිය අම්මේ තාත්තේ, මේ රටේ දේශපාලඥයෝ හැමදාම කළේ දුක්විඳින අපි වගේ මිනිසුන්ගෙන් බදු අයකරගෙන ඒ සල්ලි වලින් ජොලි කරපු එක වගේම ධනපති මිනිසුන්ගේ සැපත වෙනුවෙන් ඒ සල්ලි යොදවා ගත්තා අදටත් යොදා ගන්නවා. සමාජයට ඔවුන් විසින් කරන්න තිබුණු යුතුකම් වගකීම් සියල්ලක්ම නොසලකා හැරලා අධ්‍යාපනය සෞඛ්‍ය වගේ සමාජ අයිතීන් මුදල් වලට ගන්න වෙන තැනට පත්
කළා. පෙර පාසලට ගෙවන්න උණා, ඉස්කෝලේ පන්තියට ඩෙස් එක පුටුව අරන් දෙන්න උණා, තීන්ත ගාන්න තාප්ප හදන්න ගේට්ටු හදන්න සල්ලි ගෙවන්න උණා. ඒ මදිවට ඉස්කෝලවල උගන්වන ඒවායේ ගුණාත්මකභාවය අඩු කරලා , ඒ නිසාම ටියුෂන් වලට ගෙවලා දරුවට උගැන්වුවා. ඒ පාසල් අධ්‍යාපනය විනාශ මුඛයට ඇදලා දාලා තියන නිසා. අද වෙනකොට අලූත්ම චක‍්‍රලේඛයක් ගෙනත් පාසල් වල ම ුදල් අය
 කරන එක නීතිගත කරන්න. රජය අධ්‍යාපන බරින් නිදහස් වෙලා ධනපතියට සහන සලසන්න ධනේෂ්වර ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන්න පටන් අරන්.

