
Wednesday, February 26, 2014
පාලකයිනි, නේවාසිකාගාර අර්බුදය විසඳනු...!

ගනිව් නැණසිපත් විදන්නට පියාපත්.............

හැමදාම වගේ අලුත් දවසක අරම්බය අරගන එදත් හිරැකුමාරය කැලණි කනදට උඩින් පෑයුව අපට මතකයි එදා 2014/02/17 කැලණි සරසවි කුමරිය තවත් අලුත් සහෝදර සහෝදරියන් පිරිසක් තම පහසට ගන්න බලාගෙන සිටි මොහොතක් වෙනද වගේම මහාශිෂ්‍ය සංගමයේ මගපෙන්වීම ඔස්සෙ කැලණි සරසවියේ ජේෂ්ඨ සහෝදරත්වය ඔවුන්ගෙ දාඩිය කදුලු වගුරවල විශාල වශයෙන් මහන්සි වෙලා අලුත් සහෝදරත්වය පිලිගන්න ලොකු තොරණක් ගැහුව, කැවුම් කිරිබත් දීල නවකයන්ට සංග්‍රහ කරා, සමරැඵලක දීල ඔවුන් පිලිගත්ත මේ එදා ඔවුන් හෙලූ දහඩිය කදුලු වල ප්රතිඵලයි.
Thursday, February 6, 2014
නිදහස් අධ්‍යාපනය රැකීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට පත්‍රිකා බෙදූ රජරට සිසුන්ට පංති තහනම් මැර ප්‍රහාර වලින් ගැලවී ආරක්ෂාව තහවුරු කරගත හැකි නේවාසිකාගාර ඉල්ලූ කැළණි සරසවි සිසුන්ට මහජනතාව පීඩාවට පත් කළා යැයි පවසමින් නඩු කැඳවලාගගග බීමට වතුර උගුරත් අහිමි වීම නිසා අරගල කල රතුපස්වල ජනතාවට හමුදාවෙන් මරණීය දණ්ඩණය එල්ල වුණා
හොස්ටල්ල මහපොළ පාඨමාලා කප්පාදුව වගේ අත්‍යාවශ්‍ය ප්‍රශ්න වලට අපි උත්තර හොයන්න ගියහම හිතාගන්නවත් බැරි මායාකාරී විදිහකට අපිව නීතිය ඉදිරියේ චූදිතයො වෙනව ඇත්තටම ඒක නම් මාරයි කන්‍යාවියක් තරම් පිරිසිදු නීතිය? නීතිය තරම් පිරිසිදු කන්‍යාවිය? ඇත්තටම ඒ දෙක නම් පුදුම සහගත විදිහට සමානයි මොකද නඩුත් බඩුත් හාමුදුරුවන්ගෙ වෙච්ච ධනපති නීතිය සංකේතවත් කරන්න මේ තරම් සුදුසු සංකේතයක් තවත් නෑ ධනය මූලික වූ සහ පදනම වුණු ධනවාදී තරදියේ සමබරතාවයෙන් පිරිසිදු කන්‍යාවියගේ අපක්ෂපාතීත්වයෙන් කිරා මැන බැලෙන නීතියේ සාධාරණත්වය අප වෙත උදා කර දී ඇති වාසනාව කෙතරම් මිහිරිද?කෙතරම් ආශ්චර්යජනකද?
Subscribe to:
Posts (Atom)