ආදරණීය සහෝදරයා සහෝදරිය,
පසුගිය බදාදා 2014/11/20 දින විශ‍්‍රාන්ති චාතූර්යා උත්කර්ශවත් ප‍්‍රසංගය ධර්මාලෝක ශාලාවේදී පැවැත්වුණා. අපේ සහෝදර සහෝදරියෝ නැටුම් ගැයුම් කළා. මහතැන්වලින් ආරාධනා ලැබූ ආබාධිත සොල්දාදුවන්ගේ නර්තනයකුත් ඔය අතර තිබුණා. (උසස් හමුදා නිළදාරීනුත් සම`ග හමුදාවේ පිරිස් ඇවිත් හිටිය මේක සංවිධානාත්මක යටි පූට්ටු ආරාධනයක්) ඒ වෙහෙස පිරුණු මුහුණු වේදිකාවට ඇවිත් නර්තනයක් ඉදිරිපත් කළා. ‘‘එක සෙල්දාදුවෙක් වේදිකාවේ ඇදගෙනත් වැටුණා. පේ‍්‍රකෂක සිය`ඵ දෙනා අත්පොලසන් දුන්නා.’’
කලා ප‍්‍රසංගයක් ඇතුලේ මේක සරල සාමාන්‍ය සිදු වීමක් කියලා කෙනෙකුට හිතන්න පු`ඵවන්. නමුත් මේක පිටිපස්සේ දැවැන්ත කතාවක් තියනවා. ‘‘අන්තෝනියෝ ග‍්‍රාම්ස්ති කියන විචාරකයා මේ වගේ අවස්ථාවක් හ`දුන්වන්නේ හෙජමොනියක් කියලා.’’ ඒ කියන්නේ කිසියම් රජයක් තමන්ගේ පැවැත්ම නිර්මාණය කරගෙන පවත්වාගෙන යන්න කලාව, සංස්කෘතිය, ආගම, ජාතිය වගේ දේවල් වක‍්‍රව සියුම්ව පාවිච්චි කරන එකට. විශ‍්‍රාන්ති චාතූර්යා මේකට සම්බන්ද වෙන්නේ කලාව පාවිච්චි කරලා හෙජමොනිය ක‍්‍රියාත්මක කරපු අවස්ථාවක් විදිහට. අධිපති පැවැත්ම සුජාතකරණය ඔවුනගේ මතවාද සියුම්ව කලාවට සම්බන්ද කරවූ කූටඋපක‍්‍රමයක් විදිහට. එහෙම වෙන්නේ කොහොමද? රජයේ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය නාලිකා වලින් කරනවා වගේ තමයි කිව්වොතින් පමණක්ම ඕනෑම බුද්ධිමතෙකුට හිතෙනවා. අපි විද්‍යාර්ථීන් අපි මේ සමාජයේ යහපැවැත්මට වගකියන්න ඕනි. සමාජය අඳුරෙනම් තියෙන්නේ අපි පහනක් වෙන්න ඕනි. මු`ඵ සමාජයට මායාවකට යට කරලා තියන වෙලාවේ අපි දැනුම හොයාගෙන ගිහින් (පාරවල් වැහිලා තිබුණත්) පෙන්නන දෙයට එහා තියෙන සමාජයේ යටිතලය කියවන්න ඕන.
සියලූ පේ‍්‍රක්ෂකයන් ආසන වලින් නැගිටලා අබාධිත සොල්දාදුවනගේ නර්තනයට අත්පොලසන් දුන්නා. එහි වරදක් නැතැයි අපි සිතමු. එය ප‍්‍රාසාංගිකත්වයට, හැකියාවට පුදකරන ලද්දක් යැයි සිතමු.(කලා නිර්මාණ අවිඥානිකව හෝ සවිංඥානිකව යම්කිසි දේශපාලනයකට සේවය කරයි/ඉතාලි ජාතික නාට්‍යකරු දාරියෝ ෆෝ) එතනට ඇවිත් හිටපු මහාචාර්යවරයෙක් වේදිකාවට ඇවිත් කිව්වේ ප‍්‍රාසාංගිකත්වය ම`ගදි කඳුලක් කල බවය. එහිද වරදක් නැත, සත්‍යයකි. විද්‍යාර්ථීන් විදිහට අපි කල්පනා කරන්නට ඕන ඇයි එහෙම උණේ කවුද ඒ කඳුල ඇති කළේ මොකටද ඇති කළේ. ඉතිහාසයේ කාලයක් පුරා ධනපති පාලකයන්ගේ මුග්ද තීරණයන්ගේ ක‍්‍රියාවලියෙන් පණ දුන් යුද්ධයට පාවිච්චිවෙලා ආබාධිත වුණු සොල්දාදුවන්ගේ වේදනාව, අපේ වේදනාව කඳුලක් කරලා අපට ආපහු දෙනවා මොකටද දෙන්නේ? පාලකයන්ගේ පැවැත්ම හදාගන්න.(රජයේ විද්‍යුත් නාලිකාවේ ප‍්‍රවෘත්ති විකාශයෙන් පස්සේ මියගිය සොල්දාදුවන්ගේ කටුක ඉරණම මතක් කරලා දෙනවා වගේ. සරලව ඒකට කියන්නේ වවාගෙන කනවා කියලා.) සියුම්ව පිරිසකට දැනෙන්න මතවාද දෙන්න පු`ඵවන් හොදම තැන කලාව. විශ‍්‍රාන්ති චාතූර්යා පාවිච්චි කරන්නේ ඒ අරමුණෙන්.
