නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Monday, September 30, 2013

නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.............


      


මේ දිනවල ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ ඇති වී ඇති අර්බුද සම්බන්ධව ඔබ කවුරුත් දන්නවා ඇති. මේ සම්බන්ධව නොයෙක් පාර්ශවයන් නොයෙක් අදහස් මතවාදයන් පළ කරමින් සිටී. මාධ්‍ය, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල පාලන අධිකාරීන්, දේශපාලන මතධාරීන් ආදී බොහෝ දෙනෙකු  සැබෑ කාරණා යටපත් කර අදහස් දක්වන බව පෙනී යයි. බොහෝ කරුණු විකෘති කර විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ගැන පවා වැරදි රූපයක් මවා තලා පොඩිකර දමා රටේ නිදහස් අධ්‍යාපන අයිතියත් අධ්‍යාපනයේ නිදහසත් රැකගැනීම ලෙයින් ජීවිතයෙන් කැපවීම් කරන ශිෂ්‍ය ප‍්‍රජාවම යටපත් කරන්නට පාලකයන් උත්සහ දරමින් සිටී. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් සැබෑ අර්බුදය නොදන්නා ආදරණීය දෙමව්පියන්ට  සහෝදර සහෝදරියන්ට මෙන්ම සමස්ත සමාජයටම ද නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට ක‍්‍රියාකරන සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පිළිබදව වැරදි වැටහීමක් ලබා දී ඇත. එ ඔබේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ,නිදහස් අධ්‍යාපනය ,රටේ දැවෙන ප‍්‍රශ්න, මහජනතාවට එරෙහි වන අයුරින් ගෙන එනු ලබන පනත් වලට විරුද්ධ වීම , මහජනතාව දැනුවත් කිරීම ආදිය නිසාය. එළඹ තිබෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දැඩිව මර්දනය කරන  කාල වකවානුවකි.



කැලණිය අර්බුදය

    කැලණිය විශ්වවිද්‍යාලය තුළ නේවාසිකාගාර මුල් කරගනිමින් මේ දිනවල විශාල අර්බුදයක් පැන නැගී ඇත. ඒ තුළින් සිසු සිසුවියන්ගේ ජීවිතය බරපතල අනතුරකට ලක්ව ඇත. එයට හේතුව වනුයේ 2009 වර්ෂයේදී ශිෂ්‍යයන්ගේත් ගම්වාසීන්ගේත් දැඩි විරෝධය මධ්‍යයයේ විශ්වවිද්‍යාල පරිපාලනය  ආණ්ඩුවේ මැදිහත් වීම මත කරනු ලැබූ අත්තනෝමතික නේවාසිකාගාර මාරුවයි. නේවාසිකාගාර මාරුවට හේතුව ලෙස ඔවුන් දක්වා සිටියේ ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව පිළිබද ප‍්‍රශ්නයක් ඇති බවට පැවසීම වුවද සත්‍ය හේතුව වනුයේ විශ්වවිද්‍යාල  ශිෂ්‍යා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් වැදීම සදහා තිබු එකමුතුකම විනාශ කර දැමීම හෙවත් ශිෂ්‍ය මර්දනය සදහා පියවර ගැනීමය. 1200 ශිෂ්‍යාවන් සිටි නේවාසිකාගාරයට(කන්නන්ගර නේවාසිකාගාරයට) ශිෂ්‍යන් 400ක් පමණ දමා 400ක් ශිෂ්‍යන් සිටි නේවාසිකාගාරයට(අභ්‍යන්තර පිරිමි නේවාසිකාගාරය) ශිෂ්‍යාවන් ගාල් කර ශිෂ්‍යාවන් 800කට නේවාසිකාගාර පහසුකම් අහිමි කර ඔවුන් අනාරක්ෂිත කරන ලදී. බාහිර කාන්තා නේවාසිකාගාරවල ශිෂ්‍යාවන් ගාල් කර ඇත්තේ ආරක්ෂාවක් පිළිබදව කිසිදු සැලකිල්ලකින් තොරවය. නේවාසිකාගාරයට යන අතර මග මාර්ගයේදී ශිෂ්‍යන් ආණ්ඩුව විසින් මෙහෙයවනු ලැබු මැරයන්ගෙන් දැඩි ප‍්‍රහාර වලට ලක් විය. මෙම ප‍්‍රහාර හමුවේ අප සහෝදරයන් බොහෝදෙනෙකු දිගු කාලයක් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන තත්වයට පත්වූ අතර හිසට සිදුවූ  පහරදීම් වලින් මානසික ආබාධයන්ට ලක්ව තවමත් සුවය නොලද සහෝදරයන් දුක්විදින අතර විවිධ  ආබාධයන්ට ලක්වූ සහොදරයන් ගණනාවක් සිටී. පහරදීම් සිදුකරනුයේ අමානුෂික අන්දමට වන අතර අප ජීවිතය පිළිබදව විශාල අවධානමක් මතු වී ඇත. මෙම පහරදිම් පිළිබදව වගකිව යුතු පාර්ශවයන් දිගින් දිගටම දැනුවත් කළද කිසිදු පියවරයක් නොගන්නා ලදී. මෙම කරුණු සංයුක්තව ගත් කළ පැහැදිලි ලෙස පෙනී යන්නේ බහුබූත නේවාසිකාගාර මාරුව සිදු කරනු ලැබූයේ ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාවට නොව ශිෂ්‍ය මර්දනය සදහා පමණක්ම බව නොවේද?

