නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Tuesday, October 28, 2014

සරුම වූ කලා කෙත ඇස් මානයේ වල් බිහිවී මියැදී සදහටම අහිමි වන්නට පෙර සිහිකැඳවීමක් කරගමු



සරුම වූ කලා කෙත ඇස් මානයේ වල් බිහිවී මියැදී සදහටම අහිමි වන්නට
පෙර සිහිකැඳවීමක් කරගමු
ආදරණීය අම්මේ තාත්තේ
සහෝදරයා සහෝදරිය


පරික්ෂාවට ලක් නොකරන ලද ජීවිතය යනු මනුෂ්‍යයකුට වඩා ජීවත් වීමට නොවටිිනා ජීවිතයකියි
යනුවෙන් සොක‍්‍රටීස් වරක් ප‍්‍රකාශ කළේය. ඇත්තෙන්ම මෙම ලිපිය කියවන ඔබව අප හට පරික්ෂා කිරීමට අවශ්‍යය. ඇත්තෙන්ම මෙම පරික්ෂාව විශේෂ එකක්, මොකද මේ පරික්ෂණය ඔබ ගැන ඔබම කරන පරීක්ෂණයක්. හරි අපි  පරීක්ෂණය පටන් ගන්නවා,

1 ඔබ ජීවත් වනවා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
2 ඔබ ආදරය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
3 අධ්‍යාපනය යනු කුමක්ද?
4 මිනිසා සමාජයක් ලෙස ජීවත් වන්නේ ඇයි?
5 ඔබ සිතන සිතුවිලි ඔබගේම පමණක්ද?

