නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Tuesday, September 2, 2014

ජපුර සරසවියේ විභාග අවුල් කිරීම

මේ වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ප්‍රථම සයමාසික පරීක්ෂනය පැවැත්වෙමින් පවතී. මෙම විභාග බොහොමයක විවිද ආකාරයේ ගැටළු බොහොමයක් ඇතිවීම හේතුවෙන් විභාගයට පෙනීසිටි සිසුන් බරපතල පීඩාවකට පත්ව ඇත.

2014.09.01 දින පෙ.ව.9.00ට පැවැත්වීමට නියමිතව තිබූ බුදුදහම හා මානසික සංවර්ධනය විශය(2140) සඳහා ශිෂ්‍යන් 80 දෙනෙකු පෙනී සිටීමට නියමිතව තිබුනි. එසේ වුවද පෙ.ව. 9.00 වන තෙක්ම විභාග ශාලාව තුල විභාග අංක යොදා විභාගය පැවැත්වීමට හැකි වන ආකාරයේ කිසිම සූදානමක් නොතිබුනි. එබැවින් විනඩි 30ක් ප්‍රමාද වී විභාගය ආරම්භ කරන ලදී. මෙහිදී සිදු වූ බරපතලම ඛේදවාචකය වූයේ සිසුන් 80ක් පෙනී සිටිමට නියමිතව තිබූ විභාගය සඳහා ප්‍රශ්නපත්‍ර ප්‍රමානවත්ව තිබුනේ 47 දෙනෙකුට පමණි. මෙම හේතුව නිසා ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියමින් සිටි සිසුන්ට පිළිතුරු ලිවීම නතර කර විභාග ශාලාවෙන් ඉවත්වීමට සිදුවිය.


එදිනම හවස 1.30 - 4.30 කාළය තුළ පැවැත්වීමට නියමිතව තිබූ සම්භාව්‍ය සංස්කෘතික සාහිත්‍ය පරිචය (3103) විභාගයද නියමිත වේලාවට පැවැත්වීමට හැකි වන ලෙස විභාග ශාලාව සූදානම්ව නොපැවති අතර එම විභාගයද ප්‍රමාද වී ආරම්භ කිර තිබේ.

මෙම  සිදුවීම දෙක හුදු  අතපසු වීමක් හෝ වැරදීමක් ලෙස බැහැර කිරීමට අපට නොහැකිය. මන්දයත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුළපති ඇතුළු පරිපාලනය පසුගිය කාළය පුරාවටම ක්‍රියා කළ ආකාරය ගැන අපට හොද අත්දැකීමක් ඇත.ඉහලින් එන නියෝග ක්‍රියාත්මක කිරීමෙදී උපකුළපති ඇතුළු පරිපාලනයට කිසිදු අතපසුවීමක් හෝ වැරදීමක් සිදු වී නොමැත. එබැවින් මෙහි අපට පෙනී යන්නේ මෙම සිදුවීම් වල පිටු පස ඇත්තේ රාජ්‍යයේ උවමනාව වන අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මිස වෙන කිසිවක් නොවන බවයි.

No comments:

Post a Comment