නිදහස් අධ්‍යාපනය රැකීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට පත‍්‍රිකා බෙදූ රජරට සිසුන්ට පංති තහනම් මැර ප‍්‍රහාර වලින් ගැලවී ආරක්ෂාව තහවුරු කරගත හැකි නේවාසිකාගාර ඉල්ලූ කැළණි සරසවි සිසුන්ට මහජනතාව පීඩාවට පත් කළා යැයි පවසමින් නඩු කැඳවලාගගග බීමට වතුර උගුරත් අහිමි වීම නිසා අරගල කල රතුපස්වල ජනතාවට හමුදාවෙන් මරණීය දණ්ඩණය එල්ල වුණා
හොස්ටල්ල මහපොළ පාඨමාලා කප්පාදුව වගේ අත්‍යාවශ්‍ය ප‍්‍රශ්න වලට අපි උත්තර හොයන්න ගියහම හිතාගන්නවත් බැරි මායාකාරී විදිහකට අපිව නීතිය ඉදිරියේ චූදිතයො වෙනව ඇත්තටම ඒක නම් මාරයි කන්‍යාවියක් තරම් පිරිසිදු නීතිය? නීතිය තරම් පිරිසිදු කන්‍යාවිය? ඇත්තටම ඒ දෙක නම් පුදුම සහගත විදිහට සමානයි මොකද නඩුත් බඩුත් හාමුදුරුවන්ගෙ වෙච්ච ධනපති නීතිය සංකේතවත් කරන්න මේ තරම් සුදුසු සංකේතයක් තවත් නෑ ධනය මූලික වූ සහ පදනම වුණු ධනවාදී තරදියේ සමබරතාවයෙන් පිරිසිදු කන්‍යාවියගේ අපක්ෂපාතීත්වයෙන් කිරා මැන බැලෙන නීතියේ සාධාරණත්වය අප වෙත උදා කර දී ඇති වාසනාව කෙතරම් මිහිරිද?කෙතරම් ආශ්චර්යජනකද?
කන්‍යාවියක් තරම් සුපිරිසිදු නීතියක්??? ඇත්තටම ඒකෙ තෙරුම මොකද්ද? කන්‍යාවියක් පිරිසිදුද? එතකොටි පිරිසිදු කියන්නෙ මොකද්ද? පිරිසිදු කියන වචනය අපේ ජීවිතේදි පාවිච්චි වෙන්නෙ පවිත‍්‍ර එහෙමත් නැත්නම් විෂබීජ ගොඩාක් තියෙන තැනකට සාපේක්ෂව විෂබීජ නැති තැනකට අපිට කියන්න පුලූවන් පිරිසිදු‘ කියලා එතකොට ගැහැණියට මේ පිරිසුදු කියන සංකල්පය ආදේශ වෙලා තියෙන්නෙ කොහොමද? හැමෝම කන්‍යාවියකගෙ පිරිසිදු කම තීරණය කරද්දි තරුණයෙකුගෙ පිරිසිදු කම තීරණය කරන්න කාටවත් උවමනා වුණේ නැත්තෙ අයි? මෙලෝ වැදගැම්මකට නැති ශේෂ වෙච්ච හම් කැබැල්ලකින් මෙලෝ හරයක් නැති පිරිසුදු කම කියන සංකල්පය කිරා මැන බැලීමේ සමාජ මනෝ භාවයේ තේරුම මොකද්ද? එවන් හම් කැබැල්ලක් ගැහැණියකට ජීවිතේ තීරණාත්මක සාධකයක් වෙලා ඒ හැම් කැබැල්ලට පුළුවන් වෙලා තියෙනව ගැහැණියට චරිත සහතික දෙන්න
”සහතික”?? කවුද ඒක සහතික කරන්නෙ ? කාගෙ නීතියෙන්ද? කාගෙ රීතියෙන්ද ඒක සහතික කරන්නෙ? කවුද ඒ නීති හැදුවෙ? පටලය සහිත සුපිරිසිදු ගැහැණියක් අවශ්‍ය වුනේ කාටද? මොනව වෙනුවෙන්ද? ඒ වගේම කන්‍යවියක් වගේ සුපිරිසිදු නීතියක් අවශ්‍ය වුනේ කාටද? කන්‍යාභාවයෙන් චරිත සහතික දීල ගැහැණියකගෙ ආශාවන් සහ අවශ්‍යතාවයන්ට සීමා පනවනවා වගේම ඒ පිරිසිදු නීති වලින් වට කරලා ජීවිතේට විලංගු වැටිලා තියෙන්නෙ කාටද?