හැමදාමත් විකල්ප අදහස් හෙව්ව හැමෝම දැකපු විදිහට දකින්නේ නෑ කියලා හිතන විද්‍යාර්ථියා ල`ගට හෙජමොනිය අරගෙන එන්නේ, පාලකයා බයයි අප සත්‍ය දැනගනීවි කියලා. විචාරය/පරිකල්පනය/චින්තනය ඇති කරන කලා විෂයන් නව ලිබරල් ධනාවාදී හීන මායාවෙන් කප්පාදු කර ඉවරයි. තවදුරටත් අප සත්‍ය දකින්නෙක් නෙවෙයි කියලා පාලකයෝ හිතනවා අප දැනුම ගවේශණය කරන්නන් නෙවෙයි කියලා හිතනවා. ඒකයි මේ විදිහට අපට ලං වෙන්නේ. ඒකයි රජයේ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය වලින් කරන දේ ධර්මාලෝක ශාලාවට අරගෙන එන්නේ. අපේ සංවේදීකම කලාවෙන් ස්පර්ෂ කරලා අතීත කඳුලූ මතක් කරලා තලූ මර මර එකම කියලා අවිඥානිකවම අප සත්‍යයෙන් ඈත් කරන්න කුණු බක්කිය අවුස්සලා ආහාර වේල හොයාගන්න මිනිස්සු ලංකාවේ ඉන්නවා කියන එක අපට අමතක කරවන්න යාචකයන් පැල්පත්වාසීන් එළවලා පෙට්ටි කඩ අයින් කරලා ධනපති යැයි කියාගන්නා සු`ඵ ධනේෂ්වර මානසිකත්වයෙන් අන්ධවුණු මිනිසුන්ට හිතේ සතුටක් නැතිව ශරීර යෝග්‍යතාව රැුකගන්න කියලා නගර අලංකරණයෙන් පැලැස්තර දාපුව අප තේරුම්ගනී කියන එක වහන්න. චිරාත් කාලයක් පාලකයන්ගේ මඩිය තද කරගෙන රාජශ‍්‍රීයෙන් වැජඹෙන්න පිඹුරුපත් සකස් කරන්න. රට පුරාම ක‍්‍රියාත්මක කරනවා වගේ විශ්වවිද්‍යාලය මිලිටරිකරණය කරන්න විශ‍්‍රාන්ති චාතූර්යා මේ අවස්ථාවේදීම යොදාගන්නවා.
මොකද්ද මෙතනදි මිලිටරිකරණය කියලා කිව්වේ මේ 2014 අවුරුද්දේ ආබාධිත සොල්දාදුවෝ පාවිච්චි කරලා අපව සංවේදී කරන්න උත්සහ කළා. මේක පටන් ගැන්ම විතරයි. අප සංවේදී උණා සාධාරණයි. 2015 දී ධර්මාලෝක ශාලාවට කාකි කෝට් යුනිට් පිටින් එයි. මඩිය තරකරගන්න ඇත්තෝ ඒවට පාරත් හදලා දෙයි. පහු පහු වෙනකොට විශ්වවිද්‍යාලය හමුදා අණට ක‍්‍රියාත්මක කරන එක නවත්වන්න බෑ. කාටවත් ඒක නැහැයි කියන්නත් බෑ රටේ ලෝකේ තතු දිහා ඇස් ඇරලා බලනවනම්. උපකුලති මේජර් කෙනෙක් වෙලා ඉදියි. දැනට මේ වක‍්‍ර පාලනයක් සිදුකරන්නේ සංවේදී දේවල් වලින් අපේ ඔ`ඵ ඇතුලට රිංගලා හෝදලා අපේම ආශිර්වාදයෙන් මේවයේ පැලපැදියම් වෙන්න. හැබැයි ඔවුනට මේක ඇතුලේ පදනම් වැටුණට පස්සේ සංවේදී නෑ ඕනම නරුම අණක් ක‍්‍රියාතමක කරන්න ඔවුන් බැඳිලා ඉන්නවා. ඇත්තටම මේකෙ අවුල මොකද්ද ? අප දැනගත යුතුයි.
