නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Tuesday, September 17, 2013

සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු

විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය. පා ගමන සඳහා සිසුන් 2000කට අධික පිරිසක් සම්බන්ද වී තිබුනි . පා ගමනට ආරම්භයේ සිටම පොලිස් බදා කිරීම් පැමිනි අතර පොලිස් නිධාරීන් 200 කට අධික පිරිසක් හා කැරලි මර්දන බටයන්ද ජල ප්‍රහාරක රථද යොදවා තිබු අතර පාගමන අවලංගු කරන ලෙස පොලිසිය විසින් මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන තිබුනි.



මෙහිදි අදහස් දැක්වමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා කියා සිටියේ පිරිමි නේවාසිකාගාරය විශ්වවිද්‍යාල භූමියෙන් පිටතට රැගෙන ගියේ සිසුන් මර්දනය කිරීම සඳහා බව පසුගියදා එල්ල කෙරුණු මැර ප්‍රහාරයෙන් නැවත වරක් තහවුරු වූ බව පෙන්වා දෙමින් තවදුරටත් අදහස් දැක්වූ ඔහු ලංකාව තුළ නිදහස් අධ්‍යාපනයක් උසස් ප‍්‍රමිතියකින් ඉතා හොදින් නිදහසේ හැදෑරීමට පවතී යැයි බොහෝ පාර්ශවයන් උදම් අනමින් ඒ සම්බන්ධව තම තමන් ඇති කර ඇති මතවාදයන් සර්වසාධාරණී කරමින් සමාජයේ ඒ සම්බන්ධව මතයක් ඇති කිරීමට ද උත්සහ දරයි. එය පමණක් කර බලා නොසිට නිදහස් අධ්‍යාපනය යන සුරංගනා සිහිනයක් මවා සමාජය ඒ තුළ නිද්‍රා කර ඇත. 
නමුත් සැබෑවටම මෙරට තුළ නිදහස් අධ්‍යාපනයක් නොමැත. දරුවෙකු පෙර පාසල් යන අවස්ථාවේ සිට උසස් අධ්‍යාපනය ලබා හමාර කරන තෙක් යෙදෙන ඛේදාන්ත අරගලය දෙස බලන කල එය මැනවින් තහවුරු වේ. නිදහස් අධ්‍යාපනයක් යන්න මෙරටෙහි පවතීනම් ඒ උදම් අනන පාර්ශවයන් මල් බන්දේසියක තබා අපට තිළිණ කළ දෙයක් නොවන බව එදා සිට අද දක්වා ඒකී පාර්ශවයන්ම නිදහස් අධ්‍යාපනයට එරහිව වැට බැඳීමට ගත් නොයෙකුත් ක‍්‍රියා මාර්ග තුළින් පැහැදිලි වේ. නාම මාත‍්‍රිකව හෝ නිදහස් අධ්‍යාපනයක් යන්න අද දක්වා පවතී නම්, ඒ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය ලෙයින් කඳුලින් ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපවීම් වල ප‍්‍රතිඵල ලෙස ලැබුණකි.
එදා නිදහස් අධ්‍යාපනය පමණක් අරමුණ වූ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට අදවන විට නිදහස් අධ්‍යාපනය රැක ගැනීම පමණක් නොව අධ්‍යාපනයේ නිදහස රැකගැනීම සඳහා වූ ද අරගලයක යෙදීමට සිදුව ඇත.එය ඔබද මැනවින් ද දනී. 

එසේ වන ඔබට ලංකාවේ වර්තමාන අධ්‍යාපනය තුළ ඇතිවී තිබෙන අක‍්‍රමවත් අපැහැදිළි තත්වය තුළ මතුවී ඇති අර්බුදය අප පුන පුනා කිව යුතු වන්නේ නැත. 

අපට පෙනෙන දේ තුළ නොපෙනෙන දේ බොහෝ බව සිතා ගැනීමට හැකිය. සැබවින්ම අපට පෙනෙන දේ තුළ ඇති නොපෙනෙන බව දැක එය නෙපෙනුනා සේ තව දුරටත් සිටිනවාද යන්න අපවම ප‍්‍රශ්න කරන තත්වයක් නිර්මාණය කර ඇත. 