ඔබ පිරිමියෙක් නම් පිරිසිදු ගැහැණියක් ඇසුරු කිරීම උදෙසා වූ ඔබගේ ආශාව පැන නගින්නේ ඇයිද කියන සිතිවිල්ල ගැන ආයෙත් හිතල බලන්න
ඔබ ස්ත‍්‍රියක් නම් කන්‍යාභාවය රැක ගැනීම වෙනුවෙන් ඔබට ඇති හැඟීම ගැන නැවත හිතල බලන්
සංසර්ගය කියන්නෙ මානව පැවැත්මට අත්‍යවශ්‍ය සාධකය බොහොම සාමාන්‍ය මානව කාර්යයක් ගැහැණිය සහ පිරිමියා යන ද්වී ලිංගික ඒකත්වය ඇතුලෙ සිදු වන සංසර්ගික ක‍්‍රියාවලියෙදි එක් ලිංගිකයෙකු පමණක් සුවිශේෂී වී ඇත්තේ අයි? දෙපක්ෂයටම අතිශයින් සමාන අත්‍යවශ්‍ය කාර්යක් තුලදී ස්ත‍්‍රී ලිංගිකයා මත පමණක් එහි සුවිශේෂී සුවිනීත කමක් පටවමින් සුපවිත‍්‍රතාවයක් පවත්වා ගැනීමට බලකෙරී තිබෙන්නේ අයි? එවැනි ගිනි පරීක්ෂාවකට ඇයට මුහුණ දෙන්නට සිදු කළ වටපිටාව මොකද්ද? ඇයි අද වෙනකොට ජීවිතේ යම් සොඳුරු හෝ රුදුරු අත්දැකීම් අවසානයේ මෙකී කන්‍යා පටලය අහිමි වූ අපේ යෙහෙලියන් සැත්කම් කරමින් ව්‍යාජ කන්‍යා පටල බද්ධ කරගන්න තත්ත්වෙට පත් වෙලා තියෙන්නෙ?
මැද අවධියේ සිට උසස් අවදිය දක්වා වනචාරීන් පරිවර්තනය වන යුගයේදී යුගලන පවුල :ජෝඩු පවුල තුළින් ඒක භාර්යා වෘතය ඇති වියග එහි අවසාන ජයග‍්‍රහණය වූයේ සභ්‍යත්වයේ ආරම්භයයි එහි ප‍්‍රකාශිත පරමාර්ථය වූයේ පියාගේ දේපොළ වල නියම හිමිකාරකම යථා කාලයේදී දරුවනට ලබා දීම පිණිසය ඒක භාර්යා පවුල යුගලන පවුලට වඩා වෙනස් වූයේ විවාහ සම්බන්ධය වඩාත් දැඩි නිසායග එය දැන් පෙර මෙන් රිසි සේ කටුගා දැමිය නොහැකියග දැන් නීතියෙන් කසාදය කටුගා දමා බිරිඳ අතහැර දැමිය හැක්කේ පුරුෂයාට පමණකි කාම මිත්‍යාචාරයෙහි හැසිරීමට යටත් පිරිසෙයින් පුරුෂයාට අවසර දෙන ලද අතර සමාජය වර්ධනය වනවාත් සමගම මේ අයිතිය ඔහු විසින් වඩ වඩාත් ක‍්‍රියාවට යෙදිණි
- එංගල්ස්- 64 පිටුව- පවුල ල පෞද්ගලික දේපොළ හා රජය බිහි වූ හැටි-
කථාව මෙච්චරයිග ස්වකීය පුද්ගලික දේපොළ වල අයිතිය තහවුරු කර ගැනීමට බාධාවක් නොවෙන විදිහට සියල්ල ක‍්‍රියාත්මක කිරීමට මිනිස් සමාජය පෙලඹුනු දවසේ ඉඳන් ප‍්‍රබලයා හා දුබලයා අතර අද දක්වාත් දිග හැරෙන බල අරගලයක දිගුවක් පමණයිගගග ඒ කියන්නෙ දේපොළ හිමි සහ අහිමි යන තත්වයන් දෙකට අනුව මිනිස් සමාජය