නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Monday, March 24, 2014

විප්ලවය


කිසිවක් නොපෙනෙන ඇතැමෙකු
පවසයි අන්ධයින් යයි අප
එද ඔබ උගැන්වූයේ අපට
උදා වන කාලයෙන් කාලයට
දකින්නට ඇවැසි බව එහි පැහැය.

කිසිවක් නෑසෙන ඇතමෙකු
පවසයි බිහිරුන් යයි අප
එද ඔබ උගැන්වූයේ අපට
මිනිස්කමේ මුදු බවින් නැගෙන
ජවය පිරි හඬට
සියල් දෙසට
යොමන්න ට ඇවැසි බව දෙසවන .

බියගුල්ලෝ කියති බියගුල්ලන් යැයි අපට
එද, මුහුණ දෙමු අපි ඔබ සමග
සියළු සෙවණැලි වලට
විපරිණාමය කරවමු උහු සතු මුහුණු
අපරාධකරුවෝ කියති අපරාධකරුවන් යයි අපට
එද ඔබ සමග පැතුමක් ද ගෙන නැගෙමු
තබමු තිත
අපරාධයට,
ගණිකාචාරයට
සහ කුසගින්නට.

නෙත් ද,
හඬ ද,
දෙසවන් ද,
ආත්මයද,
තබමි
මිනිසත් බවේ හදවතට.

වර්ගවාදීහු කියති මානව විරෝධීන් යැයි අපට
එද ඔබ සමග හෙළා දමනෙමු ද්වේෂය
එහි සර්ව භෞමික සොහොනට
එකිනෙකා වැළඳ සැනහෙන නගර තුල.

උහු කියති බොහෝ දේ තව තව
කුමක් කීවෙද අමතකය ඒවා උසුරුවන්නන්ටම
ඒවා මුග්ධය ඔවුන් ලෙසටම
ඒ නැගෙන හෙට දින
මුනුපුරු - මිනිපිරියන් උන්ගේම
ප්‍රීතියෙන් කුල්මත්ව
පෙම් කරනු ඇත ඔබට
කියනු ඇත උහු
ආකස්මික වූ
ඔබේ නාමය :
'
විප්ලවය'



Otto René Castillo | ඔටෝ රෙනෙ කැස්ටිලෝ "Revolution"කවියේ පරිවර්තනය

අාදරනීය දුයිෂෙන්..........

බොහෝ කලක සිට
බලා සිටිමි මම - ඔබ එනතුරු
තණබිම කෙළවර අයිලය වූ
වෙල්යායේ ඉම මා උපන් ගමේ...

ලෙනින් මිය ගිය දා අඳුරු වූ
ඔබේ මුහුණ දකින්නට..
අල්තීනායි රැකවරණ සෙවු
ඔබේ උරහිස දකින්නට..
අයිලයේ පාසල තැනු
ඔබේ අත් සිඹින්නට..
ගඟ මතින් ළපැටියන් එතෙර කළ
ඔබෙ දෙපා වඳින්නට..

වසන්තය ගෙවී යයි සෙමින්
ගිම්හානයත් ළඟයි දැන්
කඳු මුඳුන මත ගසෙහි
කුරුලු කූඩුව සැළෙයි..
හමන මඳ සුළඟට පවා

කනිටු විදුහලත් වැසුණා - පසුගිය වාරයේ
අන්තිමට ළමයි තුන්දෙනයි සිටියේ!
ඉතින්!
කවදාවත් නෑවිත් මගේ ගමට
ඔබ,
නතර වේවි ද!
නගරයේ ජාත්‍යන්තර පාසලේ...


උපුටාගැනීම boondi

අරගල කරන සිසුවන් නොම වෙද අපගෙ දරුවන්!

ආශ්චර්යයේ වාගාලාප නහුතයකින් රටම වැසෙමින් පවතින මොහොතක විශ්වවිද්‍යාල සිසුහු දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ මහමගට බැස සිටිති. ක්‍ෂිතිජයෙන් එපිට ලෝකය දකින ශිෂ්‍යයකු බිහි කිරීමේ තේමා පාඨය මතින් ගමන් කරන උසස්‌ අධ්‍යාපන බලධාරීන් මහමගට බැස සිටින ශිෂ්‍ය ප්‍රජාවේ අරමුණ දේශපාලන වර්ණනාලේපයකින් වැසියහැකි යෑයි නොසිතමු.

