නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Thursday, August 14, 2014

ආදී විද්‍යාර්ථීන්ගේ සංසදයේ නොපෙනෙන වේශය



ආදී විද්‍යාර්ථීන්ගේ සංසදය නම් වූ විශ්වවිද්‍යාලයේ සංගමය විසින් ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනී සිටින බව මවාපාමින් නේවාසිකාගාර ගැටලුව විසදීම සිය රාජකාරියක් කොටගෙන ඇත. නමුත් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනුයේ රටේ දක්ෂයන් බව නොසලකා කිසිත් නොතේරෙන අමනයන් යැයි සිතමින් ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත‍්‍රයක් ඇටවීමට අර අදින බව පැහැදිලිය.
පසුගිය කාල වකවානුව තුළ දැඩි නේවාසිකාගාර අර්බුදයක් විශ්වවිද්‍යාලය තුල තිබුණි. එසේම එය විසදා ගැනීමට ශිෂ්‍යයන් අරගලයක්ද දියත් කරන ලදී. එහෙත් පාලකයන් විසින් එම ගැටලුව විසදීමට අපොහොසත් වූ අතර උනන්දුවක්ද නොදැක්වීය. 

එය විසදීමට ආදි විද්‍යාර්ථීන් ලෙස පෙනී සිටින සංගමයේ ව්‍යායාමය පිටට පෙනෙන සද්භාවයෙන්ම අභ්‍යන්තරයේද යුක්තනම් අප ඔවුන් අගය කරනු කැමැත්තෙමු. එහෙත් එය පාසල් සංවර්ධන සමිතියක් එසේත් නැතිනම් පාසල් ආදී විද්‍යාර්ථී සංගමයක මුහුණුවරින්ම පවතින බව සැබෑය. එහි අවසාන ප‍්‍රථිපලය වනුයේ පාලක පන්තියේ වුවමනාවන් තෘප්ත කිරීමයි. මන්ද පාසල් වල ඇති මෙම සංගම් මගින් රජය සුභසාදනයෙන් වෙන්වීමට උපකාර කරන අතර ධනපතියන් වෙනුවෙන් මුලු ආර්ථිකයම පෙල ගැස්වීමට උපකාර කරනු ලබයි.

පාසල් තුළ ඇති මෙවැනි සංගම් මගින් රාජ්‍ය විසින් කළ යුතු කාර්යයන් තමා වෙත පවරා ගනිමන් එසේ අගවමින් එම බර නැවත අහිංසක දරුවන් හා ජනතාව මත පැටවීමේ ආණ්ඩුවේ අවශ්‍යතාව ඉටුකරනු ලබයි.පාලකයන් විසින් එම සංගම් පිහිටුවීමටකත් පවත්වාගෙන යාමටත් සෘජුව මැදිහත් වේ. එසේ සිදුකරනුයේ නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්ති තුල අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ රාජ්‍ය වගකීම නිදහස් වී ධනපති අවශ්‍යතාවය පරිදි සමාජයට අයිති දැනුම විකුණාගෙන කෑම සදහා ධනපතියන්ට අවකාශය උදා කර දීමටය. සමාජ ප‍්‍රතිරෝධයන් අවම කර ගනිමින් රාජ්‍ය එම කාර්ය සිදු කිරීම සඳහා මෙම ප‍්‍රයෝගකාරී ක‍්‍රියා අනුුගමනය කරනු ලබන අතර ඉන් නැවත දෙමවුපියන් හා සමාජය මත ඉතා වීශාල බරක් නැවත වටයකින් පටවනු ලබයි. එකම දෙය සඳහා බර දෙගුණ වේ. බදු බර හා සංගම් හරහා යන දෙආකාරයකින් බර පැටවේ.

ආදී විද්‍යාර්ථී සංසදය එවැනිම සංගමයක් බව ඉදුරාම පැවසිය යුතු අතර මෑත කාලයේ ආණ්ඩුවේ නවතම උපක‍්‍රමය ආදි ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල නඩත්තුවට යොදාගැනීමේ න්‍යායෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සදහා වූ රාජ්‍ය වගකීම නිදහස් වී අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමයි.

නේවාසිකාගාර අර්බුදය විසඳීමට ආණ්ඩුව හෝ පාලකයන් මැදිහත් නොවී මේ සිදුකරනුයේ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය හරහා විශ්වවිද්‍යාලයෙන් නික්ම යන පිරිසට විශ්වවිද්‍යාල නඩත්තුව පැටවීමේ කුමන්ත‍්‍රණයකි. මෙම සංගමය අද වන විට ආණ්ඩුවේ මැදිහත් වීම මත ක‍්‍රියාකාරී වී ඇති අතර එහි පරමාර්ථයන් වනුයේ ශිෂ්‍ය සටන් කිරීම වලකා පොදු ක‍්‍රියාකාරිත්වයෙන් ඉවත් කර හුදකලා කර ව්‍යාජයන් සමද පොර බැදීමට පෙළඹවීමය.

බුද්ධිමත් විශ්වවිද්‍යාල ශිෂයන් වශයෙන් අප නිවැරදිව මෙම තත්ත්වයන් වටහා ගෙන කි‍්‍රයාතල යුතු අතර එයට එරෙහිව නැගී සිටිය යුතුය. ශිෂ්‍ය නිදහස කුමන හෝ ක‍්‍රියාදාමයක් ඔස්සේ අපගෙන් උදුරා ගන්නේ නම් අප කොන්දේසි විරහිතව ඉදිරිපත්වෙමු
මහා ශිෂ්‍ය සංගමය - කැලණිය විශ්වවිද්‍යාලය

No comments:

Post a Comment