විභේදනය වූ දා පටන් අද දක්වාත් දේපොළ හිමි බලවතුන්ගේ අධිකාරීත්වයට යටත්ව ජීවත් වීමට දේපොළ අහිමි බහුතරයට සිද්ධ වූ නිසා ගැහැණියගේ පැත්තෙන් ගතහොත් ඇය ඇගේ සුවිනීත සුපිරිසිදු බව ඔප්පු කලේ නැත්තන් අහාර ඇදුම් පැළදුම් දීල ආර්ථික හා සමාජ ආරක්ෂාව සපයල ඇයව ජීවත් කරන්න කිසිම පිරිමියෙක් කැමති වෙන්නෙ නෑ කිළිටි ගැහැණියකගේ කුසින් තමන්ගේ දරුවට උපත දෙන්න පිරිමින් කැමති වෙන්නෙ නෑග තමන්ගේ දේපොළ වල අයිතියට ඒක ප‍්‍රශ්නයක් වෙන්න පුඑවන් නිසා අනිකිගැහැණිය’ වනාහී හැඟීම් හා ආශාවන් තියෙන තවත් මිනිස් ජීවියෙක් යන සත්‍ය බැහර කරමින් ඇයත් තමන්ගේ භාණ්ඩාගාරයේ දරුවන් වදන මැෂිමක්ය යන්න අනිවාර්ය සත්‍යක් ලෙස පිළිගෙන ඇති නිසා තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් පිරිමියා කියන සියලූ නීති රීති සීමාකිරීම් වලට යටත් වෙන්න ඇයට සිදු වුනා
හරියට අපි හැමෝටම වුනා වගේ ඒ කියන්නෙ බලධාරීන් කියන විදිහට සුවච කීකරුව හිඳිමින් අධ්‍යාපනය ලැබුවොත් කිසිම ප‍්‍රශ්නයක් නෑ ඒත් හොස්ටල් ප‍්‍රශ්න මහපොළ ප‍්‍රශ්න විෂය කප්පාදු කිරීම් වලදි අපි ඒවට විරුද්ධව ක‍්‍රියාත්මක වෙනකොට බලධාරීන්ගෙ මූල්‍ය ප්ලෑන් වලට ඒක බාධාවක් වෙනව ඔවුන්ගෙ බල ව්‍යාප්තියට ඒක අවුලක් වෙනව අහිමි වුණු පිරිසිදු වතුර බින්දුව ලබා ගැනීමට අරගල කරපු රතුපස්වල ජනතාවට පාලකයො වෙඩි උණ්ඩ වලින් ප‍්‍රතිචාර දැක්වූවෙ ඒ නිසා ඉතින් අපි හැමෝටම සිද්ධවෙලා තියෙනව බඩගින්නෙ මැරිල ගියත් මැරෙනකල්ම ඉවසගෙන ඉන්න එහෙම නැත්තං ඊට කලින් වෙඩි කාලා මැරෙන්න වෙනව ඉතින් අද මුලූ ලෝකෙම සාතිශය බහුතරයක් නො ලද දෙයින් සතුටු වෙලා ඉන්නව හරියටම ඉවසීම දැඩි සේ පුරුදු පුහුණු කරපු ස්ත‍්‍රීන් වගේ
ගැහැණියකට හර සුන් වූ පාරිශුද්ධත්වය රැකීමට නම් ඇය ඇයගේ අවශ්‍යතාවයන් සියල්ල ස්වාමියාගේ කැමැත්ත මත පාලනය කළ යුතු වෙනව ඒ වගේම නීතිය අකුරටම රකින්නට නම් අපිටත් පාලකයන්ගේ සතුට මත හුස්ම ගැනීමේ පටන් අපේ සියලූ අවශ්‍යතාවයන් සීමා කළ යුතු වෙනව කඩතුරාවෙන් දෑස වසා ගත් නීතියේ කන්‍යාවියගේ තරාදියේ සහ කඩුවේ තිබෙන සම්බන්ධතාවය දැන් පැහැදිලි වී තිබිය යුතුයි
