නොවිසිදුණු කැලණිය විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර අර්බුදය.. උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය.. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂනයක් පැවැත් විය. . සිසු ජීවිත ආරක්ෂාව තහවුරු කරනු විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමනක් කැලණිය සරසවිය අසලින් ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිටට පැමිනියේය.. ..
bloggerblogger

Sunday, September 4, 2016

කැලණිය විශ්වවිද්‍යාලය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනිම සදහා වු අරගලය

කැලණිය විශ්වවිද්‍යාලය තුල ශිෂයයින්ට මෙන්ම ආචාර්යවරුන්ටද ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනිම සදහා වු අරගලයක් දියත් කළ යුතුව ඇත. කිසිදු කෙනෙකුට තමන්ගේ මතයක් ඉදිරිපත් කිරීමට තිබෙන අවකාශය අති්‍යයයෙන්ම සීමා සහිතය. විශ්වවිද්‍යාල පරිපාලනය තමන්ගේ හිතුමනාපයට ආණ්ඩුවේ අවශ්‍යතා සදහාකටයුතු කරමින් තිබේ. ඒ අනුව පසුගිය කාලයේ ශිෂ්‍යයින් මර්දනය කිරීම සදහා ගෙන ගිය ව්‍යාපෘතිය දෙස බැලූ විට එය තේරුම් ගත හැකිය. එක් අවස්ථාවකදී ශිෂ්‍යයින් නවක වදය ලබාද්න බව කියමින් මර්දනය ගෙන ආ අතර තවත් අවස්ථාවක රැුස්විමක් පැවැත්වු නිසා මර්දනය ගෙන ආවේය. නමුත් මෙම මර්දනීය වැඩ පිළිවෙළට කිසිම මොහොතක අවම සාධාචාරාත්මක භාවයෙන් පැවතියේ නැත. එය නිදන් ගත රෝගයක් මෙන් ඉදිරියට පැන ශිෂ්‍යයින්ගේ ජිවිතවලට බලපෑම් කරන්නට විය. ශිෂ්‍යයින්ගේ සාධාරණ ඉල්ලිම් නොතකා හරිමින් ඒ සදහා පිළිතුර තිබෙන්නේ මර්දනය තුල පමණක් බව සිතන පාලකයන්ට ශිෂ්‍යයින් පිළිතුරු ලබා දී තිබේ. දැන ්නැවත වටයකින් අරගලය ආරම්භ කළ යුතුව ඇත. එය ශිෂ්‍යයින්ගේ අරගලයක් පමණක් නොව එය ආචාර්යවරුනගේ, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අරගලයක් බවට පත්විය යුතුය.
ආචාර්ය වරුන්ගේ නිදහස ආරක්ෂා කරිම සදහාත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඉල්ලිම් දිනා ගැනිම සදහා ශිෂ්‍යයින් සටන් වැදිය යුතුය. ඒ සදහා එකා බද්ධ ක‍්‍රියාවලියක් නිර්මාණය කර ගැනිම ශිෂය ව්‍යාපාරය ලෙස අද දවසේ කාර්ය භාරය වි තිබේ.