මෙම ලිපිය කියවීමට පෙර ඔබගේ පිළිතුරු වෙන වෙනම සිතා බලන ලෙස මා ආරාධනා කරනවා. ඇත්තටම කලාවේ නිර්මාණකාරයෝ අපි පමණක් නොවෙයි. මිනිසා මේ මහපොළොවට නිර්මාණය වූ දා ඉඳන් කලාව ආරම්භ වුණා. ගොඩක් වෙලාවට ස්වභාවික පරිසරයට බියෙන් ත‍්‍රස්තව සිටි මිනිසුන් ස්වාභාවිකව නිර්මාණය
වූ ශබ්ද චලනයන්, රූපයන් අණුකරනය කරන්නට පටන් ගත්තා, පළමුව දඩයමේ ගිහින් පැමිණි ඔවුන් දඩයමෙන් ලද මස් මියගිය ඥාතීන්ට පූජා කරන්නට උණා. එම පූජාවන්වලදී පිරිස මැද ගිනිමැලයක් ගසා වටේට සතුන්ගේ ඉරියව් අනුව නටන්නට උණා. ඊට සාපේක්ෂව ශබ්ද අනුගමණය කළා. කුරුල්ලන් දියඇලි සතුන්ගේ ශබ්ද විවධ ද්‍රව්‍ය ගැටෙන ශබ්ද ඔවුන් අනුකරණය කළා. මොවුන්ගේ එක් දියුණු වූ යුගයක් ලෙසට අල්තමීරා ගල් ගුහාවේ බයිසන් ගවයාගේ චිත‍්‍ර හඳුන්වා දෙන්න පු`ඵවන්. මෙහෙම තමයි ගායනය, වාදනය , නර්ථනය චිත‍්‍ර කලාව නිර්මාණය උණේ. 
කවුද ඇත්තටම මේවා නිර්මාණය කළේ. ඇත්තටම එම සමාජයේ සිටි මිනිසුන් දහස් ගණනකගේ දායකත්වයෙන් කලාව ආරම්භ වූවා. ඒකෙන් සඳහන් කරන්නේ ඒ කාලේ සිටි සියලූම මිනිසුන් කලාකාරයන් බව නේද? මේ කලාව අදෘෂ්‍යමාන බලවේගයක් ලෙසින් නිර්මාණය කරන ලද්දක් හෝ දෙවියකු විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. මෙය නිර්මාණය කලේ මිනිසුන්ය. ඒත් අද කලාකාරයෙක් කියන්නේ කාටද? කලාකාරයෙක් වීමට මොනතරම් නම් වෙහෙසක් අමාරුවක් දරන්නට තියනවද? ඇත්තටම මේ ප‍්‍රශ්නය ඔබේ ප‍්‍රශ්නයක්. ඔබ ඔබගෙන්ම අසා ගතයුතු ප‍්‍රශ්නයක්. ඇයි මට කලාකාරයෙක් වෙන්න බැරි ඇත්තටම ඒකට අපි ළ`ග උත්තරය තියනවා. 
ප‍්‍රාථමික සාමුහික සමාජයේ ජීවත් වූ මිනිසුන් පෞද්ගලික දේපල ක‍්‍රමය නිර්මාණය වීමත් සම`ග වහල් සමාජ ක‍්‍රමය ආරම්භ උණා. වහල් සමාජය ආරම්භ වීමත් සම`ග කලාව වහල් හිමියන්ට පමණක් සීමා උණා. කලාව එවන් වරප‍්‍රසාදලත් පිරිසකට පමණක් සීමා උණා. වහල් ක‍්‍රමයෙන් පස්සේ වැඩවසම් ක‍්‍රමයෙන් මෙම තත්ත්වය දිගටම ක‍්‍රියාත්මක උණා. වහල් ක‍්‍රමයෙන් වහල් හිමියන් වගේම වැඩවසම් ක‍්‍රමයේ ඉඩම් හිමියන් වහලා සහ ප‍්‍රවේණි දාසයාව පීඩාවට පත් කරමින් තමන්ගේ සුඛිත මුදිත ජීවිතය ගත කළා. එතකොට ඔවුන්ට ලැබුණු විවේකයේ ගීත ගයන්න නටන්න වාදනය කරන්න ඉඩකඩත් හිමිවුණා. හැබැයි සාතිශ්‍ය බහුතරයක් උණ පීඩිතයන් කලාවෙන් ඈත්කරලා වහල් හිමියන්ගේ සහ ප‍්‍රවේණි දාසයන්ගේ අවශ්‍යතා සම්පූර්ණකරන තත්ත්වයට පත් වුණා. 