මෙකී ප‍්‍රශ්නය අපට ගොඩ නැගෙන්නේ මෙම නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති තුළ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් වීමත් සමඟ ය. මෙම අනිසි බව අවබෝධ කරගත් අනාගත කේන්ද්‍රීය ප‍්‍ර‍්‍ර‍්‍රජාව වන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඒ වෙනුවෙන් අරගල කරන්නට පටන් ගත් දා සිට ඉතා දරුණු ලෙස මර්ධනකාරී තත්වයන් උද්ගත වීමට පටන් ගත් බව කිව යුතුය. එහි පැහැදිලි බව අද වන විට ශිෂ්‍යයන් ඒ වෙනුවෙන් කතා කරන සෑම මැදිහත්වීමකදීම අත් වන ඉරණම දෙස බැලූ විට පෙනෙන අතර ඒ වෙනුවෙන් විශාල ලෙස මර්දනයක් ඉතිහාසය පුරා දියත් කළ අතර අදවන විට ශිෂ්‍යයන් වක‍්‍ර‍්‍රාකාරයෙන් මර්දනය කිරීමට විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍යයන් එළියට ඇද දමමින් ඔවුන්ගේ ජීවිත අනාරක්ෂිත බවට පත් කර නව ආකාරයෙන් මර්දනය දියත් කිරීමට පටන්ගත් වියරුවේ වර්තමාන ප‍්‍රතිඵලය සිසුන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් ආසන්න වී ඇති අතර එහි දිගුවක් ලෙස අයහපත් ආකාරයෙන් කැලණිය විශ්ව විද්‍යාලය තුළ නේවාසිකාගාර අර්බුදයක් නිර්මාණය කොට ඇත. 

කැලණිය විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාර අර්බුදයක් නිර්මාණය කරන්නට මූලික අඩිතාලම වැටෙන්නේ එක් පසෙකින් හාස්‍ය ජනනය කරන සහ තවත් ආකාරයකින් කැලණිය විශ්වවිද්‍යාලයීය පරිපාලනය කෙරෙහි බොහෝ පිරිසකගේ අප‍්‍රසාදය දනවන ආකාරයෙන් තීරණයන් ගැනීම නිසාවෙනි. ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යැයි ඔවුන් වසාගත්තේ ශිෂ්‍ය මර්දනයේ නිරුවත බව දැන් ඉතා මනා ලෙස පසක් වී තිබේ. 

මන්ද 2005 දී කන්නන්ගර නේවාසිකාගාරයට ශිෂ්‍යාවන් 1200ක ප‍්‍රමාණයකට නේවාසිකාගාර පහසුකම් ලබා දෙන අතර 2010 වසරේදී අත්තනෝමතික ලෙස සිදු කරන ලද නේවාසිකාගාර මාරු කිරීම සැබැවින්ම සිසු ජීවිත ආරක්ෂා කර ගැනීමට ගත් උත්සාහයක් නොව උක්ත මර්දනය කි‍්‍රයාත්මක කිරීම පමණක් බව අවබෝධ වේ. 

අභ්‍යන්තර පිරිමි නේවාසිකාගාරයේ ශිෂ්‍යයන් එළියට ඇද දමන්නේ කන්නන්ගර නේවාසිකාගාරය වෙතය. එහිදී එම නේවසිකාගාරයේ සිටි ශිෂ්‍යාවන් 1200ගෙන් 400කට පමනක් අභ්‍යන්තර නේවාසිකාගාර ලැබෙන අතර ඉතිරි 800ක ප‍්‍රමාණයකට නේවාසිකාගාර අහිමි වී යයි. ගතවු අවුරුදු 3ක කාලය තුළ කන්නන්ගර නේවාසිකාගාරය තුළවූ සිසුන් 400ක ගෙන් 200ක් පමණ අවස්ථා 20 කදී පමණ විවිධ මැර ප‍්‍රහාර වලට ලක්වු අතර ඉන් එක් අයකු දීර්ඝ කාලීන මානසික ආබාධයකට ලක්ව ඇති අතර එක් අයකු ශාරීරික වශයෙන්ද දීර්ඝ කාලීන ආබාධයකට ලක්ව තිබේ. 

උක්ත 200ක ප‍්‍රමාණයෙන් 20කට වඩා ප‍්‍රමාණයක් බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කර තිබුණි. මෙයින් අපට අවබෝධ වන තත්වය නම් සැබෑ ආරක්ෂාව සම්බන්ධව පාලකයන්ගේ ඇති නොසලකා හැරීමයි. 

මෙම පහර දීම් සම්බන්ධව පරිපාලනය ඇතුළු නිසි බලධාරීන් දැනුවත් කලද එවැනි සිදුවීමක් වාර්තා කළ දිනයේ සිට දින 2ක් පමණ ඒ ගැන කතාකර පසුව එම ප‍්‍රශ්නය අමතක කර දමයි. මේ නිසා ගමේ සිටින විවිධ පුද්ගලයන් බීමත්ව සිටිනවිට, සරසවි සිසුවා ඔවුන්ගේ විවිධ අඩත්තේට්ටම්වලට ගොදුරුවේ. මේ තත්වය අවබෝධ කරගත් ගම්වාසීන් හා අනෙකුත් පිරිස් මෙම නේවාසිකාගාරයට පිරිමි ශිෂ්‍යයන් ගෙන ඒමේදී එයට විරුද්ධ වී ඇත. 