Thursday, October 1, 2015

බිහිදොර අබියස 2015 ප‍්‍රසංගයේ සමාරම්භක උළෙල


බිහිදොර අබියස 2015 ප‍්‍රසංගයේ සමාරම්භක උළෙල 


බිහිදොර අබියස 2015 ප‍්‍රසංගයේ සමාරම්භක උළෙල 2015/10/30 දින විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්විනි. කලාව හුදු ස්වකීය ආර්ථික අවශ්‍යතාවන් වෙනුවෙන් භාවිතා වන යුගයක සමාජ සුභසිද්ධිය උදෙසා අරගලයේ ප‍්‍රසංගය ආරම්භය එලෙස අරම්භ විය. කිරිබත්ගොඩ නගරයේ සිට සංස්කෘතික පාගමනින් කැලණි සරසවිය බලා පැමිණි පෙරහැර අවසන කලා උළෙලෙහි සමාරම්භය සනිටුහන් කෙරිණි. අනතුරුව කලා සංගමයේ සබාපති වෙත කලා උළෙලෙහි අරම්භය සම්බන්ධ සන්නස් පත‍්‍රය ලබා දීමෙන් පසු ගීත හා නර්ථන අංග වලින් කලා උළෙල අලංකාරවත් විය. මේ අවස්ථාවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම් කරු ලහිරු වීරසේකර සහොදරයා මහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ලියනගේ අමරකීර්ති සහෝදරයාද එකතු විය. ඔවුන් දෙපලගේ කලාව සම්බන්ධ සංවාදාත්මක දේශන ඒ අතරතුර අංගයක් විය. මේ අවස්ථාව නියෝජනයට කැලණි සරසවි විද්‍යාර්ථීන් අරගල භූමියට එක්කාසු විය.






Thursday, June 4, 2015

කලාව සමාජය වෙනුවෙනි. කලාව වෙනුවෙන් කළ තවත් අරගලයකි මංජුසාව 2015

නැවුම් ලොවකට නවමු අරුණලු සොයා මංජුසාව 2015 බොහෝ බාධක මධ්‍යයේ වුව උත්කර්ෂයට නැංවීමු. කලාවට අද වන විට අත්ව ඇති ඉරණමෙහි තතු මෙවර මංජුසාවේදී තවත් තීව‍්‍ර ලෙස දක්නට ලැබිණි. කලා කරුවන් ලෙස සමාජය දකින පුද්ගලයන් විසින්ම විවිධ හේතු ඉදිරිපත් කරමින් ලාංකේය කලා කෙත අස්වැද්දීමට ගත් උත්සහයේදී සහය දැක්වීම පසෙකලා එය වර්ජනය කිරීමට තරම් සැහැසි විය. එහෙත් අතලොස්සක් තරම් වූ කලාවෙන් පෝෂිත කලාවට ආදරය කරන කලාකරුවන් අපට බොහෝ පරිශ‍්‍රමයක් දරා වුවද සොයාගැනීමට හැකි විය. ඔව්නද කොන්දේසි විරහිතව අපත් සම`ග අප විසින් කලාවේ උන්නතිය වෙනුවෙන් කළ මේ අරගලයට නොමසුරුව දායකත්වය ලබා දුන්හ. ඔව්නට ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ උත්තමාචාරය

Sunday, May 31, 2015

අපි කිසිවකුගේ වහලූන් නොවන්නෙමු. සුවච කීකරු ගෝලයන්ද නොවන්නෙමු.




