නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Wednesday, February 26, 2014

පාලකයිනි, නේවාසිකාගාර අර්බුදය විසඳනු...!

නේවාසිකාගාර අර්බුදය කැලණියෙ අපට අලුත් දෙයක් නෙමෙයි, නමුත් මෙවර කැලණියෙ නේවාසිකාගාර අර්බුදයට තියෙන්නෙ අලුත් මුහුණුවරක් සෑම අවස්තාවකම ශිෂ්‍ය මර්දනය සඳහා පේ වෙලා ඉන්න අපේ පරිපාලනය නැවතත් වැඩ වරද්දා ගත් තැනක්, මෙවර කැලණි සරසවියේ අපට නේවාසිකාගාර ලබාදෙන්න පරිපාලණය ක්‍රියා කරල තියෙන්නේ කුමන පදනමක ඉදලද කියන එක ප්‍රශ්ණයක්, ඔවුන් කියන විදියට මෙවර නේවාසිකාගාර ලබාදෙන්න පදනම ලෙස තෝරගෙන තියෙන්නෙ වාර්ෂික ආදායම. වාර්ෂික ආදායම රැපියල් 45000 ටඅඩු පවුල් වල දරැවන් සදහා මෙවර නේවාසිකාගාර ලබාදීමට ඔවුන් කටයුතු කරල තිබුණ. නමුත් ප්‍රශ්නය ඒක නෙමෙයි මෙම වර්ග කීරීම තුලින් සරසවියට 100km වඩා දුර ඉන්න  අපේ සහෝදරියො විශාල පිරිසකට නේවාසිකාගාර අහිමි වීම. ඒ කියන්නේ අපේ සහෝදරියෝ තමතමන්ගේ දේශන අවසන් වෙලා ත්‍රිකුණාමලයට,මොණරාගලට ආදී වූ තම නිවෙස් වලට යන්න ඕන කියන එකද කියල අපි විශ්වවිද්‍යාල පරිපාලණයෙන් අහපු වෙලාවෙ ඔවුන් ලග අපේ ප්‍රශ්නෙට විසදුමක් නෑකියල අපිට තේරැනා. එම නිසා අපි 2014/02/26 අපේ අයිතීන් දිනා ගන්න මෙන්න මේවිදිහට වීදි බැස්ස.







No comments:

Post a Comment