මේ අතර සිදු වුන දෙයක් නම් සමහර ශිෂ්‍යාවන්ට තමන් අතැති මුදල් ප‍්‍රමාණය අනුව කිසිඳු ආරක්ෂාවක් නොමැති බෝඩිං කාමර සොයා ගන්නට සිදුවීමය. එසේම තරමක් දුර සිට පැමිණි ශිෂ්‍යාවන්ට රාත‍්‍රි 10.00 පසුවන තුරුත් නිවෙස බලා යාමට නොහැකි වටපිටාවක් උදාවිය. මේ අනුව ශිෂ්‍යාවන් 400ක් පමණ ප‍්‍රමාණයකගේ ආරක්ෂාව ගැන සිතා 800ක ප‍්‍රමාණයක ආරක්ෂාව සම්බන්ධව වග නොකියන බවට, පරිපාලනය කියන හාස්‍ය ජනක කතාවට කිසිසේත් එකගවිය නොහැක. 

මේ සම්බන්ධව කරුණු විමසන විට පරිපාලනය පවසන කාරණය නම් ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව ගැන නොසිතා ශිෂ්‍යයන් ඉල්ලන ඉල්ලීම ඉතා වැරදි සහගත බවයි. එහෙත් එය එසේ අවබෝධ වන්නේ විමසීමක් නොකර එයට එකඟ වීම නිසාවෙනි. ශිෂ්‍යාවන් කන්නන්ගර නේවාසිකාගාරයේ සිටින විට ඔවුන්ට ප‍්‍රවාහන පහසුකම් සලසා තිබූ අතර එය විධිමත් ආකාරයෙන් පැවතින. 

එසේම ශිෂ්‍යයන්ටද එම ප‍්‍රවාහන පහසුකම සලසා තිබූ අතර පසුව එය නවතා දමන ලදී. එසේ වීමට හේතුව වී තිබුණේ ශිෂ්‍යයන් එම සේවාව පරිහරණය නොකිරීමයි. එසේ වීමටද හේතුවක් ඇත. 

බොහෝ විට අධ්‍යයන අංශ වල කටයුතු (විෂයික හා විෂය පරිබාහිර සිදුකර නේවාසිකාගාරයට ශිෂ්‍යයන් පැමිණෙන විට බොහෝ දින වල රෑ වෙයි.) 

එසේම මෙහි සිටින බහුතර ශිෂ්‍යයන් ප‍්‍රමාණයක් තම වියදම් පියවා ගැනීමට මහපොළ ශිෂ්‍යධාරය ප‍්‍රමාණවත් නොවන නිසාවෙන් අමතර රැකියා වල නියැලීමට සිදු වේ. එසේ රැකියා වලට ගොස් පැමිණෙන්නේ රැ බෝවී ය, එසේම පුහුණු කටයුතු සඳහා ද ගොස් එනවිටද එයම සිදු වේ. 

මේ අතර පරිපාලනය මේ සඳහා විසඳුම් සොයන්නේ තව දුරටත් පොලීසිය නේවාසිකාගාර තුළට මැදිහත්කර සිසු නිදහස අහිමි කිරීමෙනි. සිසුන්ට ආරක්ෂක ප‍්‍රශ්න තිබෙන්නේ නේවාසිකාගාර තුළ නොව ඉන් බාහිරවය. මෙසේ තව දුරටත් ශිෂ්‍ය ජීවිත අනාරත්ෂිත තත්වයකට පත්කර ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු නොවන තැනට හැරවිය යුතුය. ශිෂ්‍යයන්ට තවත් ආරක්ෂක අංශයක් කෙරෙහි විශ්වාසය තැබිය නොහැක. එය පසුගිය සිද්ධීන් හරහා මනාව පැහැදිළි වේ. 

මෙකී ප‍්‍රශ්නයන්ට විසදුම් ලෙස අප ඉල්ලනුයේ නව අභ්‍යන්තර පිරිමි නේවාසිකාගාරයක් කඩිනමින් ලබා දීම, කාන්තා නේවාසිකාගාරවල නිදහස තහවුරු කරදීම, කාන්තා නේවාසිකාගාරවලට ප‍්‍රවාහන පහසුකම් ලබා දීම, ශිෂ්‍යන්ට එරහිව වන මැර ප‍්‍රහාරයන් සම්බන්ධව නිසි ක‍්‍රියා මාර්ග ගැනීම යන දෑය. විශ්ව විද්‍යාල පාලන අධිකාරියට මෙකී ප‍්‍රශ්නයන්ට ඉතා ඉක්මනින් විසඳුම් ලබා දීමට හැකියාව තිබියදී එසේ නොකර අනුගමනය කරනු ලබන අත්තනෝමතික අනම්‍යශීලී ප‍්‍රතිපත්තීන්ට අප එරහි වන්නෙමු. මෙම තත්වය මැනවින් අවබෝධ කර ගැනීම, දැනුවත් වීම හා සහයෝගය ඔබෙන් අපේක්ෂා කර සිටින්නෙමු. 

No comments:

Post a Comment