වර්තමානයේ පවතින දේශපාලන ආර්ථිකයට අනුව ලංකාවේ ධනේෂ්වර ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වේ. රජය යනු හුදෙක් එම ධනේෂ්වර ආර්ථිකය හිමිකාරත්වය දරන්නන්ගේ ලාභ උපයමින් ප‍්‍රාග්ධනය ගොඩගසා අධි සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීමේ අවශ්‍යතාව ආරක්ෂා කරන්නකි. රජයේ සියලූම ප‍්‍රතිපත්ති සකසා ඇත්තේ මේ අරමුණ සාක්ෂාත් වන පරිදි පමණක්ම වන අතර දුක් විඳින ජනතාව ඔවුන්ගේ සුවච කීකරු සේවකයින් පමණි. ඔවුන්ට අවැසි ආර්ථිකය පවත්වාගෙන යාමට කම්කරුවන් නිර්මාණය නැතහොත් වහලූන් ස්වයං විනයකින් යුතුව ආර්ථිකයට එක`ගකොට තබා ගැනීමට රජය නොහොත් පවතින දේශපාලන ක‍්‍රමවේදය යොදා ගනී. රාජ්‍ය නායකයින් සියල්ල ධනපතියන්ගේ ඒජන්තයක් පමණක්ම වේ. ඇතැම් විටක් සෑහෙන දුරට ධනපති ස්වාමියෙක්ද විය හැක. මේ ආර්ථික ක‍්‍රමයට වහලකු සේ වැඩ කරන කම්කරු පන්තියක් අවශ්‍ය වේ. එය නිර්මාණය කරගැනීමට පවතින ධනේෂ්වර අධ්‍යාපන ක‍්‍රමවේදයත් වැඩ කිරීමට ශක්තිය අවම වන විට මරණය ගෙන එන අවම මට්ටමේ සෞඛ්‍ය පහසුකම් මෙන්ම ආර්ථිකයේ පීඩනය වෙනතකට යොමුකිරීමට ධනේෂ්වර මාධ්‍ය විවිධ ෆැන්ටසිගත කලා නිර්මාණයන් යොදා ගනී. මේ අන්දමට මෙම ආර්ථික ක‍්‍රමයේ පීඩිත පන්තියේ සාමාජිකයකු ලෙස අප අත්විඳින ජීවිතයේ සියල්ල දැක්විය හැක. එකී කම්කරුවන් ශික්ෂනය නම්‍යශීලීත්වය යටහත් පහත් භාවය පවත්වාගැනීමට සූක්ෂම අන්දමින් එම පන්තියේම සමාජිකයින් යොදවාගෙන ඇත. මේ අනුව ගත් විට ගොවියා, ධීවරයා, ආචාර්යවරයා, ගුරුවරයා, වෛද්‍යවරයා, කලාකරුවා, සමාජ විද්‍යාඥයා, ආරක්ෂක අංශයේ සේවකයා ආදී සිටින සියලූම වෘත්තිකයින් මෙන්ම විවිධ මතවාද දරන්නන් ආගමික නායකයන් යන සියල්ල මේ ආර්ථිකය කරගසාගෙන යන්නන් පමණක්ම වේ. කම්කරුවාගේ ජීවිතය ශූන්‍ය තත්ත්වයේ පවතී. ඔහු ජීවත්ව සිටින්නෙක්ද මල අයෙක්ද යන්නවත් හ`දුනනු නොලබයි. ඒ තරමින් කම්කරුවාට ජීවිතය අහිමිව ඇත. අසීමිතව වැඩ කරමින් දිවි ගැටගසාගැනීමත් පවුල නඩත්තු කිරීමත් හැර අන් දිවියක් හේ නොදනී. එය ඉහත දැක්වූ සියලූම අන්දමේ මිනිසුන්ට අදාළය.


එවන් තත්ත්වයක අප සමාජයක් ලෙස මුහුණ පෑ හැකි දරුණුතම ඛේදවාචකය නම් අධ්‍යාපනයේ නිදහස අහිමි වී යන්තමින් හෝ සැබෑ යමක් පිළිබඳ සංවාදයක් ගොඩ න`ගා ගැනීමට ඇති අධ්‍යාපන අයිතිය සමාජයට අහිමි වීමය. එම`ගින් නැවතත් අධ්‍යාපයේ පූර්ණ හිමිකාරත්වයත් දැනුමේ අයිතියත් ධනපතියන් අත්පත් කරගනු ඇත. ඉන් සිදුවන්නේ ධනපතියෝ යැයි සිතා සිටින මධ්‍යම පාන්තික ජන කොටස් තම පිච්චිය සියල්ල වියදම් කොට මිනිස් ජීවිතයක අරුත නොදැන ඔවුන් විසින් අන්ත පිඩාවට පත් ජනතාව ධනේෂ්වරයට අවැසි පරිදි හසුරුවා දීම තම රැුකියාව කර ගැනීමයි. අප අවධාරණය කොට ගත යුත්තේ අපට ජීවිතය අහිමි වී ඇත්තේ කවර අන්දමින්ද යන්නයි. එවිට මෙම අර්බුදය මනාව පසක් වනු ඇතැයි අපේක්ෂිතය.