ඒ වගේම තමා විශ්වවිද්‍යාලෙත්,

අද, පාසලට ටියුෂන් යනවා ඒ විතරක් නෙවේ ඉසුරු පාසල් නාගරික පාසල් වගේ රාජ්‍ය පාසල් වල තේරීම් මදිවට ජාත්‍යයන්තර පාසල් පෞද්ගලික පාසල් වගේ තේරීම් ගොඩක් ඇතුලෙ දෙමව්පියෝ අසරණ වෙනවා වගේ සරසවිය වෙනුවටත් විකල්ප බිහිවෙනන් පටන් අරන්. ඒ අධ්‍යාපනය මුදලට දෙන්න පු`ඵවන් විදිහට විතරයි. පුද්ගලික සරසවි පටන් අරන් තියනවා, ජාත්‍යයන්තර මට්ටමේ කියලා අන්දලා උපාධි පාඨමාලා
 ගැන කියනවා. ඉතින් මේ කියන ඒවට ශිෂ්‍යයෝ ඉන්නත් එපාය. ඒකට කට්ටිය හොයාගන්න වෙන්නේ ඉතින් මේ අම්මලා තාත්තලගේ දරුවන්වම තමා. ඒකට නම් දරුවන්ව රජයේ ඒවට යන එක නවතවන්න වෙනවා. ඒ නිසා තමා සරසවිය දැන් විනාශ මුඛයට ඇදලා දාලා තියෙන්නේ. පාලකයෝ හැමදාම ධනවාදී ආර්ථික ප‍්‍රතිපත්ති යටතේ අධ්‍යාපනය සෞඛ්‍ය යන ක්ෂේත‍්‍රත් විකුණන්න විකිණෙන්න ඉඩ හැරියා. ආණ්ඩුවේ නමට
ජනතාව හදවත්වලින් ඉල්ලා සිටින සමාජවාදය ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේ වචන දාලා තිබුණත් ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය වෙලා තියෙන්නේ හැමදේම විකුණලා සල්ලි හොයන ධනවාදී ආර්ථික ක‍්‍රමය, ඒක ඇතුලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ මායාවක් විතරයි. ඉතින් දැන් පාලකයෝ නිදහස් අධ්‍යාපනය වලපල්ලට ඇදලා දාලා උසස් අධ්‍යාපනය බිල්ලට අරගෙනත් ඉවරයි. කැම්පස් ආව අපට දුක් විඳින්න වෙලා තියනවා කිව්වේ ඒකයි. සරසවියට වෙන් කරන මුදල් කප්පාදු කරලා, අනන්‍යතාව නැති කරල දේශපාලන අතපෙවීම් හැමදේම තීරණය කරන්න පටන් අරන්. ඒ වගේම මේ ඉගෙනුම් ක‍්‍රමවේදය නිසා ඉගෙනගන්නවා වෙනුවට පීඩාවක් විතරයි, සෙමෙස්ටර ක‍්‍රමය, ඒ ඇතුලේ අතරමැඳි විභාග, පුනරීක්ෂණ, ඇගයීම්, වගේ ඒවා සෙමෙස්ටරය පුරාවට ඊට පස්සේ සෙමෙස්ටරය අවසන විභාගය. මේක අවුරුද්දට දෙපාරක් වෙනවා. සෙමෙස්ටරය කියන්නේ සති වලින් 15ක්. මේ ක‍්‍රම ඇතුලේ ඉගෙන්ගන්නව තියා විභාග හැර වෙන පැත්තක් බලන්නවත් වෙලාවක් නෑ. විශ්වවිද්‍යාලයක් කියන්නේ සමාජයට ජීව ගුණය, හුස්ම පිඹින සමාජයට වැඩදායී උගතුන් වියතුන් බුද්ධිමතුන් බිහිකිරීම සඳහා වෙච්ච තැනක් මිස මොකක් හරි රැුකියාවකට හුරුකරවන තැනක් නෙමේ . තමන් කැමති විෂයක් කැමති දුරකට හදාරන්න සරසවියේ ඉඩකඩ තියෙන්න ඕන. එහෙම එළියට එන සරසවි සිසුවට රැුකියාව කියන්නේ ලොකු දෙයක් නෙවේ. ඒ වෙනුවට අද තියෙන කලින් කීව වගේ විභාග ක‍්‍රමයක් විතරක් ගෙනත් සරසවිය ශිෂ්‍යයන්ට එපා කරලා රජයේ සරසවි වැඩක් නෑ වගේ මතයක් සමාජගත කරලා අධ්‍යාපනය විකුණන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තියනවා. ඉගෙනගන්න අවශ්‍ය පහසුකම් ලබාදෙන්නේ නෑ. පාලකයෝ ජනතාවගේ බදු සල්ලි අධ්‍යාපනය විකිණිම උදෙසා වියදම් කරනවා විනා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කිරීම ගැන අවධානයක් යොමුකරන්නේ නෑ. රජයේ විශ්වවිද්‍යාල ඇතුලේ උපාධි පාඨමාලා ඩිල්ලෝමා වගේ විවිධ නම් දාලා මුදලට විකුණනවා, ඒවට මූලික තැන දීලා සරසවි වරම් ලැබූ සිසුන් ගැන අවධානය අඩු කරලා මුදල් ලැබෙන ක‍්‍රම ගැන විතරක් අවධානය යොමුකරලා පාලකයෝ හැමදේම කරන්නේ. අනිත් පැත්තෙන් ලක්ෂ ගණන් වියදම් කරන්න පු`ඵවන් අයට විශේෂ වරප‍්‍රසාද මේ වෙනකොට දීලා තියනවා. ඒ නිසාම , නේවාසිකාගාර කප්පාදු කරනවා, පැරණ ි නේවාසිකගාර දැන් අබලන් ඉන්න සුදුසු වටපිටාවක් නෑ, දුප්පත් දරුවට තියන අවස්ථා ටිකෙන් ටික අඩු කරලා තියනවා, මහපොළ ශිෂ්‍යාධාරය වගේ ඒවා තවදුරටත් කප්පාදු කරමින් ඉන්නවා. ඒ මදිවට උපාධිය මදි කියලා රැුකියාවකට මෙකේ ඇතුලේ තියන ඩිප්ලෝමා කරන්න වෙලා තියනවා. බාහිරින් විවිධ පාඨමාලා කරන්න වෙලා. විෂයානුබද්ධ ක‍්‍රියාකාරකම් වලට කැම්පස් එකෙන් මුදල් වෙන්කරලා නෑ අපි ඒවට මුදල් හොයන්නත් ඕන. කැන්ටින් වල කෑම කන්න බෑ. කැන්ටින් වලට පහසුකම් සැලසීමක් කරන්නේ නෑ. පරණ අබලන් වෙච්ච තැන් වලට පැලාස්තර විතරයි. හරියට හදන්නේ නෑ. ශිෂ්‍යයන් විදිහට අපට නිවී සැනසිල්ලේ ඉන්න තැනක් හෙවණක් නෑ. කිසිම විධිමත් බවක් නැතුව කැම්පස් එකට ඉතුරුවෙලා තිබුණ ගස් කොලන් කපලා දාලා ලැයිම් කාමර වගේ පොඩි පොඩි බිල්ඩින් හදනවා, කැම්පස් එකේ ඇවිදලා බැලූවොත් සියැසින්ම දැකගන්න පු`ඵවන්. පාලකයෝ හිතන්නේ ශිෂ්‍යයන්ට නිදහස අවශ්‍ය නෑ නිතරම විභාගවලට ලැහැස්ති වෙන්න ඕනි වගේ එකක්. එතකොට සරසවි ඉන්නේ රොබෝලා වගේ ජාතියක්ද . ඒකට ඉඩ දෙනවද නැද්ද කියලා අපිට තීරණය කරන්න වෙනවා. තව කාන්තාවන්ට නේවාසිකාගාර කොහෙත්ම ප‍්‍රමාණවත් නෑ. ඒකට උත්තර හොයන්නෙත් බාහිරින් පොඩි පොඩි ගෙවල් අරගෙන ඒවට ශිෂ්‍යයාවෝ ගාල්කරලා. යන එන මාර්ග අනාරක්ෂිතයි. ආරක්ෂාව ගැන වගකියන්න පාලකයෝ කිසිවෙක් බැඳිලා නෑ. අනිත් පැත්තෙන් බෝඩින් වල ඉන්නත් බෑ, ?ට හොරුපනිනවා වගකියන්න කවුරුත්ම නෑ, ඒ මදිවට අයිතිකාරයෝ කොන්දේසි පත‍්‍රයක් දානවා. රෙදිමදින්න වතුර උණුකරන්න තහනම්, 10න් පස්සේ ලයිට් දාන්න බෑ මේ වගේ අකටයුතුකම් ගොඩයි.
සමාජයේ ගත්තම මිනසුන්ට උරුම වෙලා තියෙන්නේ මිනිසුන් වහල්ලූ වගේ වෙන්න දුක් විඳින්න ඒක සරසවියෙත් එහෙමයි. උපාධි පාඨමාලාවත් විභාග මූලික වෙච්ච නිසාම වගේම මේ තියන ප‍්‍රශ්න අතරේ අපට ඉගෙනගන්න හීන වලට යන්න කොයිතරම් අමාරුද කියලා ඔබට යම්තාක් දුරට වැටහෙනවා ඇති. කලාව ක‍්‍රීඩාව සමාජ ජීවිතය ආයෙමත් අපෙන් ඈත් කරලා ජීවිත කාලයම දුක් විදින්න වෙලා. ඒ පාලකයන්ගේ නොමනා වැඩ නිසා. කොහොමහරි උපාධිය ගත්තත් රැුකියාව කරන්න ගියාම පන්දම් අල්ලන්න දණින් වැටිලා නිවට වෙන්න වෙලා. කාන්තාව ගත්තම තමන්ගේ ජීවිතය කදු`ඵ මැද ගෙවන්න වෙලා. සමාජයේ කාන්තාව ගැන හදලා තියෙන්නේ අන්තිම පහත් චිත‍්‍රයක්. කාන්තාව කෙළිබඩුවක් කරලා තියෙන්නේ. මේ හැමදේම කළේ ධනේෂවර පාලක පන්තිය. පාර්ලිමේන්තුවේ ඉඳන් බිම් මට්ටම දක්වාම (සරසවියද ඇතු`ඵව* ඉන්න ධනවාදී ආර්ථිකයේ පාලක ඒජන්තයන් විසින් සමාජය සම්පූර්ණයෙන්ම කුරුවල් කරලා ඉවරයි. නැතිනම් මේ ධනේෂ්වර ක‍්‍රමය පවතින්නේ නෑ. මේ ආර්ථිකය පවතින්නේ සමාජයේ බහුතරයක් දෙනා දුක් විඳිනවානම් විතරයි.

