නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Friday, September 12, 2014

කැලණිය යළිත් සටන් බිම පෙරමුණු තනයි


කෙටි කාලීන නිහඩතාවක් පැවති කැලණි ශිෂ්‍ය ව්‍යාපාරය යළිත් සටන් බිමට පිවිසියහ. වර්ථමානය වන විට අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ පාලක අන්තනෝමතිකත්වයන් හේතුවෙන් උද්තගව ඇති අර්බුදයනට විසදුම් ලබා ගැනීමට පාලකයන් හා කොතෙකුත් උත්සහ දැරුවද සියලුම උත්සහයන් ව්‍යර්ථ වී ගිය හෙයින් යළිත් අරගල බිමට පිවිසීමට සිදුවිය.


විශ්වවිද්‍යාලය වර්තමානය වන විට විශාල වශයෙන් නඩත්තු කරනුයේ බාහිර උපාධි හා ඩිප්ලෝමා විකිණීමෙන් ලැබෙන මුදලින්ය. ඇග`ඵම් කම්හල් වල ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ කම්කරුවන් ආදී ලෙස බොහෝ දුක් විද බාහිර සමාජයේ සිසුන් උපයා ගන්නා මුදල් අද වන විට කැලණිය විශ්වවිද්‍යාලය නඩත්තුවට පාලකයන් විසින් සූක්ෂම අන්දමින් යොදවා ගෙන අධ්‍යාපන සමාජයට ලබා දීමේ වගකීමෙන් ක‍්‍රමක‍්‍රමයේන් නිදහස් වෙමින් සිටින අතර එය වත්මන් ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ ප‍්‍රතිපත්ති තුළ රාජ්‍ය අවශ්‍ය්‍යතාව වන අතර සමාජයේ ඉදිරිගාමිත්වය උදෙසා වූ සමාජයක අධ්‍යාපන අවශ්‍යතාව යටපත් කරමින් ලාංකේය ජනතාව අධ්‍යාපනය නොලැබූවන් කිරීමේ අධිරාජ්‍යවාදී අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට රාජපක්ෂ පාලනයේ ක‍්‍රියාදාමයට විශ්වවිද්‍යාල පරිපාලනය ගොනාට ඇද ඇත.

අරගල බිම සටන් පාඨ
  • මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය රු 5000 දක්වා ඉහළ දමනු.
  • රජයේ පාසල් වලින් සියලු මුදල් අය කිරීම වහා නවතනු.
  • මාලඹේ හොර උපාධි කඩය වහා හකුලා ගනු.
  • අධ්‍යාපනය විකිණීම උදෙසා කරනු ලබන ශිෂ්‍ය මර්දනය වහා නවතනු.

No comments:

Post a Comment