මර්දනයේ අවශ්‍යතාව

    රටක ස්ත‍්‍රී පුරුෂ ,ජාති ,කුල මල ආගම් ,මුදල් ඇති නැති හා කිසිදු පරතරයකින් තොරව අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය නිදහස් අධ්‍යාපනයේ අයිතියයි. වර්තමානයේ ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක  කරන ලබන නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ අනුව තව දුරටත් නිදහස් අධ්‍යාපනය පවත්වාගත නොහැකි අතර ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ගෙන එනු ලබන නිදහස් අධ්‍යාපනය විකිණීමට අදාළ ප‍්‍රතිසංස්කරණ වලදී ලංකාව තුළ අනිවාර්යෙන්ම අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමේ අවශ්‍යතාව ආණ්ඩුවට දැඩි ලෙස පවතී. අවුරුදු 35ක 40ක පමණ කාලය පුරාවට  ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ වල නිදහස් අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමට අදාළ පනත් ,කෙටුම්පත්, ගිවිසුම් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමෙහිලා ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ නැගී සිටීම හමුවේ හකුලා ගැනීමට ආණ්ඩුවලට සිදුවිය. මෙම ප‍්‍රතිසංස්කරණ වලට එරෙහිව එනම් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමෙහිලා දුප්පත් ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමින් සටන් වදින  ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීම ආණ්ඩුවේ මූලික අවශ්‍යතාවක්ව ඇත.

