නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Sunday, October 12, 2014

පුන්චි හිලක් හොයාගනින් පැනලා යන්න



පුන්චි හිලක් හොයාගනින් පැනලා යන්න
මේක පට්ට 
දුවගෙන වරෙන්
හීන් නූලෙන් ගේම ගහලා 
පැනලා යන්ට
පරිස්සමින්..... උන් දකියි
ලාංකීය පුරවැසියා ලෙස උපත ලබා අනේක විද දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ පාමින් මහමෙරක් මෙන් ජීවිතය ගැන අටුවා ටිකා ටිම්පනි තබමින් පාලකයන් විසින් ඔවුන්ගේ වුවමනාවන්ට නිර්මාණය කරලා දීපු අධ්‍යාපන ක‍්‍රමයකට පට්ට දවල් හීන පොදි බදිමින් පට්ටම ජීවිතයක් පතාගෙන ඔතාගෙන යන්න හිතාගෙන සරසවියට අපු හැම එකාටම උරුම වෙච්ච ඉරණම මේක තමයි. සමහර එකාලා මේකේ තියෙන විකාර කරපු ඉගැනුම් ක‍්‍රමය ඒකගෙම මොළෙන් තේරුම් ගනිද්දි සමහර උන් උන්නේ හරියට උන් රටක් රාජ්‍යයක් දින්නා වගේ. හැම එකාගෙම උපාධියට කෙලවලා දාලා පන්ති සාමාර්ථ දාන්න ආපු උන් ගොටු උර ගණන් අල්ලද්දි තමන්ගේ අම්මට අප්පච්චිට සිරාවටම ආදරේ කරන උන් ටිකකුත් කාගෙ වාසනාවටද මන්ද පහළ වෙලා හිටියා. 

ඔය මොකා මොකක් කිව්වත් අපි අපේ වැඩ ටික කරගෙන ඉන්නවා කියලා පාඩුවේ ඉන්ට හිටපු උන්ටත් උන්ගේ අනාගතය උන්ගෙන් උදුරගෙන කියලා උන් දන්නේ නෑ. තනියම ගේම් ගගහ ඉදලා ඒක දැනගත්තා කියලා උන්ට කරන්න වෙන්නේ බකන්නිලාගෙන ඉන්න වෙන එක කියලා අපේ අප්පච්චි මට කිවුවා දවසක්.

ඒකත් හිතේ පැලපැදියම් කරගෙන සරසවි බිමට ආපු අපිට උරුම වෙලා තියෙන කාලකණ්ණි ජීවිතේ දැක්කම මැරෙන්න හිතුණා නේද? 

මේක මහින්දයාගෙම බූදලයක් වෙලා තියන විදිහ දැක්කමයි මහින්දගේ සාටකේ එල්ලිලා එස් බී ලා වගේ මෘගයෝ දගලන විදිහ දැක්කම හිත කීරි ගැහිලා ගියේ නැද්ද?

ඉස්කෝලේ කාලේ විභාග වලටම තීන්දු වෙච්ච ජීවිතේ අතෑරලා පට්ටම ජීවිතයක් ගෙවන්න හිතාගෙන සරසවියට පය ගහපු අපි දැන් ඉස්සරටත් වඩා පොදි බැදගෙන විභාග ලියනවා. ඔව්වා මෙව්වා හිතලා ඔලු ගෙඩිය අවුල් කර ගන්නේ මොකටද අපි අපේ පාඩුවේ ඉන්නවා නෙහ්.

චින්තනේ එල්ලිලාම බීලා බලහල්ලකෝ එහෙන්ම් නේද? සමාජ ක‍්‍රමේ අවුල ඔහෙ තිබුණදෙන්, අපි කඹුරමු ඉතින් අම්මා අප්පා අමතක කරලා දාලා. උන් නාකි උනාම අපිට වැඩක් නෑ

යථාර්තවාදී වෙන්න හිතන්න වෙයි මොනවා කිව්වත්

නැද්ද මං කියන්නේ..............

No comments:

Post a Comment