1789 ප‍්‍රංශ මහා විප්ලවයෙන් පසු ලොකයේ ධණවාදය ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත උණා. දැන් ක‍්‍රියාත්මක වන්නේ ධනවාදය. සියලූ වරප‍්‍රසාද හිමි පන්තිය බවට ධනපති පන්තිය පත්වෙලා, තරුපහේ හෝටල්, රේස් බුකි, කැසිනෝ, ගණිකා ව්‍යාපාර ක‍්‍රියාත්මක වෙන්නේ ඔවුන් වෙනුවෙන්. දැන් කලාව ක‍්‍රියාත්මක වෙන්නේ ඔවුන් වෙනුවෙන්. චිත‍්‍ර ශිල්පියා ජීවත් වීම සඳහා චිත‍්‍ර ඇඳලා විකුණනවා. හැබැයි ඔහු සතුව කලාකාරයෙක් හෝ එකඳු චිත‍්‍රයක්වත් ඉතුරු වෙන්නේ නෑ. ජීවත් වීමට තවත් සතුට තිබෙන සියල්ල විකිණීමට සිදුවෙලා. නිර්ධන පන්තියේ පීඩිත ගොවියෝ,කම්කරුවෝ, ධීවරයෝ කවුද? නාට්‍ය බලන්නේ කවුද? ගීත රස විඳින අය කවුරුත් නෑ. ඔවුන් කලාවෙන් ඈත්කරලා වැඩකරන යන්ත‍්‍රයක් බවට පමණක් පත්කරලා. අඩුම තරමේ තමන්ගෙ ගෙදර අය නෑදෑයන් මිත‍්‍රයන් ආශ‍්‍රය කරන්න වෙලාවක් නෑ. ලංකාවේ චිත‍්‍රපට, නාට්‍ය, ගීත රස විඳින්නේ මැද පන්තියේ හා ධනපති පන්තියේ කොටස් විතරයි. මහින්ද රාජපක්ෂ නෙ`ඵම් පොකුණ ර`ගහල හදලා තියෙන්නේ කාටද? රු 5000ක ටිකට් එකක් ගන්න පුලූවන් අයට විතරයි. බිෂොප් විද්‍යාලයේ ටවර්හෝල් හරි ලයනල්වෙනට් එකේ හරි නාට්‍ය බලන්න යනවානම් රු 500ක් රුපියල් 1000 ටිකට් ගත යුතුයි. ඉතින් කම්කරුවන්ට, ගොවියන්ට, ධීවරයන්ට, ශිෂ්‍යයන්ට නාට්‍ය බලන්න බැහැ. මොකද ඔවුන්ට හම්බවෙන වැටුප කන්න බොන්න අ`දින්න පළ`දින්නවත් මදි. මෙහෙම තමයි ලංකාවේ නවලිබරල් ධනවාදය තුළ කලාව තියෙන්නෙ. කලාව තුළ තවදුරටත් කලාකාරයෝ නිර්මාණය නොවන
මට්ටමට මේ තත්තවය වර්ධනය වෙලා. දැන් නිර්මාණය වන්නේ කලා වෙළෙන්දො, තමන්ගේ කලා කෘතිය
විකුණාගැනීමට උත්සය කරන අය පමණයි. මෙම තත්ත්වය කලාව මුහුණ දී තිබෙන දරුණුම තත්වයක්, පසුගිය කාලයේ සුපර්ස්ටාර් තර`ග තිබ්බා. ඒකෙ තරුවක් වෙන්න පුලූවන් වන්නෙ කටවුට් ගහන්න පුලූවන්, වැඩිපුර එස්.එම්.එස් ගහන්න පුලූවන්, වැඩිපුර තමන් ජනප‍්‍රිය කරගන්න පුලූවන් අයට විතරයි. මෙතන ඔබත් ඉන්නවාද?, ඔබ කලාකාරයෙක් වෙන්නේ කොහොමද? හැමදාම රන්ජන් රාමනායකලා, භාතිය සන්තුෂ්ලා, ඉරාජ්ලා වගේ අය තමයි මේකේ කලාකාරයෝ වගේ ඉන්නෙ. මොකද ඒ අයට මුදල් වියදම් කරන්න පුලූවන් අය ඉන්නවා. මෙයලා මේවා කරන්නෙ ලාබ ගන්න විතරයි. ඒ නිසා තමයි එයාලා කලා වෙළෙන්දො වෙන්නෙ. ඔබ උත්සාහ කරන්නේ කලා වෙළෙන්දෙක් වෙන්නද? කලාව විකුණන්නේ කෙසේදැයි යන ප‍්‍රශ්නය මෙතුවක් ඔබට මතු නොවෙන්ට ඇති කියලා අපි හිතනවා. ඇත්තටම කලාව විකිණීම යනු මිනිසා මිනිසාගෙන් උදුරා ගැනීමක් පමණි. මිනිසා යනු සමාජය විසින් නිර්මාණය කරන විඥානයක් සහිත ජීවියෙකි. ඔහු සතුන්ගෙන් වෙනස් වන්නේ කෙසේද? මිනිසා හැර මිහිපිට සිටින කිසිදු සතෙකුට ස්වාභාවික ලෝකයේ තිබෙන ද්‍රව්‍යය නැවත අපූර්වත්වයකින් යුක්තව නිර්මාණය නොහැකිය. ඒ හැකියාව තිබෙන්නේ මිනිසාට පමණයි. මල්, දියඇලි, සතුන් ,ශබ්ද මිනිසා අපුර්ව ආකාරයකින් අලූතින් නිර්මාණය කරනවා.