සුපිරිසිදු කන්‍යාවියගේ අවශ්‍යතාවය සමාජයට මුල්බැසගන්නේ කාගේ උවමනාවක් මතද සහ නීති දැමීමේ නීති රැකීමේ අවශ්‍යතාවය සමාජයට මුල්බැසගන්නේ කාගේ උවමනාවක් මතද යන්න ඔබට දැන් නිසැකවම පැහදිලි විය යුතුයි රළු වූ නීතිය අපිව ඒ විදිහට පාලනය කරගෙන ඉඳිද්දී මෙකී පාලක බළ අධිකාරියේ වසඟකාරී මායා බන්ධනය අපිව තුරුල් කරගෙන කිරි පොවමින් නිදි කරවන ආකාරය ගැන අපි තවමත් තේරුම් අරගෙන නෑ ඒ වගේම තෙරුම් ගන්න උත්සහ කරන්නෙත් නෑ මොකද එහෙම තේරුම් ගත්තොත් උපාධිය අරගෙන ගිහිල්ල තවත් සුදුසුකම් සම්පූර්ණ කරගෙන පියමනින්න බලාපොරොත්තු වෙච්ච ලස්සන හීන වලින් ඈත් වෙන්න සිද්ධ වෙන නිසා අපි හිතන්නෙ නෑ ඒ හීන අතුලෙ ස්වයංව වහල් භාවයට පත් වෙලා තියෙන අපේ ආත්මයන් ප‍්‍රාග්ධන හිමි කරුවන්ගෙ රූකඩ බවට පත් වෙලා ඉන්නෙ මොන ආකාරයෙන්ද කියලා
අත්තටම අපේ වහල් බව නොතේරෙන තරමටම අපි ඒ ලිබරල් මායා බන්ධනයට ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ ලොකේ අතුලෙ ජයග‍්‍රාහී මිනිහෙක් වීම උදෙසා අපිට පෙන්වන සිහින වලට අපි වසග වෙලා ඉන්නෙ සාරධර්ම කියල උගන්වපු දේවල් වලට අපි නම්‍යශීලී ලෙස වසඟ වෙලා ඉන්නෙ මැජික් එකක් වෙච්ච විකිණෙන තාක්ෂණයට අපි වසඟ වෙලා ඉන්නෙගග ආදරයට අපි වශී වෙලා වසඟ වෙලා ඉන්නෙ මේ සියලූ ලිබරල් මායා බන්ධන වලට වශී වෙලා වසඟ වෙල පාවි පාවි ඉන්න අපිට කඳුලූ පනින ටොකු ඇනෙන්නෙ ඒ ලිබරල් සිහින ජය ගන්න පාලමක් වෙච්ච ඩිග‍්‍රියට මොකක් හරි උදැල්ලක් වැටුනම විතරයි නැත්තන් මහ පොළ අත්හිටෙව්වම පංති තහනම් ආවම නඩු වැටුනම වගේ දේවල් වුනාම විතරයි
ඉතිං එක පැත්තකින් නීතියෙනුත් අනික් පැත්තෙන් ආදරණීය වසඟයෙනුත් බදාගෙන වෙළාගෙන විලංගු දාල තියෙන ඔබව වගේම සමස්ත මිනිස් වර්ගයාවම එකී ප‍්‍රාග්ධන රැහැන් වලින් ගලාව ගැනීමට කළ යුත්තේ කුමක්ද? ඩිග‍්‍රියට උදලූ දාන නීති අණ පනත් ඇතුලූ ආණ්ඩුවත් සමඟ පොර බැදීමද? නො එසේ නම් එකී සියලූ නීති සම්පාදනය කරමින් ආරක්ෂා කරන රජයත් ඒ වගේම ආදරණීය වසඟය තුළ ආත්මය හීලෑ කළ ලිබරල් දෘශ්ටිවාදත් යන සියල්ලෙන්ම ගැලවිය හැකි විකල්ප සමාජ ව්‍යවහාරයකට එළඹීමද?
උපුටා ගැනීම: ගිණිසිළුව
No comments:
Post a Comment