එසේනම් ආදරණීය අම්මේ තාත්තේ, මෙවන් වු දුක්ඛ දායක වූ පුවත් රාශියක් අපට පැවසීමට තියනවා. සමාජයේ පුවත් අපි දිනපතා මාධ්‍ය තුලින් දකිනවා වගේම සමාජයක මිනිසුන් එවන් වු තත්ත්වයකට පත්වීමට හේතුව නිවැරදි අධ්‍යාපනයක් නොමැති කමයි. මේ තත්ත්වය තවත් දුරටත් උග‍්‍රවීම ඇර අනෙකක් සිදු නොවන බව දැන් ඔබට පැහැදිලි ඇති. අපේ ජීවිතවල වටිනාකම් මේ පාලකයෝ අපෙන් උදුරගෙන ඉවරයි. ඔබ දැන් හිතනවා ඇති දැන් ජනාධිපති වෙනස් උනා ආණ්ඩු පෙරලූණා අය වැයක් ආවා ඉතින් මෛත‍්‍රී පාලනය යටතේ ඔය ප‍්‍රශ්න ඉවරයක් වෙයි කියලා. ඒත් ඒක එහෙම නොවන බව ඔබටම අද්දැකීමෙන් තේරුම් ගන්න පු`ඵවන්. ඔබ කුඩා කාලයේ තිබුණු සමාජයයි අද සමාජයයි, එදා හිටපු පාලකයෝ කළ කී දේවල් හා අද පාලකයෝ කරන් කියන දේවල් එක්ක පොඩි සැසඳීමක් කරන්න. රජයේ අයිතිකාරයෝ වෙනස් උණාට ඔව්න්ගේ ප‍්‍රතිපත්ති වෙනස් වෙලා නෑ. අධ්‍යාපනය විකුණනවා, සෞඛ්‍ය විකුණනවා. ධනවාදය ඉදිරියට ගෙන යනවා. මිනිස් ජීවිත වල වටිනාකම් තව දුරටත් හූරන් කනවා. විභාග ලිව්වට උගත්තු බිහිවෙන්නේ නෑ, ඒ වගේම බොරු සංවර්ධන දර්ශක ඉලක්කම් පෙන්නුවට ජනතාවගේ චින්තනය මනුෂ්‍යත්වය සංවර්ධනය වෙන්නේ නෑ. මිනිස්කම් දියුණු වෙනවා වෙනුවට විනාශයට යන එක දිනෙන් දිනම ඉක්මන් වෙලා. රටේ නිවැරදි අධ්‍යාපනයක් නැතිකොට එහෙම තමා. ඒ නිසා ඔබත් අපත් එක්ව මේ ප‍්‍රශ්න වලට උත්තර හොයනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. මොකද නැතිනම් අපි බලාපොරොත්තු වෙන සුන්දර ජීවිතය යථාර්තයක් වෙන්නේ නෑ කවමදාකවත්.