රජරට විශ්වවිද්‍යාලයේ පවතින ශිෂ්‍ය මර්දනයට එරෙහිව හා ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිසුන් විසින් ආරම්භ කරනු ලැබ ඇති සත්‍යග්‍රහය දින සියය පසු කළේ නොබෝදාය. සිසුන්ගේ සත්‍යග්‍රහයට පදනමක්‌ තිබේ. මේ වන විට එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසි හත් දෙනකු දඬුවමට ලක්‌ කර තිබේ. ඇතැම් සිසුන්ට දඬුවම් පමුණුවීමට හේතුව වශයෙන් දැක්‌වෙන්නේ එහි කළමනාකරණ උපාධිය රුපියල් එක්‌ ලක්‍ෂ හතළිස්‌ දහසකට විකිණීමට සූදානම් වන බවට චෝදනා කරමින් ඒ බව දැනුවත් කිරීම සඳහා සකසන ලද අත් පත්‍රිකාවක්‌ බෙදාහැරීමය. අත් පත්‍රිකාව බෙදීමේ චෝදනාවට ලක්‌වූ එක්‌ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්‌ වසර පහක කාලයක්‌ ශිෂ්‍ය භාවය අත්හිටුවීමේ දඬුවමට ලක්‌ව සිsටින්නේය.

මෙලෙස සිදු කෙරෙන ශිෂ්‍ය මර්දනයට එරෙහිව හා පානීය ජල ප්‍රශ්නය වැනි සුබසාධන ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා විශ්වවිද්‍යාලය ඉදිරිපිට ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට තෙවරක්‌ම පොලිස්‌ ප්‍රහාර එල්ල කෙරිණි. අධිකරණ නියෝග ගැනිණි. අධිකරණ නියෝගය හමුවේ සත්‍යග්‍රහ අට්‌ටාල සුණු විසුණු කෙරිණි. පොලිසිය උපරිම බලය යොදා සත්‍යග්‍රහයේ යෙදී සිටි සිසුන් විසුරුවා හරිනු ලැබිණි. තෙවරක්‌ම එල්ල වූ පොලිස්‌ ප්‍රහාර හමුවේ වුවද ඔවුහු යළිත් විශ්වවිද්‍යාලය ඉදිරිපිට ම සත්‍යග්‍රහයේ යෙදී සිටිති. ඔවුන්ගේ මූලික ඉල්ලීම වනුයේ ශිෂ්‍ය මර්දනය නවතාලීමය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තුච්ඡ නවකවධ සිද්ධීන් හා ඒ නිසාම නිශාන්තලා වැනි සිසුන්ට ජීවිතය හැරදා යැමට මග පෑදූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් වන අපගේ විවේචනය තවමත් එසේමය. නිශාන්තලා ජීවිතයෙන් පලා ගිය ද ඊට හේතු කාරක වූ විෂබීජවලට තවමත් විශ්වවිද්‍යාලයේ නිදැල්ලේ සැරිසැරීමට ඉඩදීම සම්බන්ධයෙන් අපි විරෝධය පළ කරමු. ඊට අදාළ පරිපාලන අංශවල නිවට ක්‍රියාකාරිත්වය වෙනම කතා කළ යුත්තකි.

Saturday, March 8, 2014

කැලණි සරසවි සිසුහු කිරිබත්ගොඩ දක්වා පාගමනින් යති

බොහෝ කලක සිට පැවත ඒන කැලණිය සරසවි යේ නේවාසිකාගාර අර්බුදයට ඒෙරෙහිව සිසුන් කොපමන කෑගැසුවත් බිහිරන් ලෙසින් සිටිනා පාලක පන්තිය අැහැර වීමේ අදහසින්  කැලණිය සිසුන්  ‎‎2014/03/06 වන දින පෙ.ව 12.00 ට කැලණිය සරසවියේ සිට කිරිබත්ගොඩ දක්වා ඉතා සමකාමී අයුරින් පාගමන් ගිය අතර, ලංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ නොසැලෙන බව මනාවට ගෙනහැර පෑය, ඔවුන්ගේ ඒම උත්සාහය නොයෙක් අයුරින් බිද හෙලීමට අණ්ඩුවේ මුර බල්ලන් කොපමන දත කෑවද, ඔවුන් මෙසේ සාමකාමී අරගලයක නිරත විය.

