![]() |
| UNIVERSITY OF SABARAGAMUWA |
විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට බැණවැදීමේ සිද්ධියක් පාදක කර ගනිමින් සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කළ බව පරිපාලන අංශ ප්‍රකාශ කළ ද එම සිද්ධිය වන අවස්‌ථාවේ කටුනායක ගුවන්තොටුපළේ සිටි සිසුවකු සේම අසනීප වී නිවෙස්‌වල සිටි සිසුන් කිහිපදෙනකුද දඬුවමට ලක්‌වී ඇතැයිද එයින්ම මෙම චෝදනාව මුසාවක් බව ඔප්පුවන්නේ යැයිද එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු පැවසීය.
විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ශිෂ්‍යභාවය මෙලෙස අහෝසි කර ඇතැයිද මෙම ක්‍රියාවලිය ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවක් මත එස්. බී. දිසානායක ඇමතිවරයාගේ උපදෙස් මත සිදුවන්නක් යැයි ද පවසන සිසුහු මීට මාස දෙකකට පමණ පෙර ශිෂ්‍යභාවය අත්හිටුවන ලද සිසුන් සම්බන්ධ විනය පරීක්‍ෂණ පවා ආරම්භ කිරීමටත් පරිපාලන අංශ කටයුතු කර නැතැයිද සඳහන් කරති.
sorce :- iusfsl.org






No comments:
Post a Comment