සමහර විට ඔබ හිතනවා ඇති තමන්ට යම්කිසි ආර්ථික හැකියාවක් තිබෙන බව. ඒත් සමාජය නරුම උණාට පස්සේ ඒ සමාජය ඇතුළේ ඔබේ දරුවා ආරක්ෂිත වෙන්නේ නැති බව ඔබ වටහාගත යුතුයැයි අප සිතනවා. පාලකයන් ඒ වගේම උගත්තු විදිහට හඳුන්වා දීගෙන මාධ්‍යවලවේදිකාවල විවිධ තැන් වල තමන්ගේ බඩ වියත වෙනුවෙන් ගැතිකම් කරමින් බොරු බේගල් ඇදබාමින් සමාජයක් නොම`ග යවන නරුමයන්ට අපි අහුවෙන්න උවමනා නෑ. ඇත්ත ප‍්‍රශ්න වහන ව්‍යාජ ප‍්‍රශ්න මතු කරන ඒ උගත් වැද්දන් අපට වැඩක් නැත. අපගේ ප‍්‍රශ්න වලට උත්තර පාලකයා හෝ ඒ මහා චරිත ලබා දෙන්නේ නැත. උන් විසින් මේවා තවදුරටත් අගාධයට යවනු විනා රැුකීමක් නැත. ඡුන්දයට බලයට පමණක් සන්දර්ශන කරති. ඒ මුසාවන්ට හසු නොවන ඇත්ත ඇති සැටියෙන් දකින අසාධාරණය බොරුව පිටුදකින්නටත් ඊට එරෙහි නැ`ගී සිටිමින් දුවා දරුවාගේ අනාගතය වඩා සුරක්ෂිත කිරීමට ඔබට සිදුව ඇත. දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔබ පෙරමුණ ගනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු.

රූපවාහිනී රේඩියෝ පුවත්පත් උත්සව වේදිකාවල ජනතාව නොම`ග යවන උගතුන් පාලකයන් නොසලකා හැර බුද්ධිමත් ලෙස තම නුවණින් සමාජය දැක සමාජය වෙනස්කරන්නට මිනිසුන් ජීවත් වන සමාජයක ් වෙනුවෙන් පෙරමුණ ගන්නට ඇරයුම් කරන්නෙමු. 

අප විසින් සමාජය  නොම`ග යවන්නවුගේ නිරුවත හෙළිදරව් කිරීම නොපමාව කරන්නෙමු.

සමාජය කෙලෙසූ පාලකයන් තව දුරටත් විශ්වාස නොකර සමාජය සුන්දර කිරීීමේ කටයුත්ත ඔබ අප සතු බව තේරුම් ගත යුත්තාක්මෙන්ම එය සිදු කරනුයේ ඔබ අප පමණක්මය. නැතහොත් පාලකයා සහ ධනපතියා සදාකල් අපව සූරාකනු ඇත.



මහා ශිෂ්‍ය සංගමය - කැලණිය විශ්වවිද්‍යාලය

No comments:

Post a Comment