Tuesday, March 4, 2014

අරගල බිමේ නොනැවතී ඉදිරියට

                     
2010 වර්ෂෙය්දි කැලණිය විශ්වවිද්‍යාලයිය පරිපාලනය  විසින් සිදුකරනු ලැබු අත්තනෝමතික බහුභූත නේවාසිකාගාර මාරුව නිසා එයින් පරිපාලනය බලාපොරොත්තු වු පරිදිම හට ගැනුනු නේවාසිකාගාර අර්බුදය (2012/2013) මෙම අධ්‍යන වර්ෂය වන විට බරපතල  ප්‍රතිවිපාක අැතිකර අැත. පරිපාලනය මේ සම්බන්ධ ව අවධානය යොමු නොකරනුයේ එය ඔවුන්ගේ ද අවශ්‍යතාවය වන බැවිනි. මේ වන විට උද්ගතව අැති තත්ත්වය අතිශය බරපතලය. සහා්ෙදරියන් 500ට පමණ අධික ප්‍රමාණයකට නේවාසිකාගාර අහිමි ව මහමගට අැද වැටී අැති අතර ඒනිසා අධ්‍යයන කටයුත ද කරගෙන යාමට නොහැකිව අැත.
                       මේ බව විශ්වවිද්‍යාල පරිපාලනයේ අවධානය යොමු කළ ද ඔවුන් සුපුරුදු පරිදි ම මුනිවත රැක්කහ. ඒබැවින් ඉල්ලීම් දිනා ගැනීමට  බල කරමින් සංකේත උද්ගෝෂණයක පසුගිය 2014-02-26 දින අප නිරත වූ අතර එයට පරිපාලනය පිළිතුරක් ලබා නොදීම හේතුවෙන් නැවත අප අරගල බිමට පිවිසියෙමු . 2014-03-03 දින එනම් අද දින කැලණි සරසවි අර්බුදය පිළිබදව අප මහජනතාවට පැවසිම සදහා සරසවිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවීමු. නේවාසිකාගාර පහසුකම් ලබා දෙනතුරු නේවාසිකාගාර පහසුකම් අහිමි වු සහෝදර ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මධ්‍යස්ථාන අාපනශාලාව තාවකාලික කාන්තා නේවාසිකාගාරය ලෙස භාවිතා කරන අතර අද දින සිට නේවාසිකාගාර අර්බුදය විසෙදන තුරු ඒහි සිටිමින් ඉදිරිෙය්දි විශාල ක්‍රියාමාර්ගවලට යාමට සැලසුම් කොට අැත.

අපගේ ප්‍රධාන ඉල්ලිම්

පාලකයිනි

  • සැලසුම් සහගත ලෙස නිර්මාණය කළ නේවාසික අර්බුදය වහා විසදනු
  • සියලුම සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දෙනු
  • කාන්තා නේවාසිකාගාර වල  නිදහස තහවුරු කරනු


Monday, March 3, 2014

අලුත් අධ්‍යයන වර්ෂය හා හොස්ටල්


f.!rjKsh iajdókajykai"
wdorKSh ifydaorhd"ifydaoßh"

tla wOHhk j¾Ihla bjrfj,d ;j;a w¨;a wOHhk j¾Ihla Wod Wkd' ta;a w¨;aa wOHhk j¾Ihg Tng iqN m;kakj;a yskd fjkakj;a wmg nE' fudlo@ oyil=;a tlla m%Yak ysf;a ;shdf.k bkak Tng uQksÉPdjg yskd fj,d bkak wmsg mqreÿ ke;s ksid' iqmqreÿ úosygu w¨;a wOHhk j¾Ih wdrïN fj,d ;sfhkafka m%Yak f.dvla tlal'  
fkajdisld.dr w¾nqoh kej; w¨;a jghlska weú;a ;shkjd'yeu mdru jf.a fï mdr;a m%Yakh nrm;, fj,d ;shkjd' lsf,daóg¾ 50 l ÿr ú;rla fkfjhs 200l 300l ÿrl whg;a fï mdr fydiag,a kE' fndaäulg wvqu re 2500la j;a f.jkak fjkjd' t;fldg re 40l lEu tlla ld,d fndaäul ysáfhd;a wvqu ojig re 120la j;a hkjd' lkakhs bkakhs ú;rla t;fldg udisl .dia;="wu;r úhoï"ÿrl;k úhoï@ wmsg fj,d ;ssfhkafka bf.k .kak tl me;a;lg od,d part time job lrkak' ta uosjg 80] ;a wksjd¾hhs' u;lo@ wmsg wmq ojiaj, bokau lsõjd" wïud ;d;a;d .ek ys;kak ta wh ÿla ú|skjd lsh,d' ta;a wfma wïug ;d;a;g ;j ;j;a nrla fjkak fjk m%Yak weú;a ;sfhoaoS wmsg f;, .ymq tl uy;a;fhlaj;a ioaohla kE'

Sunday, March 2, 2014

විප්ලවය

මා වාට්ටුවට පය තබත්ම හෙදිය බියපත් විලසින් මා ඇමතුවාය. “ගුඩ් මෝනිං සර් අමාරු ලෙඩෙක්” ඇගේ හදිසියට වැඩි අවධානයක් යොමු නොකරම ‍මම සැහැල්ලු ලෙස පිළිතුරු දුනිමි. “ඔයාට හැමදාම අමාරු ලෙඩ්ඩු ඉන්නවා.”

“නැහැ ඩොක්ටර් මේ ලෙඩාට ඇත්තටම අමාරුයි. ඊයේ ඉදල සිහිමුර්ජාවෙලයි ඉන්නේ.” ඇගේ කටහඩේ දැඩ් සන්ත්‍රාසය මට දැනිණි.

අනන්තවත් රෝගීන් සංවඛ්‍යාවක් සහ මිනිය නොහැකි තරම් මරණ සංඛ්‍යාවක් දැක ඇති වෛද්‍යවරුන් වන අපට මෙය කලබලවීමට තරම් හේතුවක් නොවේ. මම විහිළුවෙන් දිගටම කියාගෙන ගියෙමි. “ සිහිමුර්ජාවෙලා නම් ඒක සම්පූර්ණයෙන් නතරවෙනකම් ”