නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Monday, September 9, 2013

අධ්‍යාපන වෙළඳ කලාප පිහිටුවීමට රජයේ සූදානමක්

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වරයා මේ ගැන මාධ්‍යට වාර්තා කර තිබුනේ මෙසේය.

”මෙම නිදහස් අධ්‍යාපන කළාප ඉදිරි අයවැයේ යෝජනාවක් ලෙස ඇතුළත් කිරීමට අපි සලකා බලනවා. මෙහිදී, පුද්ගලික ආයෝජකයෙකුට මෙවැනි නිදහස් අධ්‍යාපන කළාපයක් පිහිටුවීමට අක්කර 100 ක පමණ ඉඩමක් රජයෙන් ලබාදීමටයි සැලසුම් කර තිබෙන්නේ. එම ආයෝජකයාට පුළුවන් එම කළාපයට විදේශීය විශ්ව විද්‍යාල ගෙන්වා ගැනීම, පුද්ගලික අංශය සම්බන්ධ කරගනිමින් නේවාසිකාර, ක‍්‍රීඩා පිටි වැනි පහසුකම් දියුණු කිරීම එහි කරන්න.”



මේ ස`දහා අධ්‍යාපන වෙළ`ද කලාප ගම්පහ, පුත්තලම, කිලිනොච්චිය, හම්බන්තොට, ත‍්‍රීකුණාමලය, මහනුවර යන දිස්ත‍්‍රීක්ක නම් කරගෙන ඇත. 1977 ලංකාවට විවෘත ආර්ථිකය හ`දුන්වාදීමත් සම`ග අධ්‍යාපනය විකිණීම ස`දහා ධනපති පාලකයන් ගන්නා ඉතාම තීරණාත්මක උත්සහයක් ලෙස මෙය දැක්විය හැකිය. 
මෙම ඊනියා නිදහස් අධ්‍යාපන කළාප යනු සැබැවින්ම නිදහස් අධ්‍යාපන වෙළ`ද කලාප බව ඉතා පැහැදිළිය. මෙහි ඇති තවත් විහිලූ සහගත දෙය නම් මෙලෙස ආරමභ කරන ප‍්‍රථම විදේශීය විශ්ව විද්‍යාලය එංගලන්තයේ සෙන්ට‍්‍රල් ලැන්කැෂයර් සරසවිය විසින් ගම්පහ අක්කර 100 ක පමණ ඉඩමක පිහිටුවීමට යන අතර එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ලංකාවට පැමිණෙන චාර්ල්ස් කුමරු විසින් එයට මුල්ගල තැබීමට නියමිත වීමය.

No comments:

Post a Comment