කඩතුරාව ඇරලා බලන්න නව ලිබරල් ධනවාදය ඇතුලේ ලෝකය පුරාම ලංකාවද ඇතු`ඵව ඒකාධිපතිත්වය හොයන පාලනයක් පේන්න තියනවා. මේ ආර්ථික සමාජ ක‍්‍රමවේදය ඇති හැකි අයටම ආවඩන නැති බැරි එකා අතිශය පීඩාවටම පත්කරන ක‍්‍රමයක්. මේ ක‍්‍රියාවලිය ඇතුලේ අපේ පන්තියේම ඉන්න උජාරරුවට ඇතිය හැකිය කියලා හිතන මිනිහත් නිදහස කියන්නේ මොකද්ද කියන එකවත් නොතේරෙන තරමට සූරාකෑමට ලක්වන්නෙක්. නිදහසක් වින්දනයක් මොහොතකට හරි හොයාගෙන රූපවාහිනියක් වේදිකාවක් පන්සලක් ළ`ගට ආවානම් එතනත් කරන්නේ අපව මානසික හූරාකෑමට ලක් කිරීම. ඒක නොදැනිම සිදුවන්නක් (විශ‍්‍රාන්ති චාතූර්යා ප‍්‍රසංගය වගේ) හෙජමොනිය හරහා සිදුකරන මිලිටරිකරණය ඇතුලේ බුද්ධිමත් ඔබ හිරවෙලා ඉන්නේ කියන එකවත් නොදැනෙන්න හිරකරලා තිබ්බහම. අයුක්තිය අසාධාරණය අයිතිවාසිකම් වෙනුවෙන් හ`ඩ න`ගන්න ඔබ මැලිවෙනවා. කවුරුන් හරි මේ මුලාවට එරෙහිව හ`ඩ නැ`ගුවහොත් ඔබට ඔවුන් මෝඩයන් නරුමයන් නරින් ලෙස දකින්න පටන් ගන්නවා. එසයිමන්ට් ප‍්‍රසන්ටේෂන් සෙමෙස්ටරය අස්සේ හුදකලා කරලා ඉන්න ඔබට මේවා පේන්න දෙන්නේ නෑ. රටේ බුද්ධිමත් පිරිස වන ඔබ මේ අසාධාරණය හමුවේ නිහඩ කරවන්න මේ පාලකයෝ ඔබ සිතනවාට වඩා අපේම ධනයත් ශ‍්‍රමයත් භාවිතා කරනවා. කලාව සංස්කෘතිය ආගම වැනි සමාජ විඥානය ඔවුන් හසුරුවනවා. ඔබ මේ පිළිබඳව සොයා බලා දැනගත යුතුයි. මොකද අධ්‍යාපනය ඇතුලේ ඔවුන්ව ප‍්‍රශ්න කරන දැනුමක් දෙන්න සූදානම් නෑ. ඔවුන් බයයි. අපට දැනුම දෙන්න ඔවුන් නිර්මාණය කර ඇති සෑම මාර්ගයක්ම ඇතුලේ නිර්මාණය කරලා තියෙන්නේ ධනවාදයේ හීන විතරයි. අප දැනුමෙන් සන්නද්ධ විය යුතුයි. විෂයබාහිර පොතපතට කාලය නැතත් අප ඒ සඳහා කාලයක් සොයාගත යුතුයි. පාලකයෝ හිතනවා සමාජ දේශපාලන දැනුමෙන් අපි වියුක්ත කරල අපව අන්ධ කරල තියන්න. අප අන්ධ වුණොත් නිහ`ඩ කළොත් පාලකයන්ගේ මුග්ද ක‍්‍රියාවන්ට එරෙහිවන ගාමක බලවේගය මැරුවයි කියලා ඔවුන් හිතනවා. හෙජමොනිය අපි දැන හෝ නොදැන අපව රූකඩයක් කරගෙන ඉඳියි. අපව අපි තුළම නැතිකරලා දානවා, සහවේදනය, හිතහොඳ මිනිහා, මනුස්සකම අපෙන් උදුරලා අයින් කරනවා. ඔබ ඓන්ද්‍රීය බුද්ධිමතෙකු ලෙස ඉගෙනගත යුතුයි. ප‍්‍රතිහෙජමොනියක් නිර්මාණය කළ යුතුයි. මතු පරපුරක ඉරණම රැඳිලා තියන්නේ අපි අතේ නොවේද? වෙනස්වෙන්න ප‍්‍රශ්න කරන්න වෙනස් කරන්න.
ජය වේවා!
No comments:
Post a Comment