ඉතින් ඉතිහාසයේ සිටින කෝටි ගණනක මිනිසුන්ගේ ශ‍්‍රමය මත තමයි අද තිබෙන කලා සම්ප‍්‍රදායන් කර
තියෙන්නෙ. පැල් කවි, කරත්ත කවි, ගොයම් කවි ශ‍්‍රමය මත නිර්මාණය වු කලාවන්. හැබැයි ධනවාදය මේ
හැමදෙයක්ම මුදලට විකුණමින් තිබෙනවා. මුදලට විකුණන විට කලාව නිර්ධන පංතියෙන් ඈත් වී ධනපතින්ගේ සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් වෙනවා. එමෙන් ම නව ලිබරල් ධනවාදයේදී උසස් නිර්මාණ බිහි වෙන්නේ නෑ. ඇ`ග සොලවා නටන්න පුලූවන් ගීත, නර්තන විතරයි තිබෙන්නේ. මේක බිස්නස් එකක්. දේශපාලඥයන්ගේ, ව්‍යාපාරිකයන්ගේ ප‍්‍රචාරණ උවමනාව වෙනුවෙන් භාවිතා කිරිමට නිර්මාණය කරන ලද දෙයක්. කලාව ප‍්‍රඥාවේ ආනන්දය වෙනුවට කලාව මිනිසුන්ගේ මොළ කුහරවල වෛරස් පතුරන වාහකයෙක් වෙලා. මේ වෛරස සමාජයේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා. මිනිසුන් උන්මත්තකයන් බවට පත්වෙලා. ආදරය වෙනුවට එකිනෙකා ඇණකොටා ගන්නා තත්වයකට පත්වෙලා. සංගීත ප‍්‍රසංග වෙනුවට එකිනෙකා මරාගන්නා, මත්ද්‍රව්‍ය විකුණන්නන්ගේ පොරපිටියක් වෙලා. මෙන්න මේ ප‍්‍රශ්නයට සමාජයට සෘජුවම මුහුණ දෙන්නට උනේ 90 දශකයේ මුලය. 
මෙම දේශපාලන තත්වයට උත්තරයක් සෙවීම ස`දහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වයෙන් 90 දශකයේ මැද භාගයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාගේ දේශය අවදි කරනු මැන කලා උළෙලත්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වේදිකාවෙන් මහපොළවට වේදිකා නාට්‍ය උළෙලත් කැලණිය විශ්වවිද්‍යාලයේ බිහිදොර අබියස ප‍්‍රාසංගික කලා උළෙලත් නිර්මාණය කළා. ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස නැගී එන අංකුර කලාකරුවන්ට වේදිකාවක් නිර්මාණය කර දීම අපගේ අරමුණ උනා. එසේ ම කලා උළෙල පුරාවට කලාව විකුණනවා වෙනුවට ජනතාව උදෙසා වූ කලාව නිර්මාණය කිරීමට අප වෙහෙසෙමින් සිටිනවා.
මෙම තත්වය සුවපහසු යහන්වල සිට කරන්නක් නොවේ. කැටයක් ගෙන බස් එකෙන් බස් එකට ගිහින් කලාවේ අර්බුදය අධ්‍යාපනයේ අර්බුදය ගැන කතා කරලා සොයාගන්න මුදල් වලින් තමයි කලා උළෙල කරන්නෙ. අපගේ බලාපොරොත්තුව කිසිවෙකුට ජීවත්විය නොහැකි මේ ග`දගහන ධනවාදී සමාජ ක‍්‍රමය වෙනුවට හැමෝටම ජීවත් වීමට සුදුසු සමාජයක් ගැන හිතන ධෛර්ය සම්පන්න කලාකරුවන් නිර්මාණය කිරීම. එතකොට ඔබට තෝරාගන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් කිසිම හිරිකිතයක් නැතිව හෘදසාක්ෂිය පාවා දෙමින් කලාව විකුණන කලා වෙළෙන්දෙක් වෙන්න පුලූවන්. අනිත් එක පාරේ දුක්විඳින දුක් වි`දින කම්කරුවෝ, ගොවියෝ, ධීවරයෝ හා අනෙකුත් පීඩිතයන් වෙනුවෙන් කලාව ගොඩන`ගන කලාකාරයෙක් වෙන්න පුලූවන්. 
ඉතින් අපේ මේ අරගලය ඉදිරියටත් ජවසම්පන්නව කරන්නා ඔබ අපට ශක්තියක් වෙයි කියලා හිතනවා. කලාව මිනිසුන්ගේ උදර කුහර පුරවනවා වෙනුවට මිනිසාගේ මොළ කුහර පුරවන්න යොදවන ලෙස අප ඔබට ආරාධනා කර සිටිනවා. 
අදට වඩා ජවසම්පන්නව හෙට දිනය වෙනුවෙන් හිතන්න. සරසවි බිම පා ස්පර්ෂය උදෙසා මනුෂ්‍යත්වය සම`ග වඩාහොඳ අධ්‍යාපනයක් සම`ග නැ`ගී සිටිමු
ජයවේවා ! 
                                                    මහා ශිෂ්‍ය සංගමය - කැලණිය විශ්වවිද්‍යාලය

No comments:

Post a Comment