මිථ්‍යාව හා සත්‍ය

    මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබුයේ ඔවුන්ට වාණිජ වටිනාකමක් ඇති පේ‍්‍රක්ෂක අවධානයක් ලබා ගතහැකි දෑ පමණි. ඇතැම් මාධ්‍ය වාර්තා කළ ආකාරයට හා විශ්වවිද්‍යාල පාලන අධිකාරිය, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනිය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා මාධ්‍යට දැක්වූ අදහස් අනුව ඔබ ද විශ්වාස කරනු ඇත්තේ, අප විසින් ම අර්බුද නිර්මාණය කරගෙන අපටම පහර දීම් සිදුකරගත් බවත්, ශිෂ්‍ය නායකයින් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය මත මෙම අර්බුදය නිර්මාණය කර ඇති බවත් ශිෂ්‍යයන් කිහිපදෙනෙකුට අභ්‍යන්තර කාන්තා නේවාසිකාගාරයට යෑමට අවශ්‍ය වී ඇති බවත් නොකිවමනාය. එය මිථ්‍යාව වන අතර සත්‍ය නම්,
    අප කිසි දිනක සහෝදරියන් බාහිර නේවාසිකාගාර වලට ඇද දමා ශිෂ්‍යන්ට අභ්‍යන්තර නේවාසිකාගාරය ලබා දෙන ලෙස නොපැවසුවෙමු. එහෙත් මාධ්‍ය හරහා අප එසේ ඉල්ලූ බවට ප‍්‍රකාශ කර ඇත. ඉහත දැක්වූ නේවාසිකාගාර ගැටලුවට අදාළව විසදුම් නොලද හෙයින් ද ජීවිතය පිළිබදව මතු වූ විශාල ප‍්‍රශ්නයට විසදුම් සොයා  අප සටන් බිමට අවතීර්ණ වීමු. 2013.09.14 වන දින නේවාසිකාගාරයට එල්ල වූ පහර දීමත් සමග නේවාසිකාගාරය තුළද ආරක්ෂාව පිළිබදව ඇතිවූ අවිශ්වාසය නිසා අප විශ්වවිද්‍යාලයට නේවාසිකාගාරයෙන් ඉවත්ව පැමිණි අතර එහෙත් ස්ථීර විසදුමක් විශ්වවිද්‍යාල පරිපාලනය හෝ වගකිවයුතු බලධරයන්ගෙන් නොලද හෙයින් 2013.09.17 වන දින කැලණිය විශ්වවිද්‍යාලයේ සිට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පා ගමනින් සහෝදර සහෝදරියන් 2000ක් පමණ එක්ව ගමන් කළේ ඉහළ බලධරයන්ගෙන් විසදුමක් අපේක්ෂාවෙනි. අප ඉල්ලීම් වූයේ අභ්‍යන්තර නව පිරිමි නේවාසිකාගාරයක් කඩිනමින් ලබාදෙනු, කාන්තා නේවාසිකාගාරවල නිදහස තහවුරු කරනු, බාහිර කාන්තා නේවාසිකාගාර වල නිදහස තහවුරු කරනු, පහරදීම් මැර ප‍්‍රහාර නවතනු, සරසවිය තුළ නිදහස තහවුරු කරනු, ශිෂ්‍ය මර්දනය නවතනු යන ඉල්ලීම්ය. අවසානයේ  විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව සමගින් සාකච්ඡවට ගියද අප ගැටලු හා ඉල්ලීම් පිළිබදව කිසිදු අවධානයක් නොකළ ඇය පවසා සිටියේ ඇය තාමත් මාස 6ක බිළිදියක් බවත් ඇයට විසදුමක්   ලබා දිය නොහැකි බවත්ය. නමුත් පසුව මාධ්‍යට ඇය දැක්වූ අදහස් ඔබ අසන්නට ඇත. මේ අනුව පැහැදිළි සත්‍ය  වනුයේ,  ආණ්ඩුව විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යාගේ ගැටලු වලට  නොදී ඒවා යටපත් කර විශ්වවිද්‍යාල ශිෂ්‍යා සමාජය තුළ අපකීර්තියට පත් කරමින්  විශ්වවිද්‍යාල පිළිබදවත් සමස්ත නිදහස් අධ්‍යාපනය කෙරෙහි සමාජ කලකිරීමක් නිර්මාණය කර අධ්‍යාපනය විකිණීමට අදාළ කටයුතු සම්පාදනය කරන බවයි. මේ වන විට ආණ්ඩුව විසින් සමස්ත විශ්වවිද්‍යාල වලට අදාළව ගෙනයනු ලබන මර්දනකාරී ප‍්‍රතිපත්ති හා නේවාසිකාගාර අර්බුදයන්  ආණ්ඩුවේ හෙන්චයියන් ලවා ශිෂ්‍යන් අතර ගැටුම් නිර්මාණය කරවමින් පාලක අවශ්‍යතාවය වන  අධ්‍යාපනය විකිණීම දෙසට ගමන් කරන ආකාරය ඔබටද ඉතා පැහැදිලි යැයි අප සිතමු.
    කැලණි සරසවි නේවාසිකාගාර අර්බුදය ද නේවාසිකාගාර ශිෂ්‍යන්ගේ ප‍්‍රශ්නයක් පමණක් නොව මුඵ මහත් සමාජයේම ප‍්‍රශ්නයකි.  අරගලය ජයග‍්‍රහණය  කිරීම  මු`ඵමහත් සමාජයේත් අනාගත නිදහස් අධ්‍යාපන අයිතියත් අධ්‍යාපනයේ නිදහසත්  ජයග‍්‍රහණයයි.